Breaking News

Sunday, December 8, 2013

රටට එරෙහිව පාදිල කොටි නැටුම්

රටත් රණවිරුවනුත් මානවහිමිකම් උගුලේ සිරකරවීම සදහා රටට එරෙහි ජාත්‍යන්තර හා අභ්‍යන්තර නිර්ලැජ්ජිත බලවේග දැවැන්ත හා සංවිධානාත්මක ආකාරයෙන් සෑම තප්පරයක් පාසාම ක්‍රියාත්මක වන මොහොතක 1505  ‍කඩා පාත් වුණු දා පටන් මෙරටට කිසිදු හොදක් නොකල කිතුණු පාදිලි නඩයද යළිත් වරක් රටට එරෙහිව ජාත්‍යන්තරය බිදවීම සදහා සක්‍රීය වී තිබේ.

ශ්‍රී ලංකා විරෝධි කොටි ඩයස්පෝරාවට නායකත්වය දෙන ලන්ඩනයේ එම්මානුවෙල් පූජකයාගේ න්‍යායපත්‍රය මත කටයුතු කරන මෙරට කිතුණු පූජකයන්ගේ භූමිකාව දැන් හෙළිදරව් වී තිබේ. ද්‍රවිඩ ඊළමේ න්‍යායපත්‍රය ක්‍රියාවට නැංවීමේ මෙරට ප්‍රධානීන් දෙදෙනා ලෙස කටයුතු කරන්නේ කතෝලික සභාවේ මන්නාරම හා යාපන රදගුරු ධුරය දරන රායප්පු ජෝෂප් හා තෝමස් සවුන්ද්‍රනායගම් පූජකයින් දෙදෙනාය. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සමගාමීව රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කතෝලික පූජකයින් විසින් යුධ හමුදාවට ‍එරෙහිව සාපරාධී චෝදනා ගොනු කරමින් වතිකානුවට හා බිෂොප්වරුන්ට ලිපි යවා ඇති බවත් ඊට මූලික වී ඇත්තේ යාපන රදගුරු නිවසේ සිටින මණ්ඩලරාජා නැමති පූජකයා බව රාජ්‍ය බුද්ධි අංශ හෙළිදරව් කර තිබේ. පුනරීන් හී සිදු වූ ස්ත්‍රී දූෂනයක සැක කරුවෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබියදීම් එම අපරාධය හමුදාව මත පටවා එම ලිපියෙන් චෝදනා කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසේ. මන්නාරම රදගුරුවරයා ඇතුළු ‍කතෝලික පූජකයන් 31 දෙනෙකු පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සංවිධානය හා ජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රී ලංකා විරෝධී ලිපි යවා තිබුනේද මොහුගේ මූලිකත්වයෙනි. 

මන්නාරම රදගුරු රායප්පු ජෝශප් යටතේ ක්‍රියාත්මක යාපනය දිස්ත්‍රික් තරුණ කතෝලික කමිටුවේ ක්‍රියාකාරකම් පශ්චාත් යුධ සමය තුළ රටේ සාමය ගොඩනැගීම හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය කෙරෙහි සෘණාත්මකව බලපා ඇතැයි ද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මේ අතර පුනුරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් එක්රැස්කර රජයට විරුද්ධ ප්‍රකාශ ලබාගත් ත්‍රිකුණාමලයේ යෝගේෂ්වරන් නම් වූ පූජකයකු ගැනද තොරතුරු වාර්ථා වේ. මොහු මෙම කටයුතු මෙහෙයවා තිබෙන්නේ ත්‍රිකුණාමලය ඇතුල්පාරේ පිහිටි ජේසු ඉට්ස් නැමති රාජ්‍ය නොවන සංවිධානයක සිටය. ලංකාවට පැමිණි නවනීතන් පිල්ලේ ද ආරක්ෂක අංශවලට ද බාධා පමුණුවමින් හොර රහසේ සාකච්ඡා පැවැත්වූයේ මේ පූජකයා සමගය. ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක ආධාර උපකාර මත මොහු පුනුරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් යළිත් සංවිධානගත කිරීමේ නිරත වී ඇත.

රජය මගින් පුනුරුත්තාපනය කෙරුණු කොටි ත්‍රස්තයින් සමාජගත කිරීමට කටයුතු කළත් ඔවුන් අතර තවමත් කොටි මතවාද වලට අනුව ආකල්ප වෙනස් කළ හැකි පුද්ගලයන් ඕනෑ තරම් සටී. ඔවුන්ට නායකත්වය ලැබුණොත් යළි ඊළාම් අරගලවල වුව ප්‍රවිෂ්ඨ විය හැකිය. මෙම පූජකයන් යළි උත්සහා කරන්නේ එවන් අරමුණක් සදහා පුද්ගලයන් එක්රැස් කිරීමට බව පැහැදිළිය.

කොටි සන්නද්ධ ත්‍රස්තවාදය අවසන් වූවාට අළුයට ගිනි මෙන් ඊළාම් මතවාද හැමතැනම වපුරන්නට  ද්‍රවිඩ සන්ධානයත්, ජාත්‍යන්තර බලවේගත්, එන් ජී ඕ ඩොලර් පිශාචයිනුත් දැඩි උත්සාහයක නිරත වී ඇති පසුබිමක කතෝලික පූජකවරුන්ගේ මැදිහත්වීම මත උතුරු හා නැගෙනහිර ප්‍රදේශ තුළ සිදුවන ක්‍රියාකාරකම් හා උසිගැන්වීම් මත රටේ ස්වෛරීභාවයට බරපතල තර්ජනයක් එල්ල වී තිබේන පසුබිමක රායප්පු ජෝශප් ප්‍රමුඛ පූජක කල්ලිය ඊළාම් යුධ ඉතිහාසය පුරාම කොටි බෙදුම්වාදය පෝෂණය කිරීම වෙනුවෙන් එළිපිට කටයුතු කරමින් රට ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කරත් දී ලංකා කතෝලික සභාව අනුගමනය කරන්නේ මුඛපූට්ටු ප්‍රතිපත්තියකි.

ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පසුගිය රාජ්‍යනායක සමුළුව අවස්ථාවේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. බට කැලේට ගිනි තබා ගින්න නිවීමට මූත්‍රා කිරීමකට වඩා වැඩි දෙයක් එම ප්‍රකාශයේ නැති බව සදහන් කළ යුතුය. ලංකා කතෝලික සභාව යනු වඩාත් සංවිධිත සාමූහික ආයතනය බව පල්ලියේ මාධ්‍ය ඔස්තාර්ලා නිතර දෙවේලේ වදාරති. සිංහල බෞද්ධ පැවිදි නායකත්වයට පහර දීම සදහාද මෙම පම්පොරිය යොදාගන්නා බව අපි පසුගිය සමයේ දුටුවෙමු. එය ‍එසේනම් කතෝලික සභාවේ ප්‍රධාන තනතුරු වන ආච් බිෂොප් තනතුර දරන රායප්පු ජෝෂප් ඇතුළු පූජකයන් හෙළුවැල්ලෙන් ත්‍රස්තවාදයට කඩේ යමින් රට විකුණත්දී  ඊට එරෙහිව කටයුතු නොකර දෙපිටකාට්ටු පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි කතෝලික සභාවේ මහ පුටුවෙන් අපි ප්‍රශ්න කළ යුත වේ.

කොටි ත්‍රස්තවාදය ඉදිරියේ පල්ලියේ නග්නත්වයත් දේපිටකාට්ටු පිළිවෙතත් සමග ඊළමේ යටි අරමුණ කුමක්දැයි පශ්චාත් යුධ සමයේ හින්දු කෝවිල් පරයමින් උතුරුකරය පුරා අස්සක් මුල්ලක් නෑර ඉදිවුනු කිතුණු සුරුවම් දැකීමෙන් වටහා ගත හැකිවේ. කතෝලික ක්‍රිස්තියානි පූජකවරුන් කොටි බෙදුම්වාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටින්නේ ඇයි? ශ්‍රී ලංකාව බටහිර හා පෙරදිග ලෝකය යාකරන වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම යුධ හා ආර්ථික මර්මස්ථානයකි. බටහිර ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදී බලවේගයේ මුඛ්‍ය අරමුණ වන්නේ සිංහල දේශය බෙදා වෙන්කර උතුරුකරයේ බටහිර ගැති වෙනම ක්‍රිස්තියානි රාජ්‍යයක් ගොඩ නගා ගනිමින් දකුණු ආසියා කරයෙත් පෙරදිගත් උපක්‍රමික බලය සියතට ගැනීමය. (ඊට අමතරව ‍ථෙරවාදී බුදු සමයේ මධ්‍යස්ථානය වූ සිංහල දේශයේ සංස්කෘතික පදනම විනාශ කර මෙරට දේවරාජ්‍යයක් කරවීමේ කූට සැලසුම ද මේ පිටුපස ක්‍රියාත්මක වන බව අපි සිහිතබා ගත යුතුය) සුද්දන් මේ සදහා සැලසුම් සකස් කළේ අදක ඊයෙක නොවේ. ක්‍රිස්තියානි පූජකයන්ගේ මූලිකත්වයෙන් ව්‍යාජ ඉතිහාස කතා හරහා ගොඩ  නගන ලද දමිළ නිජබිම මිත්‍යාවත් ඊළාම් සංකල්පයත්  බිහි කළේත් ඒ වෙනුවෙනි. සුද්දන් විසින් රෝපණය කෙරූ ඊළාම් විෂබීජය ක්‍රිස්තියානිය වැලදගත් යාපනේ ද්‍රවිඩ වෙල්ලාල ප්‍රභූ පැලැන්තිය හා කිතුණු පූජකයන් හරහා දේශපාලනිකවත් හීන කුළයේ පීඩිත තරුණ දමිළයන් අතරින් සන්නද්ධ අරගලයක් ලෙසත් ශ්‍රී ලාංකිය සමාජය පිට මුදා හරින ලදි. කොටින් අතින් ඝාතනය වූවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා හින්දූ කුරුක්කල් තුමන්ලා මිස ක්‍රිස්තියානි පූජකයන් නොවූ බව අපි හොදන් මතක තබා ගත යුතුය. එබැවින් කොටි සන්නද්ධ අරගලය දමිළ ක්‍රිස්තියානීන්ගේ මිස ද්‍රවිඩ හින්දූන්ගේ එක්ක නොවන බව අප තේරුම් ගත යුතුය. කොටි සංවිධානය යනු කතෝලික පල්ලියේ සන්නද්ධ අංශය බව ප්‍රකට ඉන්දීය යුධ විශ්ලේෂකයෙකු ප්‍රකාශ කළේ නිකම්ම නොවේ... ඊළම් සිහිනය වැනසූ ආරක්ෂක හමුදාව හා සේනාධිනායකයින් ජාත්‍යන්තරයේ මානවහිමිකම් තොන්ඩුවේ හිරකිරීමට බටහිර ක්‍රිස්තියානි බලවේගය දත කන්නේ තමන්ගේ බොද වුණු ක්‍රිස්තියානි ඊළාම් රාජ්‍යයේ වාඩුව ගැනීමට බවද අපි වටහාගත යුතු වෙමු.

කිතුණු පූජකයන් විසින් රට තුළ ව්‍යාකූල තත්වයක් ගොඩ නගත් දී ආරක්ෂක ලේකම් තුමා පාප් තුමාගේ ලංකා චාරිකාවට ආරාධනා කිරීමට වතිකානුවේ සංචාරයක යෙදීම ද කතා බහට ලක් වී තිබේ. පාප් තුමන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ ක්‍රිස්තියානිකරණ ව්‍යාපෘතිය දිරිගැන්වීම සදහාත් එහි ප්‍රගතිය සොයා බැලීමටත් මිස අපට ඇති මහා කරුණාව නිසා නොවේ. එය කෙසේ වෙතත් ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තරය හමුවේ අසීරු තත්වයකට මුහුණ දී ඇති පසුබිමක් තුල පාප් වරයාගේ ලංකාගමනය උපක්‍රමිකව ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස යොදා ගැනීමට රජය කටයුතු කරන බව පැහැදිලි වේ. (වතිකානුව යනු ලෝකය පාලනය කරන බලගතුම සංවිධානය යි) ඩෙස්මන් ටූටූ, ඇතුළු බටහිර පාදිලි නඩයත්,රායප්පු ප්‍රමුඛ ලංකාවේ කොටි බැලයනුත් බොරු කේලාම් කියමින් රටේ කීර්ති නාමය වනසා ඇති ‍තත්වයක් තුළ රටේ නියම තත්තවය වතිකානුව හරහා ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට බලධාරීන් උත්සහා කරනවා විය හැකිය.

the sword/2013.11.24
Read more ...

Saturday, December 7, 2013

ආශ්චර්යය අත ළගයි - මුස්ලිම් අන්තවාදීන් බිහි කරන විශ්ව විද්‍යාලයක් ලංකාවේ අරඹන වගයි.

අහිංසක සිංහල බෞද්ධයාගේ බහුතර කැමැත්තෙන් එදා මෙදා තුර බලයට පත් වූ හෑම පාලකයෙක්ම  බලය ලබාගත් පසුව සුපුරුදු පරිද තම සිංහල බෞද්ධ ඇදිවත උනා තබා රටට නොගැළපෙන දහදුරා දුරාචාරයන් රට පුරා වපුරවමින් සිංහල බෞද්ධ සංස්කෘතිය, සදාචාරය මිනී වලට දැක්කවීමට කටයුතු කෙරූ අමිහිර ඉතිහාසයක් මෙන්ම වර්ථමානයක් ද අපට හිමිය. එක්තරා යුගයක "ඉතිහාසය හා සංස්කෘතිය කන්ඩදැයි" ඇසූ, මේ රටේ ඉතිහාසයේ සංස්කෘතියේ අගය නොදත් තම්බි මුහන්දිරම්ලාගෙනුත්, සුද්දන්ගේ අධෝභාගයෙන් බිහි වූ කලු සුද්දන්ගෙනුත් පැවත ආ තකතීරු පාලකයන්ගේ අමනකම් වලිනුත් බැට කෑ ජනයා සිංහලකම බෞද්ධකම හදුනන ජනසම්මත පාලනයක් අපේක්ෂාවෙන් වත්මන් පාලකයින් බලයේ ඔසවා තැබූහ. දවසින් දවස වැළලී යන ජාතියේ සසුනේ උරුමය යළිත් නගා සිටුවාවියැයි මේ රටේ බෞද්ධයින් ඔවුන් කෙරෙහි අපේක්ෂා තැබූහ. එහෙත් එම අපේක්ෂාවන් වික්ෂිප්ත කරමින් වත්මන් පාලකකාරකාදීන්ද  හෙට අනිද්දාම පෙන්වනවා යැයි කියන ආශ්චර්යයක මැජික් දර්ශන පෙන්වමින් ඒ උදෙසා මේ රටේ සංස්කෘතිය, සදාචාරය බලු බල්ලන්ට යවමින් රටට අනවශ්‍ය කැසිනෝ දුරාචාරයන් රට තුළට වැද්ද ගැනීමට සැරසෙති.

