Breaking News

Tuesday, November 18, 2014

කඩවත පල්ලියකින් ශ්‍රී සද්ධර්මය විකෘති කරයි

ව්‍යවහාර වර්ෂයෙන් 505න් ඈරඹි සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය නොයෙක් විලාසයන් ගනිමින් වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා අද දක්වාම පවතී. එය විටෙක මෙහි පැමිණියේ පෘතුගීසි ආක්‍රමණය ලෙසින්ය. විටෙකදී ලන්දේසි හා ඉංග්‍රීසී ආක්‍රමණ ලෙසින්ද පෑමිණියේය. ඒ සෑම අවස්ථාවකදිම කතෝලික,ක්‍රිස්තියානි,රෙපරමාදු,පෙන්තකොස්ත,ඇංග්ලිකන්,මෙතෝදිස්ත,සෙවන්ත් ඩේ,යොහොවා විට්නසස් සහ කල්වාරි ආදී නානාවිධ ස්වරූපයෙන් පැමීණි ඔවුන්, එකම අරමුණ වූ දේව රාජ්‍ය සංකල්පය තුළදී සියලු දෙනා එකම රැහේ උන්ය. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රමයන් අත්හදා බලමින් මුලිකවම සිදු කළෙ කැලේ ගසක් නසන්නට කැලේ ගසක්ම ඉවහල් වන්නා සේ අපේම සිංහලයන් බෞද්ධකමෙන් ඈත් කොට ගනිමින් ඔවුන් ලවාම ඔවුන්ගේ දේවරාජික අරමුණ ඉටු කර ගැනීමටයි. එසේ නම්වාගත් සිංහලයන් අද වන වින්ට එම තිරශ්චීන මෙහෙයුමේ නියැලී සිටින්නේ විදේශික මූලධර්මවාදීන්ටත් වඩා හොඳින්ය. එය එසේ වුවත් කුමන හෝ හේතු කාරණාවන් නිසා ඔවුනට සිතූ තරම් පහසුවෙන් සිංහල බෞද්ධ හර පද්ධතීන්ට පහර දෙන්නට නොහැකි විය. එය වසර 500ක් ඉක්මවගිය තැනදී බෞද්ධකම පාවාදුන් සිංහලයින්ට දැඩිව දැනෙන නිසාදෝ හෝ සර්වාගමික සංකල්පය නැමැති මායාවක් මවාපාමින් බෞද්ධ දර්ශනය හා පෑහෙන්නට උත්සාහ කරති.

එම පාදඩ උත්සාහයේ ආසන්න එක් භයානක ප්‍රයත්නයක් වන්නේ බුදු දහමේ මුලික හරපද්ධතීන් අමු අමුවේ විකෘති කිරීමයි. අද වන විට රට පුරා යන ක්‍රිස්තියානි , කතෝලික මූලධර්මවාදීන් බෞද්ධ ජනයාගේ පමණක් දුර්වලතා, අපහසුතාවයන් සොය සොයා යමින් ඒවාට භෞතික අල්ලස් දෙමින් මුලා කරනවාට අමතරව සෘජුවම මානසික අල්ලස්ද දෙමින් සිය මිත්‍යාදෘෂ්ඨින් වෙත ඔවුන් නම්වාගෙන සතර අපාගත කිරීමේ කාර්යය යහමින් සිදු කරති. බොහෝවිට ඒවා සඳහා මිත්‍යාදෘෂ්ඨික දේශපාලකයන් ප්‍රමුඛ නඩයන්ගෙන් නොමද පිටුවහලක්ද ලෑබේ.

