Breaking News

Saturday, December 7, 2013

ආශ්චර්යය අත ළගයි - මුස්ලිම් අන්තවාදීන් බිහි කරන විශ්ව විද්‍යාලයක් ලංකාවේ අරඹන වගයි.

අහිංසක සිංහල බෞද්ධයාගේ බහුතර කැමැත්තෙන් එදා මෙදා තුර බලයට පත් වූ හෑම පාලකයෙක්ම  බලය ලබාගත් පසුව සුපුරුදු පරිද තම සිංහල බෞද්ධ ඇදිවත උනා තබා රටට නොගැළපෙන දහදුරා දුරාචාරයන් රට පුරා වපුරවමින් සිංහල බෞද්ධ සංස්කෘතිය, සදාචාරය මිනී වලට දැක්කවීමට කටයුතු කෙරූ අමිහිර ඉතිහාසයක් මෙන්ම වර්ථමානයක් ද අපට හිමිය. එක්තරා යුගයක "ඉතිහාසය හා සංස්කෘතිය කන්ඩදැයි" ඇසූ, මේ රටේ ඉතිහාසයේ සංස්කෘතියේ අගය නොදත් තම්බි මුහන්දිරම්ලාගෙනුත්, සුද්දන්ගේ අධෝභාගයෙන් බිහි වූ කලු සුද්දන්ගෙනුත් පැවත ආ තකතීරු පාලකයන්ගේ අමනකම් වලිනුත් බැට කෑ ජනයා සිංහලකම බෞද්ධකම හදුනන ජනසම්මත පාලනයක් අපේක්ෂාවෙන් වත්මන් පාලකයින් බලයේ ඔසවා තැබූහ. දවසින් දවස වැළලී යන ජාතියේ සසුනේ උරුමය යළිත් නගා සිටුවාවියැයි මේ රටේ බෞද්ධයින් ඔවුන් කෙරෙහි අපේක්ෂා තැබූහ. එහෙත් එම අපේක්ෂාවන් වික්ෂිප්ත කරමින් වත්මන් පාලකකාරකාදීන්ද  හෙට අනිද්දාම පෙන්වනවා යැයි කියන ආශ්චර්යයක මැජික් දර්ශන පෙන්වමින් ඒ උදෙසා මේ රටේ සංස්කෘතිය, සදාචාරය බලු බල්ලන්ට යවමින් රටට අනවශ්‍ය කැසිනෝ දුරාචාරයන් රට තුළට වැද්ද ගැනීමට සැරසෙති.

සිංහල බෞද්ධ උරුමය රැක ගැනීම කෙසේ වෙතත් මේ රටේ සිංහල බෞද්ධයන්ට දුරාචාය නම් වූ කරුමය උරුම වන බව පෙනෙන්නට තිබෙන පසුබිමක ඇස් කන් ඇරගන බලා ඉන්නා ආශ්චර්යය කෙසේ වෙතත් මේ රට පුරා ව්‍යාප්තවෙමින් හිස ඔසවන අරාබි මුස්ලිම් අන්තවාදීන් නම් ඔවුගේ ක්‍රමයට ආශ්චාර්යය ළගා කර ගනිමින් සිටී. ඒ දිනෙන් දින මේ රටේ උරුමකරුවන් වූවත්, මුග්ධ පාලකයන්ගේ පිහිටෙන් කරුමයම උරුම කරගත් සිංහල බෞද්ධ ජනතාවගේ දරුවන්ගේ අනාගතයද වල පල්ලට දක්කවමිනි.

පසුගිය ජූනි 11 මේ රට මුස්ලිම්කරණය කරවීම වෙනුවෙන් පැහැදිළි වැඩ සැලැස්මක් අනුව කටයුතු කරන මුස්ලිම් අන්තවාදී ජිහාඩයට එක් සුවිශේෂී දිනයක් වූවා මෙන්ම සිංහලයන් වශයෙන් අපි තවමත් අවබෝධ කර නොගත්තත් ඒ දිනය සිංහල ජාතියේත් ශ්‍රී ලංකා මාතෘ භූමියේත් අනාගත දිශාව තීරණය කරන එක්තරා තීරණාත්මක දිනයක් විය හැකිය.