සිංහල බෞද්ධ උරුමය රැක ගැනීම කෙසේ වෙතත් මේ රටේ සිංහල බෞද්ධයන්ට දුරාචාය නම් වූ කරුමය උරුම වන බව පෙනෙන්නට තිබෙන පසුබිමක ඇස් කන් ඇරගන බලා ඉන්නා ආශ්චර්යය කෙසේ වෙතත් මේ රට පුරා ව්‍යාප්තවෙමින් හිස ඔසවන අරාබි මුස්ලිම් අන්තවාදීන් නම් ඔවුගේ ක්‍රමයට ආශ්චාර්යය ළගා කර ගනිමින් සිටී. ඒ දිනෙන් දින මේ රටේ උරුමකරුවන් වූවත්, මුග්ධ පාලකයන්ගේ පිහිටෙන් කරුමයම උරුම කරගත් සිංහල බෞද්ධ ජනතාවගේ දරුවන්ගේ අනාගතයද වල පල්ලට දක්කවමිනි.

පසුගිය ජූනි 11 මේ රට මුස්ලිම්කරණය කරවීම වෙනුවෙන් පැහැදිළි වැඩ සැලැස්මක් අනුව කටයුතු කරන මුස්ලිම් අන්තවාදී ජිහාඩයට එක් සුවිශේෂී දිනයක් වූවා මෙන්ම සිංහලයන් වශයෙන් අපි තවමත් අවබෝධ කර නොගත්තත් ඒ දිනය සිංහල ජාතියේත් ශ්‍රී ලංකා මාතෘ භූමියේත් අනාගත දිශාව තීරණය කරන එක්තරා තීරණාත්මක දිනයක් විය හැකිය.

ඉකුත් ජූනි11 වනදා පෙරවරුවේ මඩකලපුව, කාත්තන්කුඩිය හිස්බුල්ලා මණ්ඩපයේදී ගිවිසුම් අත්සන් කරන්නට යෙදුනේ සෞදි අරාබියේ පූර්ණ දායකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනගන "Malik Abdullah University Collage" ලෙස නම් කර තිබූ නව විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම සදහායි. මෙම අවස්ථාවට සෞදි අරාබි රජයේ ප්‍රධාන ෂරීයා නීති උපදේකයා මෙන්ම ඉහළ පෙලේ මුස්ලිම් දේශපාලකයන් ද සහභාගී වී තිබිණි. නැගෙනහිර පළාත සදහා ඔලුවිල්හි අග්නිදිග විශ්ව විද්‍යාලය පිහිටුවා තිබියදී ඊට පිටින් මේ නව විශ්වවිද්‍යාලය බිහි වන්නේ වසරකට 1500 බැගින් දස වසරකදී "උලමා පූජකයන්" හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහලොස්දාහක් බිහි කිරීම අරමුණු කර ගනිමින්ය.

රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන එකම විශ්ව විද්‍යාලයක්වත් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයාගේ හෝ මේ රටේ යථිවරයකුගේ හෝ නමින් නම් කර නැත. බෞද්ධ භික්ෂු අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ පසුව ජපුර සහ කැළණිය විශ්වවිද්‍යාල නමින් රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් කරගත් විද්‍යයෝදය, විද්‍යාලංකාරය වැනි මහා පිරිවෙන් පවා හැදින් වූයේ ඒවායේ නිර්මාතෘවරුන්ගේ නම් වලීන් නොවේ. (ලාංකීය භික්ෂු අධ්‍යපනයේ හදවත වූ විද්‍යයෝදය හා විද්‍යාලංකාර මහා පිරිවෙන් ජාතික විශ්වවිද්‍යාලය පද්ධතියට එකතු කරමින් පරිපූර්ණ භික්ෂුවක් බිහිකිරීම උදෙසාම ක්‍රියාත්මක වූ පිරිවෙන් මූලික කරගත් අසහාය භික්ෂු අධ්‍යාපන ක්‍රමය විනාශකර දැමීමේ ඓතිහාසික කුමන්ත්‍රණය ගැන අපි වෙනමම කතා කළ යුතුය) නමුත් අදටත් සිංහල මුස්ලිම් දමිළ ඇතුළු සියළුම දෙනාට ජාති ආගම් භේදයකින් තොරව ඒවායේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබී තිබේ. එසේ නම් ලංකා රජයේද අනුග්‍රහයෙන් බිහිවන මේ නව විශ්වවිද්‍යාලය සදහා සෞදි අරාබියේ රජු වන අබ්දුල්ලාගේ නම තැබෙන්නේ ඇයිදැයි සිතා බැලිය යුතුය.

ඉස්ලාම් දේවධර්මාචාර්ය වරුන් බිහිවීම අපට ප්‍රශ්නයක් නොවේ. ඉස්ලාමීය දේවධර්මාචාර්ය වරුන් කී දාහක් බිහි වූවත් ඔවුන් මේ රටේ ඉන්නවානම් අනිවාර්යෙන්ම මේ රටේ නිවැරදි ඉතිහාසය, සංස්කෘතිය කුමක්දැයි ඉගෙනගත යුතුය. ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගනිමින් ඊට අනුව මුස්ලිම් සමාජයද හැඩගැස්විය යුතුය. නමුත් ගැටළුව වන්නේ එය එසේ නොවීමයි. මේ ඇරඹෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදයේ තිඹිරිගෙය වූ සෞදි අරාබියාවෙන් හමන අතිශය භයානක වූ අරාබි ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය අනුගමනය කරන පූජක පැලැන්තියක්ම නිර්මාණය කරමින් මේ රට ඉස්ලාමීය අන්තවාදයට යටත් කිරීමේ සැළසුමේ තීරණාත්මක තවත් පරිච්ඡේදයක් බව අපි තව තවත් සාවධානව විමසා බැලිය යුතුය.

1980 "සියා උල් හක්" ජනපති යුගය පාකිස්ථානයට ද තීරනාත්මක කාල පරිච්ඡේදයකි. ඒ අරාබි මුස්ලිම් අන්තවාදීන්ට රිසි සේ කටයුතු කළ හැකි සියළුම මග විවර කරමින් පාකිස්ථානය මුස්ලිම් අන්තවාදයේ ගොදුරුබිමක් වීමට ඉඩකඩ සැලසුණු යුගයයි. ඒ අනුව අරාබියෙන් පැමිණි ආගමික පූජක ගුරුවරයන් හෙවත් මුල්ලාහ්වරුන්ගේ මූලිකත්වයෙන් ඇති කළ "මද්රසා" පාසල් ක්‍රමයෙන් ලබා දුන් මූලධර්මවාදී අන්තවාදී අධ්‍යපනය හරහා අවසානයේ බිහි වූයේ එකිනෙකා මරාගෙන මැරෙන අන්‍යාගමිකයන්ගේ ලේ දැකීමේ ආශාවෙන් පෙළෙන තලේබාන්, අල්කයිදා, තව්හිද් ජමාත් වැනි බිහිසුණු ගනයේ අන්තවාදී කල්ලි කණ්ඩායම්ය.

මෙම භයානක තත්වය හොදින් තේරුම්ගත් ජනරාල් ෆර්වෙස් මුෂ්රාෆ්  1999 දී බලයට පත් වූ පසු මුළින්ම කළේ පාකිස්ථානය පුරා පැතිරී තිබුණු මද්රසා පාසල් විසිදහසක් ක්ෂණිකව වසා දැමීමට කටයුතු කිරීමයි. එනිසා පාකිස්ථානය පුරා ඔඩු දුවමින් පැවති බිහිසුණු මුස්ලිම් අන්තවාදය ඒ නිසා යම් ප්‍රමාණයකට පාලනය කළ හැකි විය. මේ අරාබි මුල්ලාහ්වරුන් ප්‍රවර්ධනය කළ පාකිස්ථානු මුස්ලිම් අන්තවාදයේ ආසන්නතම ගොදුරයි.

"ගෑණුන්ට පාසල් එපා – පාකිස්ථානයේ ඝාතන
 

කාන්තාවන් පාසල් නොයැවිය යුතු බවත්, ඔවුන් අධ්‍යාපනය ලැබීමට සුදුස නැති බවත් පවසමින් පාකිස්තානයේ පාසල් බස් රියකට පසුගියදා බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය. මෙහිදී සිසුවියන් හා ගුරුවරියන් 14ක් මරුමුවට පත්වූ බව වාර්තාවේ. 2013.06.17

මද්රසා තුළ සෘජු ලෙසම ඉගැන්වෙන්නේ කුරාණයෙ දැක්වෙන මූලධර්මවාදී සංකල්පයන් වන අතර ඒ තුළින් බිහිවන්නේ ඉස්ලාම් අන්තවාදය හා යුධකාමීත්වය තුළින් බාහිර සමාජය තලා පෙළන ත්‍රස්තවාදීන්ය. ඇතැම් මද්රසාවන් නම් දරා ඇත්තේ ඉස්ලාමයේ ඇති යුධකාමීත්වය ප්‍රවර්ධනය කරන්නටමය. ඒවායේ මුසල්මානු සිසුන්ව පුහුණු කෙරෙන්නේ ඉස්ලාමය නොඅදහන්නන් හා සටන් කරන්නටත්, බටහිර හා තමන් ජීවත්වන භූමියේ බහුතරයගේ සාමාජීය මානසිකත්වයට එරෙහිව ක්‍රියා කරන්නටත්ය. මද්රසාවන් ගණනාවක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම යොමු වන්නේ ප්‍රචණ්ඩත්වය ඉගැන්වීම කෙරෙහි වන බවය.

නමුත් මුස්ලිම් රාජ්‍යයක් වූ පාකිස්ථානය පවා බරපතලකම හැදිනගෙන තහනම් කර දැමූ මද්රසා පාසල් ක්‍රමය මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක කර තිබෙන්නේ අනාගත ලංකා මුස්ලිම් රාජ්‍යයට අවශ්‍ය ත්‍රස්තවාදීන් බිහිකරමිනි. කළින් මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය සදහා පල්ලිය තුළ ක්‍රියාත්මක වූ මේ මද්රසාවන් අද පල්ලියෙන් පරිබාහිරව සාම්ප්‍රධායික මුස්ලිම් ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක් පාසා හතු පිපෙන්නාත් මෙන් දවසින් දවස ගොඩනගමින් පවතින්නේ අරාබියෙන් පැමිණ මෙහි පැළපදියම් වී විවිධ රාජ්‍යනොවන ඉස්ලාමීය සංවිධාන වල සෘජු මූල්‍ය දායකත්වයෙනි. අරාබියෙන් හා පාකිස්ථානයෙන් පැමිණි පූජකයන් මේවා මෙහෙයවන බව රහසක් නොවේ. එමෙන්ම මෙම මද්රසා පාසල් ක්‍රමය තුළ ගුරුවරුන් ලෙස ක්‍රියාකරන්නේ ඉහත කී උලමා පූජකයන් වීමත් නිසාම අරාබියේ ආධාර ඇතිව උලමාරුන් දහස් ගණනක් මේ රටේ බිහි කරන්නට උත්සහා කරන්නේ කුමක් සදහාදැයි දැන් අපට වැටහී ය යුතුය. එදා මූලධර්මවාදී අරාබි මුල්ලාහ් පූජකයින් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, බංග්ලාදේශයේ රග දැක්වූ නාඩගම කිසිදු බාධාවකින් තොරව පාලකයන්ද ගොනාට අන්දවාගෙන අපේ මාතෘ භූමිය තුළද ඔවුන්ට රිසි සේ ක්‍රියාත්මක කරත් දී  ඒ පිළිබදව යන්තමින් හෝ සොයා බැලීමටවත් මේ රටේ අමන දේශපාලකයන් මෙතෙක් කටයුතු කර නැත. ඒ වෙනුවට තම බඩගොස්තරය ගැනම හිතන රටේ ජාතියේ අනාගතය ගැන අංශුමාත්‍රයක හැගීමක් නැති පව්කාර දේශපාලක කදපනුවන් කරන්නේ තමන්ගේ ඡන්ද ගොඩ රැකගැනීම වෙනුවෙන් මේ මුස්ල්මානු අන්තවාදයට එරෙහිව හඩ නග බෞද්ධ බලවේගයන් හප කිරීමයි.

ගමේ ‍ගොඩේ ව්‍යවහාරය අනුවනම් "උලමෙකු හැඩීමෙන් ගමක්ම පාලුවේ, ‍එසේනම් අනාගතයේ දී උලමුන් දහස් ගණනක් රට පුරා සිය අන්තවාදී හඩතැලීමෙන් ගමක් නොව මුළු මහත් රටක්ම වැනසී නොයනු ඇතිද?" අහෝ ! අපේ දරුවන්ගේ අනාගතය.

සටහන - TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.06.17
Read more ...

Thursday, December 5, 2013

රට වනසන අධ්‍යාපනය වෙනස් කොට රට ගොඩනගන අධ්‍යාපනයක් වෙනුවෙන් සටන් කරමු - බොදු බල සේනා



 

ජාතියක අනාගතය හා සංවර්ධනය පිලිබඳ සැලකීමේදී අධ්‍යාපනය යන විෂයට ලැබෙනුයේ අතිශය ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාවේ අතීතයේදී හා වර්තමානයේදී අධ්‍යාපනය අශ්‍රිතව සිදුවන අනේකවිධ ක්‍රියාවලින් පිළිබඳව සලකා බැලීමේදී අධ්‍යාපනය සිදුවන ආකාරය පිළිබඳව සමස්ත වශයෙන් සතුටුදායක විය හැකිද යන්න ගැටලුවකි. මේ ගැන විමර්ශනය කිරීමේදී  අප විසින් සලකා බැලිය යුතු කරුණු රාශියකි.

අධ්‍යාපනය යනු කුමක්ද ?

පොදුවේ අධ්‍යාපනය යනු යම් පරම්පරාවක් සතු සංස්කෘතිය ඊළඟ පරම්පරාවක් වෙත පවරා දීමේ ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැක.

යම් සමාජයක පැවැත්ම හා ප්‍රගමනය සඳහා අවශ්‍ය කරනු ලබන පුද්ගලයින් සකස් කිරීම සඳහා අවහ්‍ය කරනු ලබන දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීමේ විධිමත් වුත්, අවිධිමත් වුත් , නොවිධිමත් වුත් ක්‍රියාවලින් අධ්‍යාපනය ලෙස හැඳින්විය හැක.