පසුගිය දිනෙක කඩවත, මහර, කිරිමැටියාගාර ශාන්ත අන්තෝනි නැමැති පල්ලියකදී තිළිණ අලහකෝන් හා චාන්දනී නමැති දෙදෙනාගේ විවාහ මඟුලක් අර්නස්ට් පෝරුතොට පාදිලි තෑනගේ මූලිකත්වයෙන් සිදු කරන මුවාවෙන් මෙම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට ඇත. විවාහ මඟුලට යවන ආරාධනා පත්‍රයක් ලෙසින් සකස් කොට ඇති මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත්කවි යන මැයෙන් ආරාධනා පත්‍රයේ මුලදීම දක්වා ඇත. එම හැදීන්වීමම ඉතා විකෘති සහගතය, මන්ද අෂ්ටක සහ ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායේ පමණක්ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශීර්වාද පිණිස භාවිතා කරන මංගල ගාථාවන් විකෘති කොට ඇත්තේ කිසිදු තැකීමක් හිරිකිතයක් නොමැතිවයි.




භවතු සබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ දුතයාන…..
සබ්බ පීතානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

භවතු සබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ සාන්තුවරයාන
සබ්බ පුත්‍රයානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

භවතු සබ්බ මංගලම්
රක්ඛතු සබ්බ ප්‍රාණ පාරිත්‍යහීන
සබ්බ ශුධාත්මයානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

තුනුරුවනක් සිටින්නෙ බෞද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවනට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභුත මිත්‍යාදෘෂ්ඨික නාමයන් තුනක් ඉදිරිපත් කරමෙනි. බුද්ධ රත්නය , ධම්ම රත්නය , සංඝ රත්නය යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම්කොට ඇත්තේ

සර්වබල දෙවිදුන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුමි

යන බහුභුත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමුඅමුවේ විකෘතු කොට ඇත්තෙ මෙසේය.

සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං

ආදම්-ඒව සරණං
ආබුහාම් සරා සරණං
රෙබෙකා-ඊසාක් සරණං
සරණං වරං සරණං

ජාකෝබ්-රාකේල් සරණං
ජෝසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් -කුෂ් සරණං
සරණං සදා සරණං

ජුවකීම්- ආනා සරණං
සෙකරියස්-එලිසබෙත් සරණං
ජුසේ-මරියා සරණං
සරණං ඔබට සරණං

ධර්මය විකෘති කොට මඟුල කෑමේ මනාලයා වන තිළිණ අලහකෝන් නැමැත්තා මෙම පාපතර ක්‍රියාව සිතාමතාම සිදු කළ බව සහ එයින් ඔහු ලබන පහත් සොම්නස ඔහුගේ වචනයෙන්ම පවසන්නේ නම් “දේශීය කිතුනු විප්ලවයක පළමු පියවරක් සේ සලකා මම මහත් සොම්නසින් මෙම හෙළ සිරිතට බැතියෙන් හා සාඩම්බරව මුල පුරමි. සියලු සම්ප්‍රදායන් හොඳින් දැනගනිමින්, හදාරමින් , වඩා සංඥමයකින් හා අවස්ථානෝචිතව ලෙස තබන මේ හෙළ කිතුනු පියවර ….”

නානා විලාසයන් ගෙන් පැමිණි බටහිරගැති නුතන යුදෙව් ක්‍රිස්තියානිවාදය මෙම භුමිල තුළ මොනයම් ක්‍රමයකින් හෝ ස්ථාපනය ඔවුන් සැමගේ ඒකායන බලාපොරොත්තුව බවට මෙම ලියවිල්ලම මැනවින් සාක්ෂි දරයි.

“මහින්ද නාමල් පවසන පරිදි අපි තවමත් පොළවට මුල් නොඅදින පෝච්චියේ පැළ කල කතෝලිකයන්ය. විදේශිකයෙකු වු ජාකෝම් ගොන්සාල්වේස් පියතුමා මෙරටට පැමීණ සිංහල භාෂාව හදාරා මුල් අඩිතාලම දැමුයේ ඒ පෝච්චියෙන් අප දහම මුදවා පොළවට මුල් අද්දවා මේ භූමියේ කොටසක් බවට කිතු දහම පත් කිරීමටයි. ඉන් පසු ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් , ගරු ඇලෝයි පීරිස් පියතුමා සහ අර්නස්ට් පෝරුතොට පියතුමා වැන්නන් කිතු දහමේ රෝමානු වස්ත්‍රය ගලවා එයට දේශීය වස්ත්‍රාභරණ පැළදවීමේ ඓතිහාසික හා අත්‍යාවශ්‍ය සටනට උදාරතරව උර දුන්නහ.” (ගරු යන්න දැමුයේ මෙය උපුටා ගැන්මක් නිසා බව කරුණාවෙන් සලකන්න)

