Breaking News

Thursday, December 5, 2013

අන්‍යාගම් අතර බුද්ධාගම දියකර හරින සර්වාගමික කුමන්ත්‍රණයේ පැතිකඩක්

"මතක තියාගනිල්ලා... සුද්දා කවද හරි මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් උඹලගෙ දරුවන්ට කියාව හැම ජාති,ආගම්, බේදයක් එපා කියල. හැම ආගමක්ම එකයි කියල උන් කියාවි. (අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා) ඊට පස්සේ උඹලගෙ කොල්ලන්ට කෙල්ලන්ට ඇඩි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න වේවි"

ජාතියේ පිනට පහළ වූ අනාගාරි ධර්මපාල උතුමාණන්ගේ මේ සිහ නාදය හිතක් පපුවක් ඇති සිංහලයෙකුට කිසිම දිනක අමතක නොවිය හැකිවාක් මෙන්ම එතුමන් එදා තුන්කල් දුටු ණුවනින් පැවසූ දේවල් අද අප ඇස් ඉදිරිපිටම ජීවමානවම ක්‍රියාත්මක වෙමින් පවතින අවාසනාවන්ත පසුබිමක ජාතියේ කරුමයට 1948 න් පසුව රටේ පාලනය බාර ගත් කලු සුද්දන්ගේ පැලැන්තිය සැමදා සිංහල ජාතියේ කොදු නාරටිය වූ අපේ හාමුදුරුවන්ටද ඉනා බෙහෙත් ගිල්ලවා ඓතිහාසිකව ජාතිය ගොඩ නගාගත් ශ්‍රෙෂ්ඨ හර පද්ධතියත්, අසමසම බෞද්ධ සංස්කෘතියත් වල පල්ලට දක්කමින් සිංහල බෞද්ධ දේශය බටහිර ක්‍රිස්තියානි නව යටත්විජිතවාදයට ගොදුරු කරමින් සිටී. එක අතකින් එසේ වෙත් දී අනිත් පසින් අති භයංකර අරාබි ඉස්ලාමීය අන්තවාදී ප්‍රවාහයකට ද මව් බිම ගොදුරු වී අවසානය.

වසර සිය ගණනක් තිස්සේ වරින් වර මතුවන බෞද්ධයන් අන්‍යාගම්කරණය (ක්‍රිස්තියානිකරණය) කීරිමේ කුමන්ත්‍රණ විවිධ වේශයෙන් අප වෙත පැමිණියද ඒ සෑම අවස්ථාවකදීම අපේ මහා සංඝරත්නයත් දෑ සසුන් හිතකාමී බෞද්ධ ජන නායකයිනුත් ඉදිරිපත් වී මැඩ පවත්වනු ලැබුවද මේ අවස්ථාවේ එය පැමිණ ඇත්තේ මිතුරු වේශයකිනි. එය නම් මේ අවස්ථාව වන විට සූක්ෂම සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයයි. නැත්නම් අන්තර් ආගමික සංවාදයයි. එසේත් නැත්නම් සර්වාගමික සහජීවනයයි.