අද ක්‍රියාත්මක වන අධ්‍යාපනය පිලිබඳ සැලකීමේදී කෘෂිකාර්මික සමාජයක් පැවති “ දිසාපාමොක්” ආකෘතිය මෙන්ම කාර්මික යුගයේදී හඳුන්වා දුන් “ පාසල” නම්වූ “ෆැක්ටරි” මොඩලය මෙන්ම වර්තමාන තොරතුරු යුගයක ක්‍රියාත්මක වන “ ඉලෙක්ට්‍රොනික ඉගෙනුම” ආකෘතිය ආදී  වූ බහු ස්වරූප ව්‍යුහයක් ලෙස දැකිය හැක.අද අපට ඇත්තේ කුමන අධ්‍යාපනයක්ද?   ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හා ශිෂ්ටාචාරයකට  උරුම කම් කියන ලද ශ්‍රී ලාංකිකයින්ට අපටම ආවේනිකවූ , සුවිශේෂ වූ  සාර්ථක අධ්‍යාපනයක් තුබුණු බව ඉතා පැහැදිලිය.  එහෙත් වර්තමාන අධ්‍යාපනය පිලිබඳ සැලකීමේදී අප සතුව ඇත්තේ අධිරාජ්‍යවාදීන් විසින් විශේෂයෙන් බ්‍රිතාන්‍ය විසින් “ හිරු නොබසින අධිරාජ්‍යයේ” පැවැත්ම සඳහා, රැජිනගේ පැවැත්ම සඳහා අවශ්‍ය “කොලනියක්” ලෙස අප රට පාලනය කිරීම සඳහා  අවශ්‍ය පිරිස් මානසික හා ශාරීරිකව සකස් කිරීම සඳහා හඳුන්වා දුන් , ඔවුන් රට පාලනය කිරීමට  “ ජනතාව බෙදා ඔවුන් අතර ගැටුම් ඇතිකිරීම තුලින් පහසුවෙන් පාලනය” කිරීමේ න්‍යායට අවශ්‍ය පරිසරය නිර්මාණය කල,  ඔවුන්ට විචාර බුද්ධියකින් තොරව අවනතවී “ දීන” ලෙස කටයුතු කරන ලෙස පරපුරක් නිර්මාණය  කල, එහෙත් නිදහසින් පසුව මෙම “ අධිරාජ්‍යවාදී”  මොඩලයේ  හිරවී,  එය වෙනස් කිරීමට ගොස් එම මොඩලයේ තවදුරටත්  පැටලී, හිරවී සිටින  අසාර්ථක අච්චාරුවකි, කොත්ත රොටියකි.අධ්‍යාපනය තුලින්  අප අපගේ සංස්කෘතිය ඊ ළඟ පරම්පරාවට පවරා දිය යුතුය.  ඒ සඳහා අප අපගේ සංස්කෘතිය නිවැරදිව හඳුනා ගත යුතුය. අපගේ සැබෑ  සංස්කෘතිය කුමක්ද යන්න නිර්වචනය කිරීමට හා එය කුමක්ද යන්න  පවාහඳුනා ගනිඉමට  අපොහොසත් ජාතියක් මේ වන විට අප නිර්මාණය කොට ගෙන ඇත, ඇත්තෙන්ම එය අප නිර්මාණය කර ගත නොව අපට බලෙන් පැටවූ එහෙත් අප නොදැනුවත්ව අපගේ කරගත් ජාතික උරුමයයි. අපගේ ඉතිහාසය ඉගෙන ගැනීම අප විසින්ම අපට වාරණය කොට ඇත. විජාතිකයෝ හා “ උප ජන කොටස්”  මේ රටේ ශිෂ්ටාචාරය බිහිකළ “ප්‍රධාන ජන කොටස” කුලප්පු කරමින් සැබෑ ඉතිහාසය විකෘති කරමින් පැරණි ඉතිහාසය අලුතින් ලිවීමට තරම් වූ සංස්කෘතික අගාදයකට අප අද ඇද වැටී ඇත.

අධ්‍යාපනය තුලින් නිර්මාණශීලීව දැනුම නිර්මාණය කල හැකියාව ඇත්තවුන්  කල යුතුය. එහෙත් අද අප පාසල තුලින් බිහිවන්නේ දැනුමේ ඉහල ඵලය වූ “ දැනුම නිර්මාණය” කල හැකි බුද්ධිමතුන් නොව , දැනුමේ ප්‍රථමික ඵලය වන “ මතක තබාගැනීමේ” හැකියාව ඇති හුදෙක් විභාග පමණක් සමත් වන පිරිසකි. විභාග සමත් වන සමස්ත පිරිසේ ප්‍රතිශතයද ගැටලුවකි.

අධ්‍යාපනයේදී දැනුම පමණක් තිබුණහොත් නිර්මාණශීලී , සාර්ථක , සමබර පුරවැසියකු බිහි කල නොහැක . ඒ සමග දැනුම හා සමබරව ආකල්ප හා කුසලතා ද සමාන්තරව හා ඒකාබද්ධව සංවර්ධනය කල යුතුය. අපගේ පාසල් අධ්‍යාපනය තුල මේ පිළිබඳව සැබෑ උනන්දුවක්  නොගනී.

කුසලතා පිලිබඳ සැලකීමේදී විවිධ ශක්තීන් වලින් පිරිපුන් දක්ෂ පුරවැසියන් නිර්මාණය කිරීමට අප අපොහොසත් වී ඇත.  මෙහිදීද  කුසලතා වල අග්‍ර ඵලයක් ලෙස සැලකෙන යම් විෂයක් තුල ශුරත්වය ඇති මාස්ටර්ලා බිහි කර ගැනීමට අපොහොසත් වූ පාසල  අද හුදෙක් යම් කුසලතාවයක් “ අනුකරණය “ කිරීම නම් වූ  කුසලතා පිලිබඳ ප්‍රථමික ඵලයවත් දරුවන්ට නිවැරදිව දීමට අපොහොසත් වී ඇත.

ආකල්ප හෝ වටිනාකම් පිළිබඳව සැලකීමේදී හුදෙක් බාහිර ලෝකයට පෙනෙන්නට වටිනාකම් අගයන සමාජයක් මිස සිය ජීවිත වලට මෙම සමාජ වටිනාකම් ජීර්ණය වූ “ හර පද්ධතියක්” සහිත මිනිසුන් සහ ගැහැනුන් ගෙන් සමන්විත සමාජයක් නිර්මාණය කිරීමට පාසල අපොහොසත් වී ඇත

එහෙත් අපට අතිශය සාර්ථක අධ්‍යාපනයක් ඇති බවත්, අපට ඉතා ඉහල සාක්ෂරතාවයක් ඇති බවටත් විශ්වාශ කරන අප සියලු දෙන ස්වයං වින්දනයක් ලබමින් සිටිමු. ඒ ස්වයං වින්දනයේ යෙදෙන අප කිසිවකු මෙම අධ්‍යාපනයෙන් අපගේ රට ජාතිය දියුනු කල හැකි ශුර , වීර ධීර පුරවැසියන් බිහි නොවන බව තේරුම් නොගැනීම හා එය වෙනස් කිරීමට කටයුතු නොකිරීම ජාතියේම අවාසනාවකි. අපගේ “ බුද්ධිමතුන්” යැයි කියා ගනු ලබන බොහෝ දෙනෙකු “අධ්‍යාපනය සුරැකීම” වෙනුවෙන් පෙනී සිට , විරෝධතා සිදු කරමින් සිදු කරනුයේ  මෙම  “ස්වයං වින්දනයට  තම කණ්ඩායම් වලට අවශ්‍ය වරප්‍රසාද” ලබා ගැනීමට  අධ්‍යාපනයේ නාමයෙන් “ශිෂ්‍ය පරම්පරාව උකස් තැබීම” පමණි. 

අප “නිදහස් අධ්‍යාපනය”  යන්න “නොමිලේ ලබා දෙන අධ්‍යාපනයෙන් “ පටලවා ගෙන ඇත.  “පොදු අධ්‍යාපනය” යන්න “ පෞද්ගලික අධ්‍යාපනය “ යන්නෙන් පටලවා ගෙන ඇත.

අද විභාග වලට මුහුණ දෙන දරුවන්ගෙන් විශාල ප්‍රතිශතයක් මෙම අසාර්ථක විභාග ක්‍රම වලින් අසමත් වෙන් බව අප දිගින් දිගටම දකිමු. මෙසේ සිදු වන්නේ කුමක් නිසාද ? අපට අලංකාර ගොඩනැගිලි සහිත අධ්‍යාපන අමාත්‍යංශයක් ඇත. එකක් නොව සැම පළාතකම වෙනම අධ්‍යාපන අමාත්‍යංශ ඇත.  ඒ අසල අලංකාර ගොඩනැගිලි සහිත විභාග දෙපාර්තමෙන්තුවක් ඇත. ලෝකයේ ඇති හොඳම පරිගණක පද්ධති අප සතුව ඇත. එහෙත් අවශ්‍ය වෙලාවට තොරතුරු නැත.  වේගයෙන් ධාවනය කල හැකි හා හොඳම පහසුකම් ඇති මෝටර් රථ ඇමති වරුන්ට පමණක් නොව ඉහල නිලධාරීන්ට ද ඇත. එහෙත් එම වේගයෙන් අධ්‍යාපනය දුවන්නේ නැත. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකු  දශක කිහිපයක්  තිස්සේ “ අලුත් ලේබල් අලවමින්”   “ පැරණි වයින්”  වලින් අධ්‍යාපනය “ මත්” කරමින් සිටී. අධ්‍යාපනයේ සැබෑ අරුත කෙසේ වෙතත් මෙම බැංකු හා සමහරුන් පමණක් සංවර්ධනය වෙමින් පවතී.

ලෝකයේ හොඳම පාසල් ගොඩනැගිලි අප සතුව ඇත. පාසල පිහිනුම් තටාක පවා ඇත. එහෙත් පාසලින් “ අධ්‍යාපනය” අතුරුදහන් වෙමින් පවතී.  “ පාසල” තුල  ඉගැන්වීම සිදු වුවද “ ඉගෙන ගැනීම” සිදු වේද යන්න නිසි අයුරින් සිදු වන්නේද යන්න සොයා බැලිය යුතුය.පවතින අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම සදොස් බව අප නොකියමි. එහෙත් සමස්ත අධ්‍යාපනයම ආපදාවක් වෙමින් පවතින බවත්, එම අර්බුදය තේරුම් ගැනීමට පවා අප අපොහොසත් වී ඇති බවත් අප අවධාරණය කල යුතුය “ සමස්ත රාජ්‍ය අධ්‍යාපනය” නඩත්තු කරන්නේ “මහජන අරමුදල්” වලිනි. අද “ මෙම මහජන  අරමුදල්” වලට  සිදු වන්නේ කුමක්ද? මෙම අරමුදල් වලින් නඩත්තු වන අධ්‍යාපනය නිසි අයුරින් සිදු වන්නේ නම් දෙමාපියන්ට මුදල් ගෙවා සාමාන්‍ය පන්ති කාමරයක සිටිය යුතු “ ළමුන් සංඛ්‍යාව” නම් වූ ප්‍රමිතිය ඉක්මවා ළමුන් දහස් ගණන් කොටුවී ඉගෙන  ගනු ලබන           “ ප්‍රසිද්ධ දේශන ශාලා” වල සිදු වන  “පෞද්ගලික පන්ති” වලට දරුවන්ව  ඔවුන්ගේ ළමා කාලය විනාශ කරමින් යැවීමට සිදු වී ඇත්තේ ඇයි ?  අද පාසල අධ්‍යාපනය නාමයෙන් දෙමාපියන්ට දෙවරක් බදු ගෙවන්නට , වියදම් කරන්නට සිදු වීම ගැන අප බුද්ධිමත්ව කලපනා කල යුතුය. ඒ සමඟ ඇති වන සමාජ අර්බුදයන්ද අපගේ අවධානයට යොමු විය යුතුය.

1948 දී අප රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 90 ඉක්මවද්දී සිංගප්පුරුවේ එම අගය මෙම ප්‍රමාණයට වඩා අඩු විය. 1998 දී පමණ මෙම අගය ඩොලර් 1000  ඉක්මවද්දී අපගේ පාලකයෝ පටි දමමින් සිය ජයග්‍රහණ ගැන ජනතාවට උදම් අනන්නට පුරුදු කලෝය. ස්වභාවිකව අපේ රටේ මේ අගය වැඩි වෙද්දී  සිංගප්පුරුවේ මෙම අගය ඩොලර් 25,000 දක්වා වැඩි කර ගන්නට එහි පාලකයෝ කර්යශූර විය. මෙම  යථාර්තය සංසන්දනාත්මකව ඉදිරිපත් නොකිරීමට පාලකයෝ කපටි වුවද  තමන්ට සිය රටේදී අවුරුදු 25 කදී මහන්සි වී උපයන දේ අවුරුද්දකින් සිංගප්පුරු තරුණයකු ට අවස්ථාව ලබා දෙමින් “ තාරුණ්‍යට අදක්” එම පාලකයින් ලබා දෙන බව අපේ තරුණයෝ තේරුම් ගත්හ. මෙම තරුණ අසහනය 1971-1989 අර්බුධ වලට මෙන්ම ජනවාර්ගික අර්බුධ වලටත් , ඒ ආශ්‍රිත ත්‍රස්තවාදයටත් පදනමක් වූ බවද අප සැලකිය යුතුය. හෙට ඇමරිකාවට හෝ යුරෝපයට හෝ වෙන ඉහල ආදායමක් ඇති රටකට විසා ලැබෙන්නේ නම අපගේ තරුණ ජනගහනයෙන් 90% කට වඩා රට හැර යන්නට  කැමති බව මෑතකදී අප කල සමීක්ෂණ වලින් හෙලිදරුව් වුනි.  ඔවුන් රට හැර යන්නේ රටට  වෛර කරන නිසා නොවන බව ඉතාම පැහැදිලිය. එමෙන්ම රටට ආදරය කරන පුරවැසියකු බිහි කිරීමට අපේ අධ්‍යාපනය අපොහොසත් වී ඇති බවද ඉතාම පැහැදිලිය.

නිදහස ලබා ගතවූ මුල් දශක දෙක තුල අපගේ පාසල් ගුරුවරු විදේශ රටවල අධ්‍යාපනය නැංවීමට විදේශ ගත වූ අපට මතකය. එමෙන්ම පසුගිය ශතක හය තුල අපගේ අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කර 90% ඉහල සාක්ෂරතාවක් ලබා ගත බවද අපි දනිමු. එහෙත් අපගේ ශ්‍රම බලකාය වූ  මිලියන 10 කට අඩු ප්‍රමාණයෙන් 10 % වැඩි ප්‍රමාණයක් එනම් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිග “ගෘහ සේවකයින්” ලෙස   ජාතියම “බාල්දු කොට” “වහල් සේවයට”  යැවීම එකම විකල්පය ලෙස 1977 සිට අද දක්වා සිදු කිරීමට පාලකයින්ට සිදු වීම ඔවුන්ගේ නොහැකියාව මිස අන් කිසිවක් නොවේ. “ රට විරු” ලේබල් ඇලවීමෙන් මෙම ජාතික ව්‍යසනයට “ සළු පිලි “ ඇන්දවිය නොහැකි බව අප සැම තේරුම් ගත යුතුය. නිදහසින් පසු අධ්‍යාපනයෙන් අපව දවා ලූ තවත් කඩුල්ලක් ලෙස මෙය දැක්විය හැක.