මහින්ද නාමල් පවසන පරිදි යන්න යෙදිම තුළින් ක්‍රිස්තියානි හා කතෝලික ආදී නොයෙක් නාමයන්යෙන් හදුන්වන සමස්තයම දැඩි බෞද්ධ විරොධී සිවරුපයක් පෙන්වනවා නොවේද ? වත්මන් දේශපාලන නායකත්වය ඔවුන්ගේ කෝණයෙක් දකින්නේ තම පටු මිත්‍යාදෘෂ්ඨික පරමාර්ථ සාදනය උදෙසා දැඩි බාධාවක් බවයි. එහි සත්‍යාසත්‍ය බව කෙසේ වෙතත් එයින් එම නායකයන්ට ඔවුන් විසින්ම තව කරුණක් දැඩිව අවධාරණය කරනවා නොවේද ? එ මන්දයත් එම නායකත්වය නිර්මාණය කිරීම සදහා ඔවුන් කිසිදු දායකත්වයක් නොසැපයු බව සහ ඔහුගේ නොපැමිනීමට අවශ්‍ය කටයුතු සියල්ල ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් සිදුකළා යන්නයි. එනිසා වත්මන් නායකත්වයට වක්‍රාකාරයෙන් පවසන එම සත්‍ය පසක් කොට ගෙන වසර 500 කට අධික කාලයක් තිස්සේ මේ රටේ තිබෙන එකම ප්‍රශ්නය වන සිංහල බෞද්ධයන්ට හිමි තැන අහිමි කිරිම පිළිබද ගැටලුවට නිසි විසඳුමක් නොදෙන්නේ මන්ද යන්න අසනු කැමැත්තෙමු. එම ලියවිල්ලේදී පෝරුවේ චාරිත්‍ර කළා යැයි පවසන චමින්ද සංජීව නැමැත්තා හා අර්නස්ට් පෝරුතොට පාදිලි තැනද සිය අදහස් දක්වා ඇත.

බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා යන්නා ජය පිරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන , අට්ඨුත්තර සතමංගල ලක්ඛණානුභාවේන ඡබ්බණ්න රංසියානුභාවේන , කේතුමාලානු භාවේන , දසපාරමිතානුභාවේන, ආදී ලෙස පවතින මහානුභාව සම්පන්න ජය පිරිත විකෘති කොට ඇත්තේ

පීතානු භාවේන
පුත්‍රයානු භාවේන
ශුධාත්මයානු භාවේන
ආ වඩා ආයු බෝ වේවා

සාමුවෙල් දූත භාවේන
ගාබ්යෙල් දුත භාවේන
ඡොපියෙල් දුත භාවේන
මිඛායෙල් දුත භාවේන
රෆායෙල් දුත භාවේන
උරියෙල් දුත භාවේන
සදිකියෙල් දුත භාවේන
සදා සුරක්ෂා වේවා…..

ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් ඉදිරිපත් කරමින් භාවේන ආදි ලෙසින් විකෘති කොට ඇත. (මෙහි සදහන් නොකළ නම් රාශියක් ඇත.) එමෙන ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම මත සකස් වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇත.