"සර්වාගමික සංකල්පය හා අන්තර් ආගමික සංවාදය" යනු වතිකානුව මගින් කතෝලික නොවන අන්‍යාගමිකයන් කතෝලික කිරීම සදහා දියත් කර ඇති අදෘෂ්‍යමාන කුමන්ත්‍රණයේ සැලසුමයි. මෙතෙක් තම ආගම ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයන් වූ බලහත්කාරකම් හා අල්ලස් (සහනාධාර, වරප්‍රසාද) ආදිය ලබාදීම් වෙනුවට වඩාත් මිත්‍රශීලී සවරූපයේ උපාය මාර්ගික ක්‍රමවේදක් අනුගමනය කිරීමේ ප්‍රවේශයයි. මේ එදා කඩුවේ බයිනෙත්තුවේ බලයෙන් පෙරදි ශිෂ්ඨාචාරය ආක්‍රමණය කළ බටහිර යටත්විජිතවාදය නව මුහුණුවර හෙවත් නව යටත්විජිතවාදයේ එක් ප්‍රවේශයක් ලෙස හැදින්විය හැකිය. ඒ සදහා පිඹුරුපත් සකස් කරනු ලැබුවේ 1962 - 1965 අතර පවත්වනු ලැබූ දෙවන වතිකානු සභාවයි. මෙම සභාවේ නිර්දේශ අනුව වතිකානුව මගින් 1964 දී ක්‍රිස්තියානි නොවන ආගම් සදහා වූ ලේකම් කාර්යාලය (Secretariat for Non Christians) පසුව "සර්වාගමික සංවාදය සදහා වන පාප් සම්මේලනය" (Pontifucal Council for Inter religious Dialog) නම් සංකල්පය පල්ලිය මගින් ක්‍රියාත්මක කරනුයේ ආගම් අතර සහජීවනය මුවාවෙන් ක්‍රිස්තියානිය පැතිරවීම සදහාය. ක්‍රිස්තියානිය හුදු ආගමක් පමණක් ලෙස සැළකිය නොහැකි වන අතර ඔද්දල් වූ බටහිර සංස්කෘතියේ බිහි දොර එයයි. එහෙයින් ක්‍රිස්තියානුකරණය යනු බටහිර සංස්කෘතික ආක්‍රමණයේ ප්‍රධානම අවිය ලෙස හැදින්වූවාට වරදක් නැත.  වතිකානුවේ සැළසුම මත ලංකා කතෝලික සභාවේ ප්‍රධානියා හරහා සර්වාගමික සහජීවන සංකල්පයට මුවා වූ මේ ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණය මේ අවස්ථාව වන විට සිංහල බෞද්ධ දේශය තුළද අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ සම හවුල්කරුවන් ලෙස අපේම මහා සංඝරත්නය යොදා ගැනුමද එම සැලසුමේම කොටසකි. ඒ අනුව ඌරාගේ මාලු ඌරාගේම ඇගේ තබා කපන න්‍යායෙන් අපේම සංඝරත්නය මගින් සියළු ආගම් එකය, සෑම ආගමකින්ම කියවන්නේ යහපතක්මය යැයි කියවයි. ඒ සදහා උන් අපේ ඇතැම් හාමුදුරුවන්ට ධර්මපාල තුමා කියූ ලෙස "ඉනා බෙහෙත්" කවා ඇත. බුදු දහමේ නාමයෙන් සිවුරු දරාගෙන බුදු දහම හා අන්‍යාගම් එකට සංසන්දනය කරන මේ "පල්ලි නිකායේ" භීක්ෂූන්ට අනුව බුදු හිමියන්ද, අල්ලාහ්ද, යේසුස් තුමන්ද, ඊශ්වරද සමානය. බුදුන් වදාල ශ්‍රී සද්ධර්මයත් බයිබලයේ, කුරාණයේ සදහන් වන දේව නියෝගයනුත් අතර වෙනසක් නැත. (බුදු දහම වැනි විශ්වීය දර්ශනයක් ඉස්ලාමව වැනි ප්‍රාථමික දේශපාලන මොඩලයකට සම කිරීම තරම් තවත් තිරශ්චීන ක්‍රියාවක් තිබිය හැකිද?) මෙයට වසර 2600කට පෙර බුදු දහම හදුන්වා දුන්නේ එවකට පැවති විවිධ ලබ්ධීන් 62කට එරෙහිවයි. සියළු ආගම් එක නම් සෑම ආගමකින්ම කියන්නේ එකක් නම් සෑම ආගමක්ම එකක් විය යුතුය. එය එසේ නොවන බව අවබෝධ කර ගැනීමට මැදි පෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපය දෙස මදක් අවධානය යොමු කීරීම පමණක් සෑහේ. එසේ නම් සියළු ආගම් එකය කියන මේ පල්ලි නිකායේ හිමිවරුන්ගේ ක්‍රියා කලාපය නොදැනුවත්කමද, ‍එසේත් නොමැතිනම් වරදාන, පිටරට සවාරි, හීනමානය හෝ කප්පමක් ලෙස ග්‍රහණයට ගැනීමක්දැයි ප්‍රශ්නයකි.