අප පසුගිය කාලය තුල කල සමීක්ෂණයකින් හෙළිදරුව් වුයේ  ශ්‍රී ලංකාවේ ඉංගිසි අධ්‍යාපනයද වල පල්ලටම ගොස් ඇති බවය.  සාමාන්‍යයෙන් උසස් පෙළ අවසන් කරන දරුවෙක් හොඳට දන්නේ ඉංග්‍රීසි වචන 200 කි.   90% වැඩි පිරිසකට වසර 13 ක ඉංග්‍රීසි හැදෑරීමෙන් පසු ඉංග්‍රීසියෙන් කතා කල නොහැකි බව යථාර්තයකි. මේ වන විට දරුවන් සිය කාලයෙන් දින 4000 ක් මේ වන විට ගත කර ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය  වන්නේ  ළමුන් දින 20 ක් තුල ඵලදායක ලෙස ඉගෙන ගන්නේ වචන එකකි.  මෙවැනි තත්ත්ව වලට වගවීමක් නොමැත <br> 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමේදී  ආර්ථිකයේ සියලු අංශ වෙනස් කොට ක්‍රියාත්මක කලද අධ්‍යාපනය කෙරෙහි වන බලපෑම ගැන හෝ අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතුද යන්න ගැන ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක කතිකාවතක් නිර්මාණය කර ගැනීමට හා ඒ අනුව අපට ගැලපෙන අධ්‍යාපන ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමට  “ දේශප්‍රේමී  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්”  සකසා ගැනීමට අපට නොහැකි විය. ඒ තුල දෙමාපියන් නැති දරුවන් සේ විවිධ ස්වරූප වලින් යුත් පාලනයක්, කලාවක් නැති අධ්‍යාපන උප ව්‍යුහයන් හා සංස්කෘතීන් මේ රට තුල බුහි විය. වෙමින් පවතී. ජාත්‍යන්තර පාසල් පිළිබඳව අප ඉතා ගැඹුරින් සිතා බැලිය යුතුය. ප්‍රමිතියකින් තොරව හතු පිපෙන්නාක් මෙන් බිහි වන ජාත්‍යන්තර පාසල හුදෙක් විවෘත ආර්ථිකයේ ඉල්ලුම හා සැපයුම තුල දොලනය වීමට ඉඩ සැලසීම අතිශය භයානක කරුණකි. රජයේ පාසල වත් නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකියාවක් නොමැති අධ්‍යාපන අමාත්යංශය මේ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?  මෙම පාසල් වල මුදල්ගෙවා සේවය ලබා ගන්නා  පාරිභෝගිකයින්ගේ සුබසාධනය පිලිබඳ නීති මොනවද? යන්න අප ප්‍රශ්න කල යුතුය.

“ටියුෂන්” යනු අධ්‍යාපනය තුල ඇති හොඳ සංකල්පයකි.  “ටියුෂන්”  යනු ඉගෙනුමට දුෂ්කර කම් ඇති අයට පෞද්ගලිකව අවධානය ලබාදෙන උපකාරක පන්තියකි,  එය කාර්මිකකරනය  නිසා බිහිවූ ෆැක්ටරි මොඩලයේ අර්බුධ නිසා බිහි වූ අවශ්‍යතාවයකි. එහෙත් ශ්‍රී ලංකාවේ  විවෘත ආර්ථිකය තුල “ටියුෂන්” යන්න අධ්‍යාපනයට විකල්පයක් ලෙස බිහිවී ඇත. එය ශ්‍රී ලාංකීය අධ්‍යාපන අර්බුදය නිසා සමාජය තුල හා විශේෂයෙන් රාජ්‍යයේ නොහැකියාව තුල වූ අතවරයන් නිසා බිහි වූ “ පිලිකාවකි”.  ටියුෂන් නිසාම නොව නිසි අධ්‍යාපනයක් නොමැති නිසා ජනතාව , එම නිසා පාලකයෝද “ ටියුෂන් යනු අධ්‍යාපනයයි , අධ්‍යාපනය යනු “ඉගැන්වීමයි”  ලෙස ලඝු කොට සිතන්නට පටන් ගෙන ඇත. ඒ තුල  වර්තමානයේ “ඊනියා අධ්‍යාපනයෙන්”  “

අධ්‍යාපනය”  අමනාප වී ඉවත්ව ගොස් ඇත. ඉතා දක්ෂ ටියුෂන් මාස්ටර්ලා දෙදෙනෙකුට අධ්‍යාපනය බාර දීමට පාලකයින්ට සිතෙන්නට තරම් අධ්‍යාපනය ටියුෂන්ගත වී ඇත. එය නිදහසින් පසු හොඳම විසඳුම ලෙස දකින්නට තරම් ජනතාව “ මන්දබුද්ධික” වී ඇත. “ ඉගැන්වීම යනු අධ්‍යාපනය ලෙස ලඝු කරනවා සේම ගුරුවරයා යනු අධ්‍යාපන ලෙස ලඝු කරන්නට සමාජය පුරුදු වීම මෙම අධ්‍යාපන  අර්බුදයේම කොටසකි.  එය වඩාත්ම හොඳම විසදුම ලෙස ජනතාවට තේරෙන තරමට මෙම පිළිකාව සමස්ත සමාජ දේහය තුලම පැතිරී ඇත. පෞද්ගලික අවධානයට නිර්මාණය වූ  ටියුෂන්  ශ්‍රී ලංකාව තුල “ පෞද්ගලික පන්ති “ නොව “ ප්‍රසිද්ධ දේශනා ශාලා” බවට පත් වී ඇත. මෙම  අධ්‍යාපනයේ “පිළිකාවෙන්” සුවවන්නට  අපේ මහජනතාව  ටියුෂන් නම් වූ දේවාලයට ගොස්  සිය ටියුෂන් මාස්ටර්  “ඉෂ්ට දේවතාව” ලෙස සලකා   මිත්‍යා දෘෂ්ඨිකව “ සෙත් කවි” කියද්දී , දක්ෂම ටියුෂන් මාස්ටර්ලා “අධ්‍යාපනයේ සක්විති දෙවිදු” යැයි සිතා  පාලකයෝ නටන මේ “ දෙවොල් මඩුවෙන්”  රටට  මෙම පිළිකාව “ වස් කවියක්” වී ඇති බව තේරුම් ගැනීමට තරමටවත් විචාරශීලී නොවීම ජාතියේම අවාසනාවකි.

පාසල නාමික ප්‍රපංචයක් පමණක් වෙමින් පවතී.පාසල යාම හුදු සමාජ අවශ්‍යතාවයක් පමණක් වී ඇති අතර  “අධ්‍යාපනය “ ලැබීමට “ටියුෂන්” පන්ති යා යුතු බව අත්‍යවශ්‍යතාවයක් බවට පත් වී ඇත. “නිදහස්” පාසල් අධ්‍යාපනය නොහොත් නොමිලේ  ලබාදෙන අධ්‍යාපනය  වෙනුවට ප්‍රසිද්ධ දේශනා පවත්වන පෞද්ගලික පන්ති නිර්මාණය වී ඇත,  රජයේ පාසල් හැරයන 90% ඉංග්‍රීසි බස නොහැකි මෙන්ම ජාත්‍යන්තර පාසල් යන 90% කට සිය මව බස නොහැකිය. මේ තුල නිර්මාණය වන සමාජ පරතරයන් සමාජ සංවර්ධනය සඳහා හිතකර නොවන සමාජ ගැටුම් හා අර්බුධ නිර්මාණයට තෝ තැන්නකි.

අධ්‍යාපනය සකස් විය යුත්තේ අනාගතය දෙස  බලමින්ය. එහෙත් ලංකාවේ සිදු වී ඇත්තේ හැමවිටම අතීත අවශ්‍යතා වලට පිළිතුරු සපයන පසුගාමී වෙනස්කම් සහිත අධ්‍යාපන මුලාරම්භයන්ය.  අද අපට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව දශක කිහිපයකින් ඉදිරියට ඔසවා තැබිය හැකි අධ්‍යාපන ප්‍රතිව්‍යුහ කාරණයකි. එය කතා කරන තරම් ලෙහෙසි පහසු ක්‍රියාදාමයක් නොවේ, එහෙත් අප එය කෙසේ හෝ කල යුතුය. අපේ අක්මුල් සිඳ දමන ලද මෙමෙ අධ්‍යාපන ක්‍රමය වෙනුවට  රටට ආදරය කරන, ශක්තිමත් , ගුණවත්, නැණවත් දරුවන් බිහි  කරන, ගොලීය අභියෝග ජයගත හැකි  එහෙත් දේශීය පදනමක් ඇති දරුවන් බිහි කරන අධ්‍යාපනයක් නිර්මාණය කල යුතුය.

වර්තමානයෙදී “අධ්‍යාපනය”  ජාතිය වනසන “නිහඩ ත්‍රස්තවාදයක්”  වෙමින් පවතී. මේ බව දැන දැන අපට නිහඩව සිටිය නොහැක. මෙම තත්වය පිලිබඳ පුළුල් කතිකාවතක් ඇති කර මෙම තත්වයේ ඇති භයානක කම ජනතාවට තේරුම් කර දීම අපගේ වගකීම බව අප විශ්වාශ කරමු. එබැවින්   මෙම තත්වයට හේතු සොයා මෙම ජාතිය වනසන අධ්‍යාපනයේ තුවාලයන් සුව කර ජාතිය වනසන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ජාතිය ගොඩ නගන අධ්‍යාපනයක් බිහි කල යුතුය. එසේ නොකළහොත් කොතරම් ආයෝජන ගෙනවිත් ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කලද ඉන් නිසි ඵල ප්‍රයෝජන ලබාගත නොහැක. ඒ අනුව මේ අධ්‍යාපන ක්‍රමයේ අර්බුධ පිලිබඳව  ජනතාව රට පුරා දැනුවත් කිරීමටත්, මේ පිලිබඳ වඩාත් පුළුල් සමාජ කතිකාවතක් ඇති කිරීමටත් , ඒ තුලින් රටට හිතකර  වඩාත් මානුෂීය අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට රජයට බල කිරීමට පුළුල් සමාජ බලවේගයක් බිහි කිරීමටත් බොදු බල සේනා අපේක්ෂා කෙරේ.
Read more ...

අන්‍යාගම් අතර බුද්ධාගම දියකර හරින සර්වාගමික කුමන්ත්‍රණයේ පැතිකඩක්

"මතක තියාගනිල්ලා... සුද්දා කවද හරි මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් උඹලගෙ දරුවන්ට කියාව හැම ජාති,ආගම්, බේදයක් එපා කියල. හැම ආගමක්ම එකයි කියල උන් කියාවි. (අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා) ඊට පස්සේ උඹලගෙ කොල්ලන්ට කෙල්ලන්ට ඇඩි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න වේවි"

ජාතියේ පිනට පහළ වූ අනාගාරි ධර්මපාල උතුමාණන්ගේ මේ සිහ නාදය හිතක් පපුවක් ඇති සිංහලයෙකුට කිසිම දිනක අමතක නොවිය හැකිවාක් මෙන්ම එතුමන් එදා තුන්කල් දුටු ණුවනින් පැවසූ දේවල් අද අප ඇස් ඉදිරිපිටම ජීවමානවම ක්‍රියාත්මක වෙමින් පවතින අවාසනාවන්ත පසුබිමක ජාතියේ කරුමයට 1948 න් පසුව රටේ පාලනය බාර ගත් කලු සුද්දන්ගේ පැලැන්තිය සැමදා සිංහල ජාතියේ කොදු නාරටිය වූ අපේ හාමුදුරුවන්ටද ඉනා බෙහෙත් ගිල්ලවා ඓතිහාසිකව ජාතිය ගොඩ නගාගත් ශ්‍රෙෂ්ඨ හර පද්ධතියත්, අසමසම බෞද්ධ සංස්කෘතියත් වල පල්ලට දක්කමින් සිංහල බෞද්ධ දේශය බටහිර ක්‍රිස්තියානි නව යටත්විජිතවාදයට ගොදුරු කරමින් සිටී. එක අතකින් එසේ වෙත් දී අනිත් පසින් අති භයංකර අරාබි ඉස්ලාමීය අන්තවාදී ප්‍රවාහයකට ද මව් බිම ගොදුරු වී අවසානය.

වසර සිය ගණනක් තිස්සේ වරින් වර මතුවන බෞද්ධයන් අන්‍යාගම්කරණය (ක්‍රිස්තියානිකරණය) කීරිමේ කුමන්ත්‍රණ විවිධ වේශයෙන් අප වෙත පැමිණියද ඒ සෑම අවස්ථාවකදීම අපේ මහා සංඝරත්නයත් දෑ සසුන් හිතකාමී බෞද්ධ ජන නායකයිනුත් ඉදිරිපත් වී මැඩ පවත්වනු ලැබුවද මේ අවස්ථාවේ එය පැමිණ ඇත්තේ මිතුරු වේශයකිනි. එය නම් මේ අවස්ථාව වන විට සූක්ෂම සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයයි. නැත්නම් අන්තර් ආගමික සංවාදයයි. එසේත් නැත්නම් සර්වාගමික සහජීවනයයි.