ඉකුත් ජූනි11 වනදා පෙරවරුවේ මඩකලපුව, කාත්තන්කුඩිය හිස්බුල්ලා මණ්ඩපයේදී ගිවිසුම් අත්සන් කරන්නට යෙදුනේ සෞදි අරාබියේ පූර්ණ දායකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනගන "Malik Abdullah University Collage" ලෙස නම් කර තිබූ නව විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම සදහායි. මෙම අවස්ථාවට සෞදි අරාබි රජයේ ප්‍රධාන ෂරීයා නීති උපදේකයා මෙන්ම ඉහළ පෙලේ මුස්ලිම් දේශපාලකයන් ද සහභාගී වී තිබිණි. නැගෙනහිර පළාත සදහා ඔලුවිල්හි අග්නිදිග විශ්ව විද්‍යාලය පිහිටුවා තිබියදී ඊට පිටින් මේ නව විශ්වවිද්‍යාලය බිහි වන්නේ වසරකට 1500 බැගින් දස වසරකදී "උලමා පූජකයන්" හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහලොස්දාහක් බිහි කිරීම අරමුණු කර ගනිමින්ය.

රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන එකම විශ්ව විද්‍යාලයක්වත් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයාගේ හෝ මේ රටේ යථිවරයකුගේ හෝ නමින් නම් කර නැත. බෞද්ධ භික්ෂු අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ පසුව ජපුර සහ කැළණිය විශ්වවිද්‍යාල නමින් රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් කරගත් විද්‍යයෝදය, විද්‍යාලංකාරය වැනි මහා පිරිවෙන් පවා හැදින් වූයේ ඒවායේ නිර්මාතෘවරුන්ගේ නම් වලීන් නොවේ. (ලාංකීය භික්ෂු අධ්‍යපනයේ හදවත වූ විද්‍යයෝදය හා විද්‍යාලංකාර මහා පිරිවෙන් ජාතික විශ්වවිද්‍යාලය පද්ධතියට එකතු කරමින් පරිපූර්ණ භික්ෂුවක් බිහිකිරීම උදෙසාම ක්‍රියාත්මක වූ පිරිවෙන් මූලික කරගත් අසහාය භික්ෂු අධ්‍යාපන ක්‍රමය විනාශකර දැමීමේ ඓතිහාසික කුමන්ත්‍රණය ගැන අපි වෙනමම කතා කළ යුතුය) නමුත් අදටත් සිංහල මුස්ලිම් දමිළ ඇතුළු සියළුම දෙනාට ජාති ආගම් භේදයකින් තොරව ඒවායේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබී තිබේ. එසේ නම් ලංකා රජයේද අනුග්‍රහයෙන් බිහිවන මේ නව විශ්වවිද්‍යාලය සදහා සෞදි අරාබියේ රජු වන අබ්දුල්ලාගේ නම තැබෙන්නේ ඇයිදැයි සිතා බැලිය යුතුය.

ඉස්ලාම් දේවධර්මාචාර්ය වරුන් බිහිවීම අපට ප්‍රශ්නයක් නොවේ. ඉස්ලාමීය දේවධර්මාචාර්ය වරුන් කී දාහක් බිහි වූවත් ඔවුන් මේ රටේ ඉන්නවානම් අනිවාර්යෙන්ම මේ රටේ නිවැරදි ඉතිහාසය, සංස්කෘතිය කුමක්දැයි ඉගෙනගත යුතුය. ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගනිමින් ඊට අනුව මුස්ලිම් සමාජයද හැඩගැස්විය යුතුය. නමුත් ගැටළුව වන්නේ එය එසේ නොවීමයි. මේ ඇරඹෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදයේ තිඹිරිගෙය වූ සෞදි අරාබියාවෙන් හමන අතිශය භයානක වූ අරාබි ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය අනුගමනය කරන පූජක පැලැන්තියක්ම නිර්මාණය කරමින් මේ රට ඉස්ලාමීය අන්තවාදයට යටත් කිරීමේ සැළසුමේ තීරණාත්මක තවත් පරිච්ඡේදයක් බව අපි තව තවත් සාවධානව විමසා බැලිය යුතුය.