ප්‍රශ්නය එතැනින් නවතින්නේ නැත. අතිශය භයානකම උපද්‍රවය මෙයයි. අධිරාජ්‍යවාදීන් කෙතරම් යුධමය ලෙස බලවත් වුවද ලෙහෙසියෙන් මේ රට යටත් කර ගත නොහැකි වූයේ වසර දහස් ගණනක් තිස්සේ කහ චීවරයේ සෙවණ යට ගොඩ නැගුණු සිංහල බෞද්ධයන්ට භික්ෂූන් වහන්සේගෙන් ලැබුණු අසමාන නායකත්වය හා ශක්තිය නිසායි. සිංහලයාත් බෞද්ධකමත් එකට බැද තබන ජීවමාන යදම බෞද්ධ භික්ෂුව බව තේරුම් ගත් එදා අධිරාජ්‍යවාදීන් ලෙයට ලෙය බැදුණු ඒ සම්බන්දය බිද දැමීම සදහා නොකළ දෙයක් නැති තරම්ය. මුල් යුගයේදී භික්ෂූන් වහන්සේලා බුරුතු පිටින් අමු අමුවේ ඝාතනය කළහ. වෙහෙර විහාර ගිනි තැබූහ. පන්සල මූලික කරගෙන ගොඩ නැගුණු අධ්‍යාපනය විනාශ කර බටහිර අධ්‍යාපනය ආදේශ කළහ. නමුත් සියවස් ගණනාවක් තිස්සේ කරන ලද අනේකවිධ සාහසික අපරාධ වලින් පවා භික්ෂුවත්  සිංහල බෞද්ධයාත් අතර පවතින අධ්‍යාත්මික බන්ධනය බිද දැමීමට අධිරාජ්‍යවාදීන්ට නොහැකි වූයේ ‍බුදු දහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතිය සිංහලයා‍ගේ ලේ මසටම කා වැදී තිබුණු නිසායි. සිංහලකමත් බෞද්ධ කමත් වනසා දමා මේ රට ආධ්‍යාත්මිකව  යටත් කර ගැනීමටනම් බෞද්ධ භික්ෂූව නම් වූ අසහාය චරිතය විනාශ කර දැමිම අනිවාර්ය සාධකයක් බැවින් ආක්‍රමණයේ මුහුණුවර එදාට වඩා අද තරමක් මිත්‍රශීලී වී තිබේ. සුද්දන් ඉතිරි කර ගිය කලු සුද්දන්, සර්වාගමික සංකල්පය නමින් කරලියට ගෙන තිබෙන්නේද සුද්දන්ගේ රුදුරු වැඩපිළිවෙලේම ඉදිරි පියවරයි. සියළු ආගම් එක යැයි සමාජගත කරන මතයට සමගාමීව එළි බහින්නේ භික්ෂූන් වහන්සේ හා අන්‍යාගමික පූජකයන් සමතැන් ගැන්වීමයි. සර්වාගමික පූට්ටුවේ පැටළුණු රටේ සම්භාවනාවට පාත්‍ර වූ ඇතැම් වියත් භික්ෂූන් වහන්සේ අන්‍යාගමික පූජකයන් සමග එකට රට සවාරි ගහන්නේත්, ඔවුන් සමග එක පතේ බුදිමින් එකට හිද මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේත් පල්ලියේ දනට වඩින්නේත්, පන්සලේ නොම්බි අරින්නෙත් ඒ අනුවයි. මේ හරහා ඔවුන් සූක්ෂමව රටට දෙන පණිවිඩය වන්නේ භික්ෂුව සතු වූ සමාජ නායකත්වය අන්‍යාගමික පූජකයන් අතර සමසේ බෙදාගෙන භික්ෂූන් වහන්සේට හිමවන සුවිශේෂී සමාජ භූමිකාව දිය කර හැරීම  බව සියළුම බෞද්ධයන් කල් නොයවා වටහාගත යුතුව තිබේ. භික්ෂූන් වහන්සේගෙන් තොරව බෞද්ධයාගේත් බුදු දහමේත් අනාගතය කේසේ වෙයිදැයි සිතා බැලීමෙන් කුමන්ත්‍රණයේ අවසාන අරමුණ කුමක්දැයි දැන් ඔබට වැටහිය යුතුය. 