"සර්වාගමික සංකල්පය හා අන්තර් ආගමික සංවාදය" යනු වතිකානුව මගින් කතෝලික නොවන අන්‍යාගමිකයන් කතෝලික කිරීම සදහා දියත් කර ඇති අදෘෂ්‍යමාන කුමන්ත්‍රණයේ සැලසුමයි. මෙතෙක් තම ආගම ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයන් වූ බලහත්කාරකම් හා අල්ලස් (සහනාධාර, වරප්‍රසාද) ආදිය ලබාදීම් වෙනුවට වඩාත් මිත්‍රශීලී සවරූපයේ උපාය මාර්ගික ක්‍රමවේදක් අනුගමනය කිරීමේ ප්‍රවේශයයි. මේ එදා කඩුවේ බයිනෙත්තුවේ බලයෙන් පෙරදි ශිෂ්ඨාචාරය ආක්‍රමණය කළ බටහිර යටත්විජිතවාදය නව මුහුණුවර හෙවත් නව යටත්විජිතවාදයේ එක් ප්‍රවේශයක් ලෙස හැදින්විය හැකිය. ඒ සදහා පිඹුරුපත් සකස් කරනු ලැබුවේ 1962 - 1965 අතර පවත්වනු ලැබූ දෙවන වතිකානු සභාවයි. මෙම සභාවේ නිර්දේශ අනුව වතිකානුව මගින් 1964 දී ක්‍රිස්තියානි නොවන ආගම් සදහා වූ ලේකම් කාර්යාලය (Secretariat for Non Christians) පසුව "සර්වාගමික සංවාදය සදහා වන පාප් සම්මේලනය" (Pontifucal Council for Inter religious Dialog) නම් සංකල්පය පල්ලිය මගින් ක්‍රියාත්මක කරනුයේ ආගම් අතර සහජීවනය මුවාවෙන් ක්‍රිස්තියානිය පැතිරවීම සදහාය. ක්‍රිස්තියානිය හුදු ආගමක් පමණක් ලෙස සැළකිය නොහැකි වන අතර ඔද්දල් වූ බටහිර සංස්කෘතියේ බිහි දොර එයයි. එහෙයින් ක්‍රිස්තියානුකරණය යනු බටහිර සංස්කෘතික ආක්‍රමණයේ ප්‍රධානම අවිය ලෙස හැදින්වූවාට වරදක් නැත.  වතිකානුවේ සැළසුම මත ලංකා කතෝලික සභාවේ ප්‍රධානියා හරහා සර්වාගමික සහජීවන සංකල්පයට මුවා වූ මේ ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණය මේ අවස්ථාව වන විට සිංහල බෞද්ධ දේශය තුළද අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ සම හවුල්කරුවන් ලෙස අපේම මහා සංඝරත්නය යොදා ගැනුමද එම සැලසුමේම කොටසකි. ඒ අනුව ඌරාගේ මාලු ඌරාගේම ඇගේ තබා කපන න්‍යායෙන් අපේම සංඝරත්නය මගින් සියළු ආගම් එකය, සෑම ආගමකින්ම කියවන්නේ යහපතක්මය යැයි කියවයි. ඒ සදහා උන් අපේ ඇතැම් හාමුදුරුවන්ට ධර්මපාල තුමා කියූ ලෙස "ඉනා බෙහෙත්" කවා ඇත. බුදු දහමේ නාමයෙන් සිවුරු දරාගෙන බුදු දහම හා අන්‍යාගම් එකට සංසන්දනය කරන මේ "පල්ලි නිකායේ" භීක්ෂූන්ට අනුව බුදු හිමියන්ද, අල්ලාහ්ද, යේසුස් තුමන්ද, ඊශ්වරද සමානය. බුදුන් වදාල ශ්‍රී සද්ධර්මයත් බයිබලයේ, කුරාණයේ සදහන් වන දේව නියෝගයනුත් අතර වෙනසක් නැත. (බුදු දහම වැනි විශ්වීය දර්ශනයක් ඉස්ලාමව වැනි ප්‍රාථමික දේශපාලන මොඩලයකට සම කිරීම තරම් තවත් තිරශ්චීන ක්‍රියාවක් තිබිය හැකිද?) මෙයට වසර 2600කට පෙර බුදු දහම හදුන්වා දුන්නේ එවකට පැවති විවිධ ලබ්ධීන් 62කට එරෙහිවයි. සියළු ආගම් එක නම් සෑම ආගමකින්ම කියන්නේ එකක් නම් සෑම ආගමක්ම එකක් විය යුතුය. එය එසේ නොවන බව අවබෝධ කර ගැනීමට මැදි පෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපය දෙස මදක් අවධානය යොමු කීරීම පමණක් සෑහේ. එසේ නම් සියළු ආගම් එකය කියන මේ පල්ලි නිකායේ හිමිවරුන්ගේ ක්‍රියා කලාපය නොදැනුවත්කමද, ‍එසේත් නොමැතිනම් වරදාන, පිටරට සවාරි, හීනමානය හෝ කප්පමක් ලෙස ග්‍රහණයට ගැනීමක්දැයි ප්‍රශ්නයකි.

ප්‍රශ්නය එතැනින් නවතින්නේ නැත. අතිශය භයානකම උපද්‍රවය මෙයයි. අධිරාජ්‍යවාදීන් කෙතරම් යුධමය ලෙස බලවත් වුවද ලෙහෙසියෙන් මේ රට යටත් කර ගත නොහැකි වූයේ වසර දහස් ගණනක් තිස්සේ කහ චීවරයේ සෙවණ යට ගොඩ නැගුණු සිංහල බෞද්ධයන්ට භික්ෂූන් වහන්සේගෙන් ලැබුණු අසමාන නායකත්වය හා ශක්තිය නිසායි. සිංහලයාත් බෞද්ධකමත් එකට බැද තබන ජීවමාන යදම බෞද්ධ භික්ෂුව බව තේරුම් ගත් එදා අධිරාජ්‍යවාදීන් ලෙයට ලෙය බැදුණු ඒ සම්බන්දය බිද දැමීම සදහා නොකළ දෙයක් නැති තරම්ය. මුල් යුගයේදී භික්ෂූන් වහන්සේලා බුරුතු පිටින් අමු අමුවේ ඝාතනය කළහ. වෙහෙර විහාර ගිනි තැබූහ. පන්සල මූලික කරගෙන ගොඩ නැගුණු අධ්‍යාපනය විනාශ කර බටහිර අධ්‍යාපනය ආදේශ කළහ. නමුත් සියවස් ගණනාවක් තිස්සේ කරන ලද අනේකවිධ සාහසික අපරාධ වලින් පවා භික්ෂුවත්  සිංහල බෞද්ධයාත් අතර පවතින අධ්‍යාත්මික බන්ධනය බිද දැමීමට අධිරාජ්‍යවාදීන්ට නොහැකි වූයේ ‍බුදු දහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතිය සිංහලයා‍ගේ ලේ මසටම කා වැදී තිබුණු නිසායි. සිංහලකමත් බෞද්ධ කමත් වනසා දමා මේ රට ආධ්‍යාත්මිකව  යටත් කර ගැනීමටනම් බෞද්ධ භික්ෂූව නම් වූ අසහාය චරිතය විනාශ කර දැමිම අනිවාර්ය සාධකයක් බැවින් ආක්‍රමණයේ මුහුණුවර එදාට වඩා අද තරමක් මිත්‍රශීලී වී තිබේ. සුද්දන් ඉතිරි කර ගිය කලු සුද්දන්, සර්වාගමික සංකල්පය නමින් කරලියට ගෙන තිබෙන්නේද සුද්දන්ගේ රුදුරු වැඩපිළිවෙලේම ඉදිරි පියවරයි. සියළු ආගම් එක යැයි සමාජගත කරන මතයට සමගාමීව එළි බහින්නේ භික්ෂූන් වහන්සේ හා අන්‍යාගමික පූජකයන් සමතැන් ගැන්වීමයි. සර්වාගමික පූට්ටුවේ පැටළුණු රටේ සම්භාවනාවට පාත්‍ර වූ ඇතැම් වියත් භික්ෂූන් වහන්සේ අන්‍යාගමික පූජකයන් සමග එකට රට සවාරි ගහන්නේත්, ඔවුන් සමග එක පතේ බුදිමින් එකට හිද මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේත් පල්ලියේ දනට වඩින්නේත්, පන්සලේ නොම්බි අරින්නෙත් ඒ අනුවයි. මේ හරහා ඔවුන් සූක්ෂමව රටට දෙන පණිවිඩය වන්නේ භික්ෂුව සතු වූ සමාජ නායකත්වය අන්‍යාගමික පූජකයන් අතර සමසේ බෙදාගෙන භික්ෂූන් වහන්සේට හිමවන සුවිශේෂී සමාජ භූමිකාව දිය කර හැරීම  බව සියළුම බෞද්ධයන් කල් නොයවා වටහාගත යුතුව තිබේ. භික්ෂූන් වහන්සේගෙන් තොරව බෞද්ධයාගේත් බුදු දහමේත් අනාගතය කේසේ වෙයිදැයි සිතා බැලීමෙන් කුමන්ත්‍රණයේ අවසාන අරමුණ කුමක්දැයි දැන් ඔබට වැටහිය යුතුය. 

  • සිංහල බෞද්ධ අනන්‍යතාවය නැත්තටම නැති කිරීම, අනාගතයේ නැති ආගමික යුද්ධ ඇතිකිරීම, රට අබල දුබල කිරීම හෙවත් සිංහලයාට ජාතියක්, ජන්මයක්, ආගමක් නැති කිරීම.

  • පන්සල් හා ඒ අවට ඉඩම් සමසේ බෙදාගැනීමට , බහු කෝලම්, බහු ගති, බහු පිස්සුව අපේ ළමුන්ට හා අපහට විවිධ ප්‍රචාරක වැඩසටහන් හරහා එබ්බවිමට ක්‍රියා කිරීම හා එමගින් අප සිත් දිනාගෙන අප හදවත් ඔවුන් කෙරෙහි නැබුරු කරවා අප අපට අයිති සම්පත් කෙරෙහි ඇති අවධානය අඩු කරවා තම සම්පත් වැඩි කරගැනීමට මාන බැලීම.

  • සිංහල ජනනායකයන් පසු පස ගොස් මිත්‍රකම් ගොඩනංවාගෙන ඔවුන්ව රවට්ටා මස් කෑමත් නොකැමත් එකයි, බුදුන් වැන්දත් දෙවියන් වැන්දත් එකයි, බයිබලයත්, කුරානයත් ,ත්‍රිපිටකයත් පැහැදිලිවම එකයි යන අමොනෝන්ඤ මත සිංහල බොදු ජනතාවට පැවසීමට හා සිංහලයගේ සිත් දිනාගත් ජන නායකයන් යොදා ගෙන එමගින් සිංහල බොදු අප සාරධර්ම කෙරෙහි ඇති විස්වාශය පලුදු කිරීම .

  • සර්වාගමික පිස්සුව හෝ නාඩගම ගැන කතිකා කරන සෑම වැඩසටහනකටම සිවුරු ඇදගත් දෙවදත්තයන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කරගැනීමට වෑයම් කිරීම හා එමගින් නිවැරදි සංඝයා වහන්සේලා ගැන බුදුදහම ගැන සැක කටයුතු වන ආකාරයේ වැරදි ප්‍රකාශන කෙසේ හෝ ලබා ගැනීම.

  • සංඝයා වහන්සේලාට මෙන් සමානව මේ නොපැවිදි පුජකයන්ටද සමජයේ ප්‍රමුකස්ථානය ලබාගැනීම හා එමගින් ආණ්ඩු මෙල්ල කිරීමට උත්සහා කිරීම.

  • නැති ඊළමක් ගොඩ නගාගෙන එහි මුලික ආගම පුජක ආගමක් කරගැනීමට වෙර දැරීම.
  • රට අස්ථාවර කිරීමට මාන බලන එන්.ජි.ඕ නඩයන් පෝෂණය කිරීමට හා එවන් සංවිධානවලට පිරිස් වැඩි කර ගැනීමට සර්වාගමික පිස්සුව, නාඩගම හරහා උදවු කිරීම.

  • බෞද්ධ මනෝ මුලික සාධකයන් ඉවත් කොට සර්වාගමික මනෝ මුලික සාධකයන් බොදුනුවන් හරාම සමාජ ගත කිරීම.

  • වෙනත් රටවල් වල බලය හරහා සිහළ බොදුනුවන්ගේ උරුමය පාලනය කිරීමට සමත් විවධ සංවිධානවලට නාගරික හා ග්‍රාම්‍ය වශයෙන් තොරතරු සැපයිමට සමත් තරුණ,තරුණියන් සර්වාගමික පිස්සුව හෝ නාඩගම නාමයෙන් නම්වා ගැනීම.

  • සතවර්ෂ පහකට වැඩි කාලයක් උත්සහා කෙරුවද තවමත් ගොඩනගා ගනීමට බැරිවුන දේව රාජ්ජ්‍ය නව මුහුණු වරකින් එලි දැක්වීම.

  • රටේ ප්‍රධාන පාලන පක්ෂය සිංහල බොදු චන්දයෙන් පත්වුවක් නම් එම මතය දීර්ඝ කාලීනව වෙනස් කිරීමට හා පාලනය අල්ලා නැවත අල්ලා ගැනීමට,වෙනත් ආගමික නැබුරුවක් ඇති ජනනායකයන් රට දිනු පක්ෂය තුල ඇතිබව සියුම්ව හුවා දැක්වීමට සාර පෝය දිනයන්හිදීද පවා වැලක්විය නොහැකි දේශීය හා විදේශීය සංචාරයන් නිර්මාණය කිරීමට ආරාධනා සියල්ල රටට පදුවන්සේ අන්තර් ජාතිකව කල්වේලා බලා සකස් කරදීම.

  • ප්‍රසිද්ධ බෞද්ධ ස්ථානවලට ගොස් සර්වාගමික වැඩසටහන් පැවැත්වීම. ආචාර්ය,මහාචාර්ය වරු මුදල් හදල් දී රවට්වාගෙන සර්වාගමික පෙරහැරවල්වල පෙරමුණේ රාළ කරගැනීම.

  • විවිධ සිහළ සංස්කෘතික නැටුම්, ගැයුම්,වැයුම් හා කලා පෙරටුකරගෙන තම දේව ආගමික උත්සව පැවැත්වීම හා එම අවස්ථා මගින් මුදල් දී පාරම්පරික නැටුම් කණ්ඩායම් ලවා පුජකයන්ටත් සිහළ උත්සවාකාරයෙන් බෙර වාදනය කරගැනීම හා එමගින් දේව ආගමට සිහළ සුවරුපයක් ඔබ්බවා ගැනීම.

  • බෞද්ධ යන් විසින් තෙරුවන් උදේශා පමණක් භාවිතා කරන වචන සර්වාගමික පිස්සුව හෝ නාඩගම (වැඩසටහන්) පවත්වන කාලය තුල දී පුන පුනා පුජකයන් ඇමතීම සදහා භාවිතා කිරීම.

  • සුදු පාට පුජක සිවුර ටිකෙන් ටික කහපාට වර්ණයෙන් වසාගැනීම හා සැරසිලි සියලක්ම සදහා බෞද්ධයන් විසින් තෝරාගත් වර්ණ භාවිතා කිරීම.

  • අවසාන වසයෙන් පුජකයා ලොක්කා(ලොකු මිනිසෙකු) වී මෙම සර්වාගමික වැඩසටහන් වලට සහභාගී වන සිවුරට මුවා වුනු සංඝයා වහන්සේලා සොක්කා(බාලයෙකු) කිරීම.
වැනි වූ විවිධාකාර මුහුණුවරයන්ගෙන් සමාජගත වන මේ සාහසික ක්‍රියාදාමය දියත් කිරීම සදහා පාලනතන්ත්‍රයේ මහතැන් ද සූක්ෂම ලෙස ඩැහැගැනීමට පල්ලියේ නි‍යෝජිතයෝ සමත්ව තිබේ. බුද්ධාගමේ පැවැත්මට වගකියන ඉහළම රාජ්‍ය ආයතනය වන බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ඇමතිවරයාගේත් සර්වාගමික උන්මත්තක ක්‍රියාකලාපයෙන්ම ඒ බව වටහා ගැනීමට අසීරු නොවනු ඇත. ඊට අමතර තමන්ගේ වාහකයන් යොදා ගනිමින් රාජ්‍ය රාජ්‍ය නොවන විද්‍යුත් මාධ්‍යද යොදාගෙන සූක්ෂම ලෙස සර්වාගමික සංකල්පයෙන් බෞද්ධ සමාජයේ මොළ ශෝධනය කිරීමේ මෙහෙයුම ද සාර්ථකව දියත් වෙමින් පවතී.

වහාම සංකල්පීයව මරා දැමිය යුතු සර්වාගමික උන්මත්තකයන් පිළිබද "කැළුම් ගමගේ" සොයුරාගේ පහත දැක්වෙන ලිපියේ පැදිලි කර තිබේ.