1980 "සියා උල් හක්" ජනපති යුගය පාකිස්ථානයට ද තීරනාත්මක කාල පරිච්ඡේදයකි. ඒ අරාබි මුස්ලිම් අන්තවාදීන්ට රිසි සේ කටයුතු කළ හැකි සියළුම මග විවර කරමින් පාකිස්ථානය මුස්ලිම් අන්තවාදයේ ගොදුරුබිමක් වීමට ඉඩකඩ සැලසුණු යුගයයි. ඒ අනුව අරාබියෙන් පැමිණි ආගමික පූජක ගුරුවරයන් හෙවත් මුල්ලාහ්වරුන්ගේ මූලිකත්වයෙන් ඇති කළ "මද්රසා" පාසල් ක්‍රමයෙන් ලබා දුන් මූලධර්මවාදී අන්තවාදී අධ්‍යපනය හරහා අවසානයේ බිහි වූයේ එකිනෙකා මරාගෙන මැරෙන අන්‍යාගමිකයන්ගේ ලේ දැකීමේ ආශාවෙන් පෙළෙන තලේබාන්, අල්කයිදා, තව්හිද් ජමාත් වැනි බිහිසුණු ගනයේ අන්තවාදී කල්ලි කණ්ඩායම්ය.

මෙම භයානක තත්වය හොදින් තේරුම්ගත් ජනරාල් ෆර්වෙස් මුෂ්රාෆ්  1999 දී බලයට පත් වූ පසු මුළින්ම කළේ පාකිස්ථානය පුරා පැතිරී තිබුණු මද්රසා පාසල් විසිදහසක් ක්ෂණිකව වසා දැමීමට කටයුතු කිරීමයි. එනිසා පාකිස්ථානය පුරා ඔඩු දුවමින් පැවති බිහිසුණු මුස්ලිම් අන්තවාදය ඒ නිසා යම් ප්‍රමාණයකට පාලනය කළ හැකි විය. මේ අරාබි මුල්ලාහ්වරුන් ප්‍රවර්ධනය කළ පාකිස්ථානු මුස්ලිම් අන්තවාදයේ ආසන්නතම ගොදුරයි.

"ගෑණුන්ට පාසල් එපා – පාකිස්ථානයේ ඝාතන
 

කාන්තාවන් පාසල් නොයැවිය යුතු බවත්, ඔවුන් අධ්‍යාපනය ලැබීමට සුදුස නැති බවත් පවසමින් පාකිස්තානයේ පාසල් බස් රියකට පසුගියදා බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය. මෙහිදී සිසුවියන් හා ගුරුවරියන් 14ක් මරුමුවට පත්වූ බව වාර්තාවේ. 2013.06.17

මද්රසා තුළ සෘජු ලෙසම ඉගැන්වෙන්නේ කුරාණයෙ දැක්වෙන මූලධර්මවාදී සංකල්පයන් වන අතර ඒ තුළින් බිහිවන්නේ ඉස්ලාම් අන්තවාදය හා යුධකාමීත්වය තුළින් බාහිර සමාජය තලා පෙළන ත්‍රස්තවාදීන්ය. ඇතැම් මද්රසාවන් නම් දරා ඇත්තේ ඉස්ලාමයේ ඇති යුධකාමීත්වය ප්‍රවර්ධනය කරන්නටමය. ඒවායේ මුසල්මානු සිසුන්ව පුහුණු කෙරෙන්නේ ඉස්ලාමය නොඅදහන්නන් හා සටන් කරන්නටත්, බටහිර හා තමන් ජීවත්වන භූමියේ බහුතරයගේ සාමාජීය මානසිකත්වයට එරෙහිව ක්‍රියා කරන්නටත්ය. මද්රසාවන් ගණනාවක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම යොමු වන්නේ ප්‍රචණ්ඩත්වය ඉගැන්වීම කෙරෙහි වන බවය.