  • සිංහල බෞද්ධ අනන්‍යතාවය නැත්තටම නැති කිරීම, අනාගතයේ නැති ආගමික යුද්ධ ඇතිකිරීම, රට අබල දුබල කිරීම හෙවත් සිංහලයාට ජාතියක්, ජන්මයක්, ආගමක් නැති කිරීම.

  • පන්සල් හා ඒ අවට ඉඩම් සමසේ බෙදාගැනීමට , බහු කෝලම්, බහු ගති, බහු පිස්සුව අපේ ළමුන්ට හා අපහට විවිධ ප්‍රචාරක වැඩසටහන් හරහා එබ්බවිමට ක්‍රියා කිරීම හා එමගින් අප සිත් දිනාගෙන අප හදවත් ඔවුන් කෙරෙහි නැබුරු කරවා අප අපට අයිති සම්පත් කෙරෙහි ඇති අවධානය අඩු කරවා තම සම්පත් වැඩි කරගැනීමට මාන බැලීම.

  • සිංහල ජනනායකයන් පසු පස ගොස් මිත්‍රකම් ගොඩනංවාගෙන ඔවුන්ව රවට්ටා මස් කෑමත් නොකැමත් එකයි, බුදුන් වැන්දත් දෙවියන් වැන්දත් එකයි, බයිබලයත්, කුරානයත් ,ත්‍රිපිටකයත් පැහැදිලිවම එකයි යන අමොනෝන්ඤ මත සිංහල බොදු ජනතාවට පැවසීමට හා සිංහලයගේ සිත් දිනාගත් ජන නායකයන් යොදා ගෙන එමගින් සිංහල බොදු අප සාරධර්ම කෙරෙහි ඇති විස්වාශය පලුදු කිරීම .

  • සර්වාගමික පිස්සුව හෝ නාඩගම ගැන කතිකා කරන සෑම වැඩසටහනකටම සිවුරු ඇදගත් දෙවදත්තයන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කරගැනීමට වෑයම් කිරීම හා එමගින් නිවැරදි සංඝයා වහන්සේලා ගැන බුදුදහම ගැන සැක කටයුතු වන ආකාරයේ වැරදි ප්‍රකාශන කෙසේ හෝ ලබා ගැනීම.

  • සංඝයා වහන්සේලාට මෙන් සමානව මේ නොපැවිදි පුජකයන්ටද සමජයේ ප්‍රමුකස්ථානය ලබාගැනීම හා එමගින් ආණ්ඩු මෙල්ල කිරීමට උත්සහා කිරීම.

  • නැති ඊළමක් ගොඩ නගාගෙන එහි මුලික ආගම පුජක ආගමක් කරගැනීමට වෙර දැරීම.
  • රට අස්ථාවර කිරීමට මාන බලන එන්.ජි.ඕ නඩයන් පෝෂණය කිරීමට හා එවන් සංවිධානවලට පිරිස් වැඩි කර ගැනීමට සර්වාගමික පිස්සුව, නාඩගම හරහා උදවු කිරීම.

  • බෞද්ධ මනෝ මුලික සාධකයන් ඉවත් කොට සර්වාගමික මනෝ මුලික සාධකයන් බොදුනුවන් හරාම සමාජ ගත කිරීම.

  • වෙනත් රටවල් වල බලය හරහා සිහළ බොදුනුවන්ගේ උරුමය පාලනය කිරීමට සමත් විවධ සංවිධානවලට නාගරික හා ග්‍රාම්‍ය වශයෙන් තොරතරු සැපයිමට සමත් තරුණ,තරුණියන් සර්වාගමික පිස්සුව හෝ නාඩගම නාමයෙන් නම්වා ගැනීම.