සිංහල බෞද්ධයින් බහුතරයක් සිටින මේ රටේ මෙවන් දෑ සිදු වියයුතුද යන්න සැබැවින්ම තර්කයට භාජනය වියයුතු කරුණකි. අතීතයේ සිට මොනතරම් ආක්‍රමණ සිදු වුවත් ඉතිහාසයේ සිංහල බෞද්ධයින් නිසා කලු පැල්ලම් සටහන් වි නොමැත. නමුත් සුලුතරයක් වු අන්‍යාගමික , අන්‍යජාතික පිරිස් අතින් බහුතරයක් වු සිංහල බෞද්ධයින්ට අනන්තවත් කෙනෙහිලිකම් සිදුවී ඇති බව අතීතය විසින්ම ප්‍රත්‍යක්ෂ කොට ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වු සුවහසක් ජනයා මෙරට තුළ විසීම හා ඉවසීමේ ගුණය මනාව ප්‍රගුණ කළ පිරිසක් සිටීම එයට හේතුවයි. මෙනිසාම දෝ අදවන විටත් අතීතය විසින් දායාද කළ කෙනෙහිලිකම් එලෙසින්ම සිදුවද්දි රටේ බෞද්ධ යැයි කියා ගත් පාලකයන් හා ශාසනභාරධාරී මහ තෙරවරුන් හා අනෙකුත් වගකිවයුත්තන් අන්ධයින් , බිහිරන් සේ කටයුතු කරති, මෙම සිදුවීමේදීද අපට මුහුණ දීමට සිදුවූයේද එවන්ම වූ අසාධාරණකම් හා කෙනෙහිලිකම් වලටය.

රටේ ඉහළින්ම සිටින්නේ එරට නීතිය යන්න හුදු පාඨයකට පමණක් සීමාවූවක් බවට පත්වී ඇත. බෞද්ධ අයිතියට සෑම අතින්ම පහරදෙමින් පවතිද්දී අකාලික වු ධර්මයටද සෘජුවම අවමන් කරමින් බෞද්ධ අයිතීන් උල්ලංඝනය කරන බව මෙම සිදුවීම කදිම නිදසුනකි. නීතියේ පිළිසරණ පතා මෙම සිදුවීමේදී බෞද්ධ සංවිධාන ලෙස හා පෞද්ගලික වශයෙන් කොතරම් පැමිණිලි ඉදිරිපත් කළද ඒවායෙහි ඉදිරි කටයුතු යම්තාක් දුරට ගොස් මුලධර්මවාදී නීතිභාරධාරීන් අභිමුවෙහි නැවතීම අතිශය කණගාටුවට කරුණකි. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙනවායැයි පවසන මේ කාල වකවානුවේදී සම්බුද්ධ ධර්මයට යන කල දසාව මෙයදැයි අප බලධාරීන්ගෙන් අසනු කැමැත්තෙමු. මෙම ධර්මය විකෘති කිරීම සම්බන්ධව ප්‍රථම වරට 2010-11-01 දින පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින් මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. එහි මුලික කරුණු තුනක් අවධානයට යොමු කර තිබිනි.

01. මූලික බුදු දහම විකෘති කිරීම ( ආශිර්වාද ගාථා, ජය පිරිත , තෙරුවන )
02. බෞද්ධයින්ගේ සිත් රිදවීම
03. බුදු දහමට අපහාස කිරීම. (පාලී භාෂාවට)

එහිදී එයට සම්බන්ධව වග උත්තරකරුවන් ලෙසින් නම්කොට තිබුනේ අර්නස්ට් පෝරුතොට, තිළිණ අලහකෝන් , චමින්ද සංජීව, රංජිත් රූබසිංහ සහ සාමවිනිසුරු කන්දේ ආරච්චි යන පිරිසයි. එම පැමිණිල්ල සම්බන්ධව තමාට රාජකාඊ කිරීමට කොට්ඨාශ මට්ටමින් නොහැකි බව දන්වමින් 2010-11-02 දින නියෝජ්‍ය පොලිස්පති තුමා වෙත යොමුකර තිබිණ. මෙම විකෘති කිරීම සම්බන්ධව 2010-11-03 දින කඩවත පොලිස්ථානයේදී ද පැමිණිලි අංක CIB.II.38146, MCR-4892-2010 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර 4432 දරණ අංක යටතේ එහි B වාර්තාවද පවතී. අනතුරුව කඩවත පොලීසිය ව්සින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නිතිමය කටයුතු සඳහා උපදෙස් පැතීමට නිතිපති වෙත මේ වනවිට එය ඉදිරිපත් කොට ඇත. CC/758/2010 12 09 දරන යොමු අංකයෙන් හා CTCCMS 01 11 10/ 05