නමුත් මුස්ලිම් රාජ්‍යයක් වූ පාකිස්ථානය පවා බරපතලකම හැදිනගෙන තහනම් කර දැමූ මද්රසා පාසල් ක්‍රමය මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක කර තිබෙන්නේ අනාගත ලංකා මුස්ලිම් රාජ්‍යයට අවශ්‍ය ත්‍රස්තවාදීන් බිහිකරමිනි. කළින් මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය සදහා පල්ලිය තුළ ක්‍රියාත්මක වූ මේ මද්රසාවන් අද පල්ලියෙන් පරිබාහිරව සාම්ප්‍රධායික මුස්ලිම් ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක් පාසා හතු පිපෙන්නාත් මෙන් දවසින් දවස ගොඩනගමින් පවතින්නේ අරාබියෙන් පැමිණ මෙහි පැළපදියම් වී විවිධ රාජ්‍යනොවන ඉස්ලාමීය සංවිධාන වල සෘජු මූල්‍ය දායකත්වයෙනි. අරාබියෙන් හා පාකිස්ථානයෙන් පැමිණි පූජකයන් මේවා මෙහෙයවන බව රහසක් නොවේ. එමෙන්ම මෙම මද්රසා පාසල් ක්‍රමය තුළ ගුරුවරුන් ලෙස ක්‍රියාකරන්නේ ඉහත කී උලමා පූජකයන් වීමත් නිසාම අරාබියේ ආධාර ඇතිව උලමාරුන් දහස් ගණනක් මේ රටේ බිහි කරන්නට උත්සහා කරන්නේ කුමක් සදහාදැයි දැන් අපට වැටහී ය යුතුය. එදා මූලධර්මවාදී අරාබි මුල්ලාහ් පූජකයින් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, බංග්ලාදේශයේ රග දැක්වූ නාඩගම කිසිදු බාධාවකින් තොරව පාලකයන්ද ගොනාට අන්දවාගෙන අපේ මාතෘ භූමිය තුළද ඔවුන්ට රිසි සේ ක්‍රියාත්මක කරත් දී  ඒ පිළිබදව යන්තමින් හෝ සොයා බැලීමටවත් මේ රටේ අමන දේශපාලකයන් මෙතෙක් කටයුතු කර නැත. ඒ වෙනුවට තම බඩගොස්තරය ගැනම හිතන රටේ ජාතියේ අනාගතය ගැන අංශුමාත්‍රයක හැගීමක් නැති පව්කාර දේශපාලක කදපනුවන් කරන්නේ තමන්ගේ ඡන්ද ගොඩ රැකගැනීම වෙනුවෙන් මේ මුස්ල්මානු අන්තවාදයට එරෙහිව හඩ නග බෞද්ධ බලවේගයන් හප කිරීමයි.

ගමේ ‍ගොඩේ ව්‍යවහාරය අනුවනම් "උලමෙකු හැඩීමෙන් ගමක්ම පාලුවේ, ‍එසේනම් අනාගතයේ දී උලමුන් දහස් ගණනක් රට පුරා සිය අන්තවාදී හඩතැලීමෙන් ගමක් නොව මුළු මහත් රටක්ම වැනසී නොයනු ඇතිද?" අහෝ ! අපේ දරුවන්ගේ අනාගතය.

සටහන - TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.06.17

1 comment:

  1. Online casino site - Lucky Club
    Lucky Club is your new online casino to enjoy slots from a trusted online casino and start winning today. Play thousands of games today! Rating: 5 · ‎2 reviews · luckyclub.live ‎Free · ‎iOS · ‎Entertainment

    ReplyDelete

Designed By Published.. Blogger Templates