  • සතවර්ෂ පහකට වැඩි කාලයක් උත්සහා කෙරුවද තවමත් ගොඩනගා ගනීමට බැරිවුන දේව රාජ්ජ්‍ය නව මුහුණු වරකින් එලි දැක්වීම.

  • රටේ ප්‍රධාන පාලන පක්ෂය සිංහල බොදු චන්දයෙන් පත්වුවක් නම් එම මතය දීර්ඝ කාලීනව වෙනස් කිරීමට හා පාලනය අල්ලා නැවත අල්ලා ගැනීමට,වෙනත් ආගමික නැබුරුවක් ඇති ජනනායකයන් රට දිනු පක්ෂය තුල ඇතිබව සියුම්ව හුවා දැක්වීමට සාර පෝය දිනයන්හිදීද පවා වැලක්විය නොහැකි දේශීය හා විදේශීය සංචාරයන් නිර්මාණය කිරීමට ආරාධනා සියල්ල රටට පදුවන්සේ අන්තර් ජාතිකව කල්වේලා බලා සකස් කරදීම.

  • ප්‍රසිද්ධ බෞද්ධ ස්ථානවලට ගොස් සර්වාගමික වැඩසටහන් පැවැත්වීම. ආචාර්ය,මහාචාර්ය වරු මුදල් හදල් දී රවට්වාගෙන සර්වාගමික පෙරහැරවල්වල පෙරමුණේ රාළ කරගැනීම.

  • විවිධ සිහළ සංස්කෘතික නැටුම්, ගැයුම්,වැයුම් හා කලා පෙරටුකරගෙන තම දේව ආගමික උත්සව පැවැත්වීම හා එම අවස්ථා මගින් මුදල් දී පාරම්පරික නැටුම් කණ්ඩායම් ලවා පුජකයන්ටත් සිහළ උත්සවාකාරයෙන් බෙර වාදනය කරගැනීම හා එමගින් දේව ආගමට සිහළ සුවරුපයක් ඔබ්බවා ගැනීම.

  • බෞද්ධ යන් විසින් තෙරුවන් උදේශා පමණක් භාවිතා කරන වචන සර්වාගමික පිස්සුව හෝ නාඩගම (වැඩසටහන්) පවත්වන කාලය තුල දී පුන පුනා පුජකයන් ඇමතීම සදහා භාවිතා කිරීම.

  • සුදු පාට පුජක සිවුර ටිකෙන් ටික කහපාට වර්ණයෙන් වසාගැනීම හා සැරසිලි සියලක්ම සදහා බෞද්ධයන් විසින් තෝරාගත් වර්ණ භාවිතා කිරීම.

  • අවසාන වසයෙන් පුජකයා ලොක්කා(ලොකු මිනිසෙකු) වී මෙම සර්වාගමික වැඩසටහන් වලට සහභාගී වන සිවුරට මුවා වුනු සංඝයා වහන්සේලා සොක්කා(බාලයෙකු) කිරීම.
වැනි වූ විවිධාකාර මුහුණුවරයන්ගෙන් සමාජගත වන මේ සාහසික ක්‍රියාදාමය දියත් කිරීම සදහා පාලනතන්ත්‍රයේ මහතැන් ද සූක්ෂම ලෙස ඩැහැගැනීමට පල්ලියේ නි‍යෝජිතයෝ සමත්ව තිබේ. බුද්ධාගමේ පැවැත්මට වගකියන ඉහළම රාජ්‍ය ආයතනය වන බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ඇමතිවරයාගේත් සර්වාගමික උන්මත්තක ක්‍රියාකලාපයෙන්ම ඒ බව වටහා ගැනීමට අසීරු නොවනු ඇත. ඊට අමතර තමන්ගේ වාහකයන් යොදා ගනිමින් රාජ්‍ය රාජ්‍ය නොවන විද්‍යුත් මාධ්‍යද යොදාගෙන සූක්ෂම ලෙස සර්වාගමික සංකල්පයෙන් බෞද්ධ සමාජයේ මොළ ශෝධනය කිරීමේ මෙහෙයුම ද සාර්ථකව දියත් වෙමින් පවතී.