බුදු දහමේ පරමාර්ථය නිර්වණාවබෝධයයි. එහෙත් නිවන් අවබෝධය තෙක් ඇති මාර්ගයේ යනතාක් කල් බෞද්ධයන් විසින් හැසිරිය යුතු ආර්ය ගුණධර්ම බුදු දහමේ පැහැදිළිව දක්වා ඇත. "සබ්බ දානං ධම්ම දානං ජිනාති" ලෙස බුදු හිමියන් දෙසූ පරිදි උතුම්ම දානය ධර්ම දානය බව බෞද්ධ අප පිළිගනිමු. බුදුපියාණන් මේවා වහන්සේ දේශනා කර නිකන් සිටියේ නැත. උන්වහන්සේ සෑම විටම තුන්බෑ ජටිලයන් හා සර්වබලධාරී දෙවියකු පිළිගත් බබුණන් වැනි අය වෙත එළඹ ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය හෙළිකර දීමෙන් ඔවුන් නිවන් මගට යොමු කලහ. එහෙත් ඉන් හැර උන්වහන්සේ හෝ උන්වහන්සේගේ කිසිම ශ්‍රාවකයාණන් වහන්සේ කෙනෙකු මිත්‍යා දෘෂ්ටිකයන් සමග උරිනුර ගැටී කා බී සමාගම් පවත්වන්නට ගියේ නැත.

මෑතභාගයේ බුදු දහම සහ එහි උතුම් අරමුණ විකෘති කරමින් සර්වාගමික නමින් හැඳින්වෙන පිරිසක් කලඑළි බැස ඇත. ඔවුන්ට අනුව වෙනත් මිත්‍යා දෘෂ්ටික ආගමක ඇති දෑ වල වැරදි සැබෑ බෞද්ධයන්ට හෙළි කිරීම සහ දෙලොවටම අන්තරාදායක වන මිත්‍යා දෘෂ්ටික පිළිවෙත් වලින් සැබෑ බෞද්ධයන් ඈත් කිරීම වැරදි වැඩකි.

මෙවැනි සංස්කෘතික නපුංසකයන් බෞද්ධයන්ට පමණක් නොවේ සර්ව ලෝකයටම මහත් විෂබීජයකි. ඔවුන්ට කිසි දිනෙක මිත්‍යා දෘෂ්ටිකයකුට බුදු දහමට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටිය හෙළිකර ඔවුන්ව නිවන් මගට ගැනීමට ක්‍රියා කර නැත. එසේම ඔවුන් තුම්බෑ ජටිලයන්, සච්චකයන්, අලවු යකුන් සහ සර්වබලධාරී බ්‍රහ්මයන් දමනය කල බුදු හිමියන් පවා වැරදි යයිද එසේ කිරීමෙන් අලවු යකාගේ මානව අයිතීන් බුදු හිමියන් උල්ලංඝණය කර ඇතැයි නොබෝ දිනකින් පවසනු ඇත. නිසැකවම මෙම නාමික බෞද්ධ සර්වාගමික උන්මන්තකයන් බුදු දහමට එරෙහිව යන අබෞද්ධ යයි කිවහැකි අමුතු ආජීවක පිරිසක් බව සංගතව හා කරුණු සහිතව මෙම ලිපියෙන් අප ඔප්පුකර සිටිමු.

බුදු හිමි මග යන බෞද්ධයා බුදු දහමට සාපේක්ෂව මිත්‍යාදෘෂ්ටික ආගම් විවේචනය කරන්නේත් සමහර පරලොව දුගතියට හේතුවන මිත්‍යාදෘෂ්ටික පුරුදු සමාජයෙන් ඈත් කරන්නේත් ඔවුන්ට නිවන් මගට හෙවත් නිවැරදි බෞද්ධ මගට කෙරෙන ආරාධනයත් සමගමය. එහෙත් මෙහිදී සර්වාගමිකයින් කටින් කෙල හලමින් බෞද්ධයට බුරනු අප දැක ඇත්තෙමු. සර්වාගමිකයින් සහ බෞද්ධයන්ගේ වෙනස බුදු දහමට සාපේක්ෂව තව දුරටත් විමසා බලමු.

අත්තූපනායික ධර්මයේ ත්‍රිකෝටික පාරිශුද්ධියට අනුව නිවැරදි බෞද්ධයෙක් පහත අකාරයේ හැසිරීම් දක්වයි

1. වැරදි ක්‍රියාවෙන් වැළකෙයි

2. අනුන් වැරදි ක්‍රියාවෙන් වලක්වයි

3. වැරදි ක්‍රියා හඳුනා ගනිමින් ඒවායෙන් වෙන්වීමේ ගුණ වර්ණා කරයි

මිත්‍යා දෘෂ්ටික භාවය ඇතියන් සහ සත්ව හිංසනය කරන්නන් දෙලොවටම අන්තරාදායක වන වසලයන් බව බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ පැහැදිළිව දේශනා කර ඇත. බ්‍රහ්මජාල සුත්‍රයට අනුව තම සදාකාලිකයයි සිතා සිටින විධාකර දෙවිවරු මිත්‍යා දෘෂ්ටික ගණයට වැටෙන අතර නිසැකවම එවැනි දෙවියන් පිළිගන්නා හිංසාකටයුතු ක්‍රියාවල යෙදෙන අනුගාමිකයන්ද වසල ගණයට අයත් වෙති. යම් කිසි බෞද්ධයෙක් හෝ භික්ෂුවක් ඔවුන්ව අනුමත කරමින් ඔවුන් සමග සමාගම් පවත්වයි නම් බුදු දහමට අනුව උන් ඉතාම පහත් පවිටු සිත් ඇත්තන් වෙති. වසල ක්‍රියා අනුමත කරමින් ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටියට සහය දක්වමින් පිරිවර සහිතව වෙසෙන පවිටු භික්ෂුන් මෙලොව සිටින පහත්ම වසල සොරුන් බව බුදු හිමියන් සූත්‍රය අවසානයේදී පැහැදිලිව දක්වා ඇත.

සිංහලයන් ඉතා පැහැදිලිව මතක තබාගත යුතු කරුණ මෙයයි. බුදුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයන් තබා කිසිවෙකුට හිංසා කිරීම සෑම විටම හෙළා දුටුවද කිසිම විටක එවැන්නන්ගේ මිත්‍යාදෘෂ්ටික මතවාද බිඳ හෙලීම හිංසාවක් ලෙස දුටුවේ නැත. එසේම බෞද්ධයන් සැමවිටම දෙලොවටම අන්තරාදායක මිසදිටු අදහස් හා පිළිවෙත් වලින් ඉවත් වී සිටිය යුතු බව දේශනා කලහ.

භික්ෂුවකගේ හෝ සිංහලයෙකුගේ නාමයෙන් පෙනී සිටියද, ඉතාම පැහැදිලිව බුදු දහමට මිසදිටුවන් හා, ඔවුන්ගේ මිසදිටු අදහස් පිළිවෙත් අනුමත කරන්නන් නින්දිත වසලයන්ම පමණක් වෙති. එවැනි බෞද්ධ ගිහියෙක් වේනම් ඔවුන් බෞද්ධ සමාජයෙන් ඉවත් කිරීමත් මහණෙක් වේ නම් ඔවුන් ගිහිකොට සසුනෙන් නෙරපීමත් සිංහලයාගේ පරම වගකීමක් වෙයි.

සටහන - TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.05.29
Read more ...

සිංහලයෝ ජාතිවාදී ද? බෞද්ධයෝ අන්තවාදී ද?

පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක්‌ ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්‍ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්‌ලාම් ආගමටත්, මුස්‌ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, සංගීත සංදර්ශන පැවැත්වීම වැනි ප්‍රශ්න විසඳීමට මෙකී සිංහල ජාතිවාදීන්ට කිසිදු උනන්දුවක්‌ නැත.

ලිපියේ කර්තෘ විසින් උක්‌ත සමාජ ප්‍රශ්න ඉස්‌ලාමීය, අරාබි පදනමක සිට විග්‍රහ කරන බැවින් ඒවා ඔහුගේ හර පද්ධතිය අනුව ගැඹුරු සමාජ ප්‍රශ්න වේ. එකී දේවල් ෂරියා නීතිය රජයන රටක සිදුවුණා නම් දරුණු ශාරීරික දඬුවම් ලැබීමට පවා ඉඩකඩ තිබේ. නමුත් අප ජීවත් වන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක්‌ ඇති බෞද්ධ වටිනාකම් මත පදනම් වූ හර පද්ධතියක්‌ සහිත රටක බැවින් අපගේ වටිනාකම් පද්ධතිය අනුව උක්‌ත කාරණා සලකා බැලිය යුතුය.

බුදුහාමුදුරුවන් ජීවත්ව සිටි විහාරයකට නොදුරුව අම්බපාලි නම් ගණිකාවක්‌ ජීවත් වූවාය. ඇය ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ නියෑලුණු අතර, බුදුන් වහන්සේ ද ඒ බව දැන සිටියහ. නමුත් බුදුන් වහන්සේ එම අම්බපාලි ගණිකාවට ගල් ගසා මරණ ලෙසට නියෝග කළේ නැත. නමුත් කාමමිථ්‍යාචාරය ඉතා බරපතළ වරදක්‌ බවත් එහි නිරත වන්නන් අපාගත වන බවත් ප්‍රකාශ කරන ලදී.

බුදුන් වහන්සේ සිටි විහාරයකට ආසන්නයේ චුන්ද නම් ඌරන් ඇති කරන අයෙකු සිටියේය. ඔහු ඌරන්ට දසවධ දී මරා මස්‌ විකුණාගෙන කමින් ජීවත් විය. කිසි දිනෙක පන්සලට නොආවේය. නමුත් බුදුන් වහන්සේ ඔහුට ශාරීරික දඬුවම් දීමට ගියේ නැත. නමුත් ප්‍රාණඝාතය දරුණුම අපරාධය ලෙස ප්‍රකාශ කළහ. අරාබිකරයේ බිහි වූ සියලු ආගම් වල පවක්‌ වන්නේ මිනී මැරීම පමණි. සතුන් මැරීම පවක්‌ නොවේ. නමුත් බුද්ධ දර්ශනය අනුව පණ ඇති ඕනෑම සතෙකු මැරීම එක සමාන පවකි. දරුණු අපරාධයකි. නමුත් බුද්ධාගම අනුව එවැනි පව් කරන අයට බෙල්ල කපා මැරීම වැනි දඬුවම් කිසිවිටෙක නියම නොකරයි. ඒ වෙනුවට වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුද්ධිමත් දාර්ශනික අදහස ඉස්‌මතු කොට දක්‌වයි.

බුද්ධාගම අනුව මත්පැන් බීම පවකි. සමාව දිය නොහැකි පවකි. ඊට හේතුද මනාව බුදු දහමේ විග්‍රහකොට ඇත. නමුත් මත්පැන් බොන අයගේ බෙල්ල කැපීම, අත පය කැපීම ආදී දඬුවම් බෞද්ධ දර්ශනය නියම නොකරයි.

ඉහත ආකාරයට බුද්ධාගම විසින් වැරදි සඳහා දරුණු දඬුවම් නියම නොකරන්නේ ඇයි? ඊට හේතුව මිනිසුන් භීතියටත් ත්‍රාසයටත් පත්කොට පාලනය කිරීම ඉතාම ප්‍රාථමික නොදියුණු ක්‍රමයක්‌ ලෙස බුද්ධාගම විසින් හඳුනාගනු ලබන අතර, බුද්ධිමත්ව ඇතිකර ගනු ලබන අවබෝධය එනම් ප්‍රඥව ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් බව අවධාරණය කරයි. බුද්ධාගම අහිංසාවේ ආගමකි. එය ඇසට ඇස. දතට දත, පලිගැනීම වැනි දේ ඉතා නොදියුණු ගෝත්‍රික සංකල්ප ලෙස බැහැර කරනු ලබයි. එසේම දරුණු ශාරීරික දඬුවම් දීම බුද්ධාගමට විරුද්ධ දෙයකි. ඒ වෙනුවට සතුරාටත් මෛත්‍රිය දැක්‌වීමේ, වටිනාකම සෑම විටෙකම අවධාරණය කරනු ලබයි. නමුත් සමහර ආගම්වල කර්තෘවරුන් පවා යුද්ධයට ගොස්‌ ඇති බව අපට ඉතිහාසය කියවන විට පැහැදිලි වේ. යුද්ධයට යැම යනු මිනීමැරීමය. එබැවින් සමහර ආගම්වල නායකයන් මිනීමරා හෝ මිනීමරණ කණ්‌ඩායමක සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බව පෙනේ.

කාන්තාවනට කොට ඇඳුම් ඇඳීම සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර කොට ඇඳුම් ඇඳීම නිසා ලිංගික අපරාධ සිදුවනවා නම් මුස්‌ලිම් සමාජවල, සෞදියේ, ඉරානයේ, සුඩානයේ ලිංගික අපරාධ නැත්තටම නැති විය යුතුය. බුද්ධාගමට අනුව කාන්තාව යනු දෙවැනි පන්තියේ සත්වයෙකු නොවේ. පිරිමියාට මෙන්ම සමාන වටිනාකමක්‌ ඇයට ද පවතී. බුදුන් වහන්සේ එවකට පැවැති කාන්තාවන් කොන් කර තැබීමේ බ්‍රාහ්මණ ක්‍රමයට එරෙහිව ප්‍රබල ලෙස සටන් කර කාන්තාවන්ට බුදු සසුනට ඇතුළත්ව එහි අග්‍රඵලය වන නිර්වාණය පවා ළඟා කර දීමට කටයුතු කරන ලදී. එවකට පැවැති බ්‍රාහ්මණ මතවාදය අනුව කාන්තාවන් සැමවිටම පිරිමියෙකු යටතේ සිටිය යුතුය. ඇයට ආගමික ස්‌ථානයකට ඇතුළු වීමට අවසර නැත. ඇයට ඉගෙනීමට ඉඩකඩ නැත. ඉන්දියාවේ වසර 2500 කට පෙර පැවැති මෙකී තත්ත්වය 100% ක්‌ ඉස්‌ලාම් ෂාරියා නීතිය යටතේ පාලනය වන සෞදි අරාබියේ වර්තමානයේ පවතින තත්ත්වය සමඟ සස¹ බලන්න.

එසේම විවාහයකදී කාන්තාවට කිසිම අභිමතයක්‌ නොමැති වීම, කාන්තාවන්ගේ ලිංග ඡේදනය, ගල්ගසා මැරීම, අධ්‍යාපන අවස්‌ථා නොමැති වීම, රිය පැදවීම තහනම් වීම, ආගමික ස්‌ථානවලට ඇතුළුවීමට ඉඩ නොදීම, පිරිමියාට විවාහ 04 ක්‌ කරගත හැකි වන විට කාන්තාවට එසේ කරගත නොහැකි වීම, ඉතා ලාබාල දැරිවියන් වයස්‌ගත පුද්ගලයන් හට විවාහ කරදීම, ගැහැනුන් හට ක්‍රීඩාවන්ගේ නිරතවීම තහනම් කිරීම ආදිය තමන්ගේ සංස්‌කෘතිය වූ සමාජයක උපන් අයෙකු කාන්තාවකගේ කොට ඇඳුමක්‌ දැකීමෙන් කලබලයට පත් වීම පිළිබඳව අප විමතියට පත්විය යුතු නැත. මන් ද, ඔහුගේ චින්තනය, විද්‍යාව, දර්ශනය, ලෝක දේශපාලනය ආදියෙහි ඇතිව තිබෙන මනා සංවර්ධනය සමඟ ඉදිරියට නොගොස්‌ මීට වසර 1600 කට පෙර අරාබි අර්ධද්වීපයෙහි තිබුණා වූ අදහස්‌ සමඟ එකතැන ජීවත් වීමය.

අධ්‍යාපනය අතින් දියුණු තත්ත්වයට පත් 99% ක්‌ මුස්‌ලිම් ජාතිකයන් ජීවත්වන තුර්කිය වැනි යුරෝපීය රටවල පවා මුළු ශරීරය වසා කාන්තාවන්ට ඇඳුම් ඇඳීමට බල නොකරයි. එය මිනිසාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතියක්‌ ලෙස සලකනු ලබයි. එවැනි ඇඳුම් ඇඳීමට බල කරනු ලබනුයේ, අන්තවාදීන්, නොදියුණු ගෝත්‍රික ත්‍රස්‌තවාදීන් ලෙසට හංවඩු ගැසේ. බුද්ධාගම මිනිසාගේ නිදහස අගය කරන ආගමක්‌ බැවින් ඇඳුම පිළිබඳ තහංචි පැනවීම එහි ප්‍රතිපත්තිය නොවේ. පටාචාරාව වැනි කාන්තාවන් නිරුවත්ව බුදුන් ධර්මය දෙසමින් සිටි පන්සලට ආ අවස්‌ථාවේ ඇයට ගල් ගසා මැරීමට බුදුන් නියෝග කළේ නැත. වඩා බුද්ධිමත්ව ඉතා දියුණු ලෙස ඇයව සුවපත් කළ අයුරු කියවා බලන්න. සතුන් මැරීම සම්බන්ධව සලීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ කුකුල් මස්‌ සහ මාළු සිංහල බෞද්ධයන් අනුභව කරන නිසා ඒ සම්බන්ධ වෙනත් ආකල්පයකුත් ගවමස්‌ නොකන නිසා තවත් ආකල්පයකුත් බෞද්ධයන් තුළ පවතින බවය.

බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය. එය බුදුන් වහන්සේ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත. සතෙකු බව දැන ගැනීම, මරණ ෙච්තනාව, මැරීමට උපක්‍රම යෙදීම, මැරීම ආදී කරුණු ප්‍රාණඝාතය සිදුවීමට සම්පූර්ණ විය යුතුය. බුද්ධාගමේ විග්‍රහය ප්‍රකාරව සලකා බලන කල සෞදි අරාබියේදී රිසානා නµSක්‌ අතින් දරුවෙකු බේසමේ ගිලී මිය යැම මිනිමැරීමක්‌ නොවේ.

මස්‌ කෑම බුද්ධාගම අනුව පවක්‌ නොවේ. නමුත් එසේ කෑමට සුදුසු මස ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ලෙස සැලකේ. එය හරක්‌ මස්‌ ද, ඌරු මස්‌ ද, කුකුල් මස්‌ ද කියා ප්‍රශ්නයක්‌ නොමැත. නමුත් වසර 2500 ක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ගවයාගෙන් සිදු වන මෙහෙය සලකා බලා උගේ මස්‌ කෑම ඉතා අකෘතඥ ක්‍රියාවක්‌ ලෙස සලකනු ලැබේ. පසුකාලීනව ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දන් ද බටහිර ආක්‍රමණිකයන්ද මෙය කළ අතර, එය සමාජයේ මහත් පිළිකුලට ලක්‌ විය.

මුස්‌ලිම් ජනතාව ගවමස්‌ අනුභව කිරීම අපගේ ප්‍රශ්නයක්‌ නොවේ. එය පෞද්ගලික ක්‍රියාවකි. නමුත් ගව මස්‌ හා සම්බන්ධ සංස්‌කෘතිය බෞද්ධයන්ගේ පිළිකුලට භාජනය වී ඇත. උදාහරණ ලෙස එම ලිපිය පළ වූ 12.05.2013 දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයේ 13 වැනි පිටුව බලන්න. ගැබ්බර දෙනුන් කිටි කිටියේ පටවාගෙන, උන්ගේ අත පය කඩා, පොලිසියට, පී.එච්.අයි. ට පශු වෛද්‍යවරයාට අල්ලස්‌ දී කරනු ලබන අශික්‍ෂිත ජාවාරම ඔබ අගය කරනවා ද? ගැබ්බර දෙනුන් කපා විකිණීම සාධාරණ ද? එවැනි අසාධාරණ අමානුෂික ව්‍යාපාරයන් ඉස්‌ලාම් ආගමට එකඟ ද යන්න මම නොදනිමි. ලංකාවේ මස්‌ පිණිස කුකුළන් ඇති කරනුයේ ද මුස්‌ලිම් ජාතිකයන් විසිනි. නමුත් එයට එරෙහිව විරෝධතා නොමැත්තේ එය ගව මස්‌ වෙළ¹මට වඩා ශිෂ්ට සම්පන්න ලෙස සිදු කරන හෙයිනි. කෙසේ වෙතත් දරුවන් ඉදිරිපිට හරකුන්ගේ බෙලි කැපීම, එසේ කපා ගත් ලේ නිවසේ ගෑම වැනි චාරිත්‍ර සමහර සමාජවල පවතින බව මා අසා තිබේ. කෙසේ වෙතත් මස්‌ කෑම ද පෞද්ගලික ක්‍රියාවක්‌ බැවින් ඒ සම්බන්ධව බුද්ධ දර්ශනය මැදිහත් නොවේ. එසේ වීමට හේතුව බුද්ධාගම කුඩා කල සිට මිනිසුන්ගේ ඔළුව බිම ඇණ බලහත්කාරයෙන් මොළ ශෝධනයකට ලක්‌ කරන ආගමක්‌ නොවීමය. බුද්ධාගම මානව නිදහස ප්‍රතිමූර්තිමත් කරන ආගමකි. වර්තමානයේ ලෝකයේ පවතින මානව හිමිකම් ප්‍රකාශන, ප්‍රඥප්ති, පරිසර ප්‍රඥප්ති ආදියෙහි අන්තර්ගත හරයාත්මක වටිනාකම් බුදු දහමෙහි මීට වසර 2500 කට පෙර සිට අන්තර්ගතව පැවැතීම ඔබ පුදුමයට පත් කරනු ඇත. එසේම සමහර ආගම්වල ආගම අතහැරීම මරණ දඬුවමින් දඬුවම් කළ හැකි වරදකි. බුද්ධාගම අනුව කැමැති නම් ඕනෑම විටෙක බුදු දහම අතහැර යා හැක. නමුත් සෞදි අරාබිය, පාකිස්‌ථානය වැනි රටවල ඉස්‌ලාම් ආගම අතහැරීම සම්බන්ධව ලබා දෙන ඉස්‌ලාමීය දඬුවම කුමක්‌ ද? නමුත් සෞදියේදී ඔබ බුද්ධාගම අතහැර ඉස්‌ලාම් ආගමට ගියහොත් මරණ දඬුවම දෙනවා ද? එකී නීතිය සර්ව සාධාරණ නැත්තේ ඇයි?

ඔහුගේ ලිපිය අනුව හාමුදුරුවන් මුස්‌ලිම් අය පිළිකුල් කරන්නේ ඇයි කියා ප්‍රශ්න කර සිටී. ඇත්තෙන්ම බුදු දහම අනුව යමෙකු වසලයෙකු (පිළිකුල් සහගත අයෙකු) වන්නේත් බ්‍රාහ්මණයෙකු (ගරු කටයුතු අයෙකු) වන්නේත් තම තමන්ගේ ක්‍රියා පටිපාටිය අනුවය. හාමුදුරුවන්ගෙන් එසේ ඇසීමට පෙර, මා හට සලීම් මහතා තමාගේ හෘද සාක්‍ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ තිබේ. මුස්‌ලිම් ජනතාව ලොව පුරා සෑම රටකම පාහේ ප්‍රශ්න ඇති කරන්නන් බවට පත්ව සිටින්නේ ඇයි? බෞද්ධයන්, ක්‍රිස්‌තියානුවන්, කතෝලිකයන්, හින්දුන්, යුදෙව්වන් ආදී මෙකී නොකී සියලු මිනිසුන් සෑම තැනකම මුස්‌ලිම් අයට විරුද්ධ ඇයි? උදාහරණ ලෙස සුඩානය. නයිජීරියාව, ඊශ්‍රායලය, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව, බුරුමය, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, ඔස්‌ටේ්‍රලියාව, ඇමෙරිකාව ආදී රටවල මුස්‌ලිම් අය අන් ජාතීන් සමඟ ගැටලු ඇති කරගන්නේ ඇයි? මෑතකදී ඔස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියන් ගිලාඩ් මෙසේ කීවාය. කිසිදු මුස්‌ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න.

එංගලන්තයට සරණාගතයින් ලෙස දකුණු ආසියානු රටවලින් සහ අප්‍රිකාවෙන් ගිය මුස්‌ලිම් ජාතිකයන් නිසා එරට පෙර නොවූ විරූ සමාජ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබේ. ප්‍රංශයේ තත්ත්වය ඊටත් වඩා නරක අතර, මානව නිදහස අගය කරන එරට මුස්‌ලිම් කාන්තාවන්ගේ කළු ලෝගුව පවා තහනම් කරන ලදී. මීට විරුද්ධව ප්‍රංශයේ විශාල විරෝධතා ඉදිරිපත් වූ අතර, විරෝධතාකරුවන් සරණාගතයන් ලෙස පැමිණ ප්‍රංශ රජයේ අනුකම්පාව මත දිවි ගෙවන්නන් වීම දෛවයේ සරදමකි.

ඉස්‌ලාම් ආගම හා බුද්ධාගම අතර ඓතිහාසික කතාවක්‌ පවතී. බුද්ධාගම ඉතාමත්ම අහිංසාවාදී ආගමක්‌ නිසා එය කඩුවේ බලයෙන් විනාශ කර තම ආගම පැතිරවූවෝ මුස්‌ලිමුන්ය. ඇµaගනිස්‌ථානය, පකිස්‌ථානය වැනි බුදුන් වැඩි රහතුන් විසූ ස්‌ථානවල බෞද්ධයන් මරා දමා ඉස්‌ලාම් ආගම ස්‌ථාපිත කරන ලදී. බෞද්ධ විහාර පොළවට සමතලා කරන ලදී. අදත් පකිස්‌ථානය, ඇµaගනිස්‌ථානය ඉතිහාසය ලෙස පෙන්වන්නේ බෞද්ධ නටබුන්ය. මේවායේ සිටි බෞද්ධයන්ට වුණේ කුමක්‌ද යන ප්‍රශ්නය ඔබ ඇසිය යුතුය. පිළිතුර නම් බංගලාදේශයේ චිතංගොන් හි සිදුවෙමින් පවතින දේ බලන්න. බෞද්ධ රටක්‌ වූ වංගදේශය අද ඉස්‌ලාම් රාජ්‍යයකි. බෞද්ධ භික්‍ෂූන් මැරීම විහාර කොල්ලකෑම දිනපතා සිදු වේ. තායිලන්තයේ ඉස්‌ලාම් ත්‍රස්‌තවාදීන් නිසා බෞද්ධ භික්‍ෂූණ්‌ට පිණ්‌ඩපාතයේ යැමට සිදුව ඇත්තේ හමුදා ආරක්‍ෂාව මධ්‍යයේය. මාලදිවයින අද 100% ක්‌ මුස්‌ලිම් රාජ්‍යයකි. එහි පුරාවිද්‍යාත්මක ස්‌ථාන මුස්‌ලිම් පල්ලි නොවේ. බෞද්ධ විහාරයන්ය. මේවායේ සිටි බෞද්ධයන් මැරුවේ කවුද?

ලෝක ඉතිහාසයේ ප්‍රථම විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ය. එය බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ විද්‍යස්‌ථානයක්‌ව පවතිද්දී ගිනි තබා බෞද්ධ භික්‍ෂූන් දහස්‌ ගණනක්‌ මරා බිමට සමතලා කරනු ලැබුවේ, මුස්‌ලිම් ආක්‍රමණිකයන් විසිනි. ඉරානය බෞද්ධ රටක්‌ව පැවතිණ. පසුව බෞද්ධ දර්ශනයේ ආභාසය ලත් සරතෘෂ්ත නම් දාර්ශනිකයාගේ දර්ශනය මත ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌ පැවතිණි. ලෝකයේ දැනුම පිළිබඳ එවකට කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස පර්සියාව පැවතිණි. මුස්‌ලිම් ආක්‍රමණ මගින් එකී ශිෂ්ටාචාරය බිමට සමතලා වූ අතර, පර්සියාවේ සැබෑ උරුමක්‌කාරයන් හට රට අතහැර දමා අනාථයන් ලෙස විදේශ රටවල ජීවත් වීමට සිදුව ඇති අතර, අදටත් පර්සියානුවන් ඉරානයේ සිටිනවාට වඩා පිරිසක්‌ ඉන්දියාවේ ජීවත් වෙති.

ලංකාවට මුස්‌ලිම් ජාතිකයන් පැමිණියේ වෙළෙන්දන් ලෙසිනි. ඔවුන් අත කුළු බඩු වෙළෙ¹ම පැවැති අතර, පෘතුගීසීන් පැමිණ ඔවුන් දිගට හරහට මැරීමට පටන් ගන්නා ලදී. එවිට මහනුවර සෙනරත් රජු මුස්‌ලිම්වරු හට ආරක්‍ෂාව ලබා දී නැගෙනහිර වෙරළ තීරයේ පදිංචි වීමට අවසර ලබාදෙන ලදී. රජු කළ ක්‍රියාවේ ප්‍රතිඵල දැන් අපි අත්විඳිමින් සිටිමු. වසර 600 ක වත් ඉතිහාසයක්‌ නොමැති නැගෙනහිර මුස්‌ලිම් ජනතාව තමාට රැකවරණය දුන් සිංහල මිනිසුන්ට කළගුණ සැලකීමට පටන් ගෙන තිබේ. පුරාවිද්‍යා ස්‌ථාන ඩෝසර් කිරීම, ඒවායේ ඉඩම් අත්පත් කර ගැනීම සහ නැගෙනහිර මුස්‌ලිම් නිජභූමියක්‌ ලෙස ප්‍රකාශ කිරීම උදාහරණයකි. 2013.05.13 දින ඉරිදා දිවයින පුවත්පතේම 16 වැනි පිටුව ප්‍රකාරව පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට දුන් තෑග්ගකි. එය පොදු දේපළක්‌ නොවේ. එබැවින් එහි රැකියා මුස්‌ලිම් ජාතිකයන්ට පමණක්‌ දිය යුතුය. සලීම් මහතාට සිංහල බහුතරය සමඟ කොළඹ සාමයෙන් ආරක්‍ෂිතව ජීවත් විය හැකිය. සිකුරාදාට ජුම්මා ගිය හැකි නමුත් සිංහලයෙකුට පුල්මුඩේ රජයේ රැකියාවක්‌ කිරීම තහනම්ය. එකී ලිපිය අනුව මුස්‌ලිම් ජාතිවාදයට ජමයිතුල්ලා උලමා සංවිධානය පිටුබලය සපයයි. කොළඹදී අහිංසක උලමාවරු මුස්‌ලිම් බලය ඇති තැන්වල කටයුතු කරන්නේ එසේය.

එසේම මේ උලමාවරුන් ඇµaගනිස්‌ථානයේ බාමියන් බුදු පිළිම තලේබාන් ත්‍රස්‌තවාදීන් විසින් විනාශ කළ විට එය වැරදි යෑයි කීවේ නැත. බංග්ලාදේශයේ බෞද්ධ භික්‍ෂූන් මරා දමන විට කට ඇරියේ නැත. සෞදියේදී බුදුන් වැඳීමේ වරදට තුංගසිරි හිරේ දැමූ විට මීක්‌ කීවේ නැත. ඇයි ඒ?

ඉස්‌ලාම් ආගම අනුව පිළිම වන්දනාව දරුණු අපරාධයකි. දෙවියන්ගෙන් සමාව නොලැබෙන අපරාධයකි. පිළිම වන්දනා කරන මිනිසෙකු මැරීම ඉස්‌ලාම් ආගම අනුව දෙව්ලොව යන පිනකි. නබි නායකතුමා මුලින්ම කළ ක්‍රියාවන්ගෙන් එකක්‌ වන්නේ ද කාබාහි සිටි වෙනත් ආගමක්‌ (බුද්ධාගම) අදහන අයගේ පිළිම විනාශ කිරීමට නියෝග කිරීමය. එම නිසා උලමාවරුන්ගේ ආගම අනුව පිළිම කැඩීම හොඳ ක්‍රියාවකි. අනාගතයේ නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර සියල්ල බිමට සමතලා වුවහොත් එය පුදුම වීමට කාරණයක්‌ නොවේ. එබැවින් ලංකාවේ මුස්‌ලිම් බහුතරයක්‌ ඇතිවුවහොත්, ෂාරියා නීතිය ක්‍රියාත්මක වුවහොත්, බෞද්ධ පූජනීය ස්‌ථාන බිමට සමතලා වීමේ සැබෑ අවදානමක්‌ පවතී.

එසේම ලංකාවේ සියලුම මුස්‌ලිම් පල්ලිවල උදේ 4.00, 5.00 ට පමණ ඉතා ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර දමාගෙන යාච්ඥ කරනු ලුබේ. පොලිස්‌ ආඥ පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය වැලිගම මුස්‌ලිම් පල්ලිය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුව ප්‍රකාරව රාත්‍රී 10.00 සිට උදැසන 6.00 දක්‌වා මොනම හේතුවකට වත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැක. එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව මෙම පල්ලිවල පූජකයන් නීති විරෝධී ක්‍රියාවල නිරතුරුව යෙදෙන පුද්ගලයන් ලෙස සැලකිය යුතුය. දකුණු ආසියාවේ පවතින දරුණුතම මත්ද්‍රව්‍ය වන හෙරොයින් ඇµaගනිස්‌ථානයේ නිෂ්පාදනය කරනු ලැබේ. එය තලේබාන් සංවිධානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය ලෙස සැලකේ. ඉස්‌ලාම් ධර්මය දැඩිව පිළිපදින තලේබාන් වැනි පිරිසක්‌ මෙවැනි දරුණු මත්ද්‍රව්‍යයක්‌ නිපදවීමට පෙළඹුණේ කෙසේ ද? සලීම් මහතාට සිහිපත් කරදිය යුතු තවත් වැදගත් කාරණයක්‌ නම් අඩුපාඩු තිබුණ ද, බෞද්ධ භික්‍ෂූන් යනු වෙනත් ආගම්වල සිටින වැටුප් ලබන, අඹුදරුවන් රකින සහ දරුවන් බෝ කිරීමට, අනෙක්‌ ආගමිකයන්ගේ ඉඩම් ඩැහැ ගැනීමට මිනිසුන් පොළඹවන වර්ගයේ පිරිසක්‌ නොවේ. බෞද්ධ භික්‍ෂූන් ආගමේ නාමයෙන් මිනී මරා නැත. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඉස්‌ලාම් ආගම සහ යුද්ධය අතර ඇත්තේ අවිච්ජින්න සම්බන්ධතාවයකි. තමන්ට පිරිස්‌ බලය ඇති තැන යුද්ධ කොට සෙසු ජාතීන්ට අඩන්තේට්‌ටම් කොට මරා දැමීමත් පිරිස්‌ බලය අඩු ලංකාව වැනි තැන්වලදී අහිංසකයන් ලෙස පෙනී සිටිමින් සාමය, මනුෂ්‍යත්වය ගැන කතා කරමින් තමන්ට පිරිස්‌ බලය ලැබෙන තෙක්‌ උපක්‍රමශීලීව කල් බලන්නේ කවුරුන්ද?

ඉස්‌ලාම් ආගම අනුව ජිහාඩ් යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? එහි ස්‌වරූප කීයක්‌ තිබෙනවාද? යන්න පැහැදිලි කිරීම ඔබගේ යුතුකමකි. ලොව පුරා ඉස්‌ලාම් මූලධර්මවාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් කීයක්‌ තිබෙනවාද? යන්න සහ බෞද්ධ මූලධර්මවාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් කීයක්‌ තිබෙනවාද? යන්න සිහි මොළය ඇති කවුරුත් දන්නා කරුණකි.

බොදු බල සේනා සංවිධානයෙන් එකදු මුස්‌ලිම් මිනිසෙකු හෝ මරා නැත. එකදු මුස්‌ලිම් ස්‌ත්‍රියක දූෂණය කර නැත. මුස්‌ලිමානුවෙකුගේ දේපළක්‌ කොල්ලකා නැත. මුස්‌ලිම් ඉඩම් අල්ලා නැත. ඉස්‌ලාම් ආගමේ මුළු ලෝකයම ඉස්‌ලාම් ලෝකයක්‌ බවට පත් කිරීමට සිහිනයක්‌ ඇතත් බුද්ධාගමේ එවැනි ව්‍යාප්තවාදී අදහස්‌ නැත. ලංකාවේ අවුරුදු 2500 ක ඉතිහාසය සහ බෞද්ධ භික්‍ෂුන් යනු ගසට පොත්ත මෙනි. විදේශ ආක්‍රමණවලදී සතුරාට එරෙහිව ජනතාවට ශිෂ්ට සම්පන්න ලෙස ඒවාට මුහුණ දීමට ආධ්‍යාත්මික නායකත්වය දුන්නේ බෞද්ධ භික්‍ෂූන් විසිනි. පාසල් නොමැති යුගවලදී ජනතාවට ඥනය ලබා දුන්නේ පන්සලෙනි. එබැවින් භික්‍ෂුවගේ චරිතය, අඩුපාඩු මතම ලඝූ කළ නොහැක. විශේෂයෙන්ම ඔබට නොහැක. ඊට හේතුව ලෝකයේ සිංහල භාෂාව කතා කරන ජනතාවක්‌ සිටින එකම රට ලංකාවය. එය අරාබි බසක්‌ නොවේ. එය ඉන්දු ආර්ය භාෂාවකි. භාෂාවේ ඉතිහාසය හාරා බලන විට සිංහල ජනතාවට මේ රටේ නිජභූමි අයිතිය කියාපෑමට නීත්‍යානුකූල වූත් සදාචාරාත්මක වූත් අයිතියක්‌ ඇත. මෙය ජාත්‍යන්තරව පිළිගත් අයිතියකි. ඇමෙරිකාව රතු ඉන්දියානුවන්ගේ නිජභූමිය ලෙස සුද්දන්ගෙන්ම සැදුම්ලත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඔස්‌ටේ්‍රලියාව ඇබෝරිජීන්වරුන්ගේ නිජබිම ලෙස සුද්දන්ගෙන්ම සමන්විත ඔස්‌ටේ්‍රලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලදී. නබි නායකතුමා ඉපදීමටත් පෙර කලක සිට ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් සහ සිංහල මිනිසුන් වාසය කළ බව මතක තබා ගත යුතුය.

සෞදි අරාබිය වැනි රටවල් ඉස්‌ලාම් ෂාරියා නීතිය අනුව පාලනය වන බැවින් ඉස්‌ලාම් ආගමේ ප්‍රායෝගික නිදර්ශනයක්‌ ලෙස එකී රාජධානිය සැලකිය හැක. එම රටේ ස්‌ත්‍රී දූෂණ ප්‍රතිශතය අඩු වූවද දුප්පත් රටවලින් ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන දුක්‌ගැහැට අප සැවොම අසා ඇත. තිරිසනුන් ලෙස සැලකීම් ලැබීම, ලිංගික අපරාධවලට ගොදුරු වීම, මරාදැමීමට ලක්‌ වුනත් අපරාධකරු හට දඬුවම් නොලැබීම ආදී දේවල් අපට හුරු පුරුදු එදිනෙදා ප්‍රවෘත්ති බවට පත්ව තිබේ. මෙකී තත්ත්වය මුස්‌ලිම් ජනතාවගේ ඓතිහාසික සතුරන් වන ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල පවතින තත්ත්වය සමඟ සස¹ බලමු. එකී බටහිර රටවලට සරණාගතයන් ලෙස මුස්‌ලිම් ජාතිකයන්ද ඇතුළුව අතිවිශාල පිරිසක්‌ තුන්වන ලෝකයේ රටවල්වලින් සංක්‍රමණය වී ඇත. එකී සරණාගතයන්ට හෝ රැකියා පිණිස සංක්‍රමණය වූ විදේශිකයන්ට කිසිදු දිනෙක සවුදි අරාබියේදී සිදු වන අපරාධ සිදුවූවා යෑයි අප අසා නැත. අනෙක්‌ අතට දකුණු ආසියාවේ, උතුරු අප්‍රිකාවේ මුස්‌ලිම් ජාතිකයන් පවා අරාබිකරයට සංක්‍රමණය නොවී බටහිර රටවලට සංක්‍රමණය වීමට ප්‍රිය කරන්නේ කුමන හේතුවක්‌ නිසාද? මෙහි යම්කිසි අවුලක්‌ පවතින බව ඔබ පිළිගන්නවාද?

අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් සලකා බලන විටද බුද්ධාගමේ පවතින්නේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී දියුණු ආකල්පයකි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි සමයේ තවත් ආගම් රැසක්‌ ඉන්දියාවේ පැවැති අතර ඔවුන් මැරීමට, ඔවුන්ගේ පූජනීය ස්‌ථාන විනාශ කිරීමට බුදුන් වහන්සේ නියම කළේ නැත. ඒ වෙනුවට ඔවුන්ට ගරු කරමින් ඔවුන් සමඟ බුද්ධිමය සංවාදයක යෙදීමට කටයුතු කරන ලදී. නමුත් සල්මන් රුශ්ඩි නමැති ගත් කර්තෘවරයා අයතුල්ලා කොමෙයිනිගේ මරණ දඬුවම නියම කිරීම නිසා අදටත් මරබියෙන් සැඟවී ජීවත් වේ. එසේම ලැඡ්ජා නමැති කෘතිය නිසා ටස්‌ලිමා නස්‌රීන්ට ද මරණ දඬුවම ප්‍රකාශ කරන ලදී. නබිතුමාගේ යෑයි සැලකෙන කාටුන් චිත්‍ර 07 ක්‌ ඇන්දේ යෑයි කියන ඩෙන්මාර්ක්‌ ජාතික කාටුන් ශිල්පියාගේ හිසට පකිස්‌තානයේ මුල්ලාවරයකු මිලක්‌ නියම කරන ලදී. මෙවැනි ක්‍රියාවන් නූතන මනුෂ්‍ය සදාචාරයට ගැලපෙනවාද? අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක්‌ ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. එකී තත්ත්වය උක්‌ත ඉස්‌ලාමීය නියෝග සමඟ ගලපන්නේ කෙසේද?

ලංකාවේ මෑත ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වශයෙන් බටහිර ජාතීන් 03 කගේ ආක්‍රමණයන්ට ලක්‌වන ලදී. මේ එකදු ජාතියකටවත් එරෙහිව මුස්‌ලිම් ජනතාව කැරලි ගැසූ බවට සාක්‍ෂියක්‌ නොමැත. ඇත්තේ ඊට විරුද්ධ සාක්‍ෂියකි. මැලේ ජාතිකයන් යනු ඉංග්‍රීසීන් විසින් සිංහල හමුදාව සමඟ යුද්ධ කිරීමට ගෙන්වන ලද කුලී හමුදාවකි. වධකයන් ලෙස ද මොවුන් කටයුතු කර ඇත. කැප්පෙටිපොල නිලමේ සුද්දන්ට අල්ලා දෙන ලද්දේ මුස්‌ලිම් ජාතිකයන් විසිනි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙය නිදහස්‌ රටකි. අරාබි අර්ධද්වීපයේ කොටසක්‌ නොවේ. අරාබියේ සිට වෙළෙඳාමට පැමිණ මෙහි බින්න බැසගත් පමණින් මෙම දූපත අරාබියේ කොටසක්‌ බවට පත් නොවේ. එසේ කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් ඔහු ආක්‍රමණිකයෙකි, ව්‍යාප්තවාදියෙකි.

බෞද්ධ පන්සල්වලට ඓතිහාසිකව අයිති ඉඩම් තුළ මුස්‌ලිම් පල්ලි ඉදිකළ අවස්‌ථා ලංකාවේ ඕනෑ තරම් පෙන්වාදිය හැකි නමුත් මුස්‌ලිම් පල්ලියකට අයත් ඉඩමක බෞද්ධ හෝ ක්‍රිස්‌තියානි හෝ ආගමක සිද්ධස්‌ථානයක්‌ ඉදිකිරීමට ඉඩ දුන් එකම එක අවස්‌ථාවක්‌ හැකි නම් පෙන්වා දෙන්න. අඩුම තරමින් වෙසක්‌ තොරණක්‌ ඉදිකිරීමටවත් ඔබලා ඉඩ දෙනවා ද? 1915 සිංහල - මුස්‌ලිම් කෝලාහලය ඇති වූයේ කුමක්‌ නිසා ද?

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක්‌ ඇති අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත. ඔබට මෙහි එන්න කීවේත් නැත. නමුත් සෙනරත් රජු දැක්‌වූ මනුෂ්‍යත්වය නැවත සිහිපත් කරමින් ඉතා කාරුණිකව ඔබට කීමට ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු අගමැතිනිය කී දේමය.

අසේල වික්‍රමනායක.


the sword කඩුව

Read more ...
Designed By Published.. Blogger Templates