වහාම සංකල්පීයව මරා දැමිය යුතු සර්වාගමික උන්මත්තකයන් පිළිබද "කැළුම් ගමගේ" සොයුරාගේ පහත දැක්වෙන ලිපියේ පැදිලි කර තිබේ.

බුදු දහමේ පරමාර්ථය නිර්වණාවබෝධයයි. එහෙත් නිවන් අවබෝධය තෙක් ඇති මාර්ගයේ යනතාක් කල් බෞද්ධයන් විසින් හැසිරිය යුතු ආර්ය ගුණධර්ම බුදු දහමේ පැහැදිළිව දක්වා ඇත. "සබ්බ දානං ධම්ම දානං ජිනාති" ලෙස බුදු හිමියන් දෙසූ පරිදි උතුම්ම දානය ධර්ම දානය බව බෞද්ධ අප පිළිගනිමු. බුදුපියාණන් මේවා වහන්සේ දේශනා කර නිකන් සිටියේ නැත. උන්වහන්සේ සෑම විටම තුන්බෑ ජටිලයන් හා සර්වබලධාරී දෙවියකු පිළිගත් බබුණන් වැනි අය වෙත එළඹ ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය හෙළිකර දීමෙන් ඔවුන් නිවන් මගට යොමු කලහ. එහෙත් ඉන් හැර උන්වහන්සේ හෝ උන්වහන්සේගේ කිසිම ශ්‍රාවකයාණන් වහන්සේ කෙනෙකු මිත්‍යා දෘෂ්ටිකයන් සමග උරිනුර ගැටී කා බී සමාගම් පවත්වන්නට ගියේ නැත.

මෑතභාගයේ බුදු දහම සහ එහි උතුම් අරමුණ විකෘති කරමින් සර්වාගමික නමින් හැඳින්වෙන පිරිසක් කලඑළි බැස ඇත. ඔවුන්ට අනුව වෙනත් මිත්‍යා දෘෂ්ටික ආගමක ඇති දෑ වල වැරදි සැබෑ බෞද්ධයන්ට හෙළි කිරීම සහ දෙලොවටම අන්තරාදායක වන මිත්‍යා දෘෂ්ටික පිළිවෙත් වලින් සැබෑ බෞද්ධයන් ඈත් කිරීම වැරදි වැඩකි.

මෙවැනි සංස්කෘතික නපුංසකයන් බෞද්ධයන්ට පමණක් නොවේ සර්ව ලෝකයටම මහත් විෂබීජයකි. ඔවුන්ට කිසි දිනෙක මිත්‍යා දෘෂ්ටිකයකුට බුදු දහමට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටිය හෙළිකර ඔවුන්ව නිවන් මගට ගැනීමට ක්‍රියා කර නැත. එසේම ඔවුන් තුම්බෑ ජටිලයන්, සච්චකයන්, අලවු යකුන් සහ සර්වබලධාරී බ්‍රහ්මයන් දමනය කල බුදු හිමියන් පවා වැරදි යයිද එසේ කිරීමෙන් අලවු යකාගේ මානව අයිතීන් බුදු හිමියන් උල්ලංඝණය කර ඇතැයි නොබෝ දිනකින් පවසනු ඇත. නිසැකවම මෙම නාමික බෞද්ධ සර්වාගමික උන්මන්තකයන් බුදු දහමට එරෙහිව යන අබෞද්ධ යයි කිවහැකි අමුතු ආජීවක පිරිසක් බව සංගතව හා කරුණු සහිතව මෙම ලිපියෙන් අප ඔප්පුකර සිටිමු.

බුදු හිමි මග යන බෞද්ධයා බුදු දහමට සාපේක්ෂව මිත්‍යාදෘෂ්ටික ආගම් විවේචනය කරන්නේත් සමහර පරලොව දුගතියට හේතුවන මිත්‍යාදෘෂ්ටික පුරුදු සමාජයෙන් ඈත් කරන්නේත් ඔවුන්ට නිවන් මගට හෙවත් නිවැරදි බෞද්ධ මගට කෙරෙන ආරාධනයත් සමගමය. එහෙත් මෙහිදී සර්වාගමිකයින් කටින් කෙල හලමින් බෞද්ධයට බුරනු අප දැක ඇත්තෙමු. සර්වාගමිකයින් සහ බෞද්ධයන්ගේ වෙනස බුදු දහමට සාපේක්ෂව තව දුරටත් විමසා බලමු.

අත්තූපනායික ධර්මයේ ත්‍රිකෝටික පාරිශුද්ධියට අනුව නිවැරදි බෞද්ධයෙක් පහත අකාරයේ හැසිරීම් දක්වයි

1. වැරදි ක්‍රියාවෙන් වැළකෙයි

2. අනුන් වැරදි ක්‍රියාවෙන් වලක්වයි

3. වැරදි ක්‍රියා හඳුනා ගනිමින් ඒවායෙන් වෙන්වීමේ ගුණ වර්ණා කරයි

මිත්‍යා දෘෂ්ටික භාවය ඇතියන් සහ සත්ව හිංසනය කරන්නන් දෙලොවටම අන්තරාදායක වන වසලයන් බව බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ පැහැදිළිව දේශනා කර ඇත. බ්‍රහ්මජාල සුත්‍රයට අනුව තම සදාකාලිකයයි සිතා සිටින විධාකර දෙවිවරු මිත්‍යා දෘෂ්ටික ගණයට වැටෙන අතර නිසැකවම එවැනි දෙවියන් පිළිගන්නා හිංසාකටයුතු ක්‍රියාවල යෙදෙන අනුගාමිකයන්ද වසල ගණයට අයත් වෙති. යම් කිසි බෞද්ධයෙක් හෝ භික්ෂුවක් ඔවුන්ව අනුමත කරමින් ඔවුන් සමග සමාගම් පවත්වයි නම් බුදු දහමට අනුව උන් ඉතාම පහත් පවිටු සිත් ඇත්තන් වෙති. වසල ක්‍රියා අනුමත කරමින් ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටියට සහය දක්වමින් පිරිවර සහිතව වෙසෙන පවිටු භික්ෂුන් මෙලොව සිටින පහත්ම වසල සොරුන් බව බුදු හිමියන් සූත්‍රය අවසානයේදී පැහැදිලිව දක්වා ඇත.

සිංහලයන් ඉතා පැහැදිලිව මතක තබාගත යුතු කරුණ මෙයයි. බුදුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයන් තබා කිසිවෙකුට හිංසා කිරීම සෑම විටම හෙළා දුටුවද කිසිම විටක එවැන්නන්ගේ මිත්‍යාදෘෂ්ටික මතවාද බිඳ හෙලීම හිංසාවක් ලෙස දුටුවේ නැත. එසේම බෞද්ධයන් සැමවිටම දෙලොවටම අන්තරාදායක මිසදිටු අදහස් හා පිළිවෙත් වලින් ඉවත් වී සිටිය යුතු බව දේශනා කලහ.

භික්ෂුවකගේ හෝ සිංහලයෙකුගේ නාමයෙන් පෙනී සිටියද, ඉතාම පැහැදිලිව බුදු දහමට මිසදිටුවන් හා, ඔවුන්ගේ මිසදිටු අදහස් පිළිවෙත් අනුමත කරන්නන් නින්දිත වසලයන්ම පමණක් වෙති. එවැනි බෞද්ධ ගිහියෙක් වේනම් ඔවුන් බෞද්ධ සමාජයෙන් ඉවත් කිරීමත් මහණෙක් වේ නම් ඔවුන් ගිහිකොට සසුනෙන් නෙරපීමත් සිංහලයාගේ පරම වගකීමක් වෙයි.

සටහන - TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.05.29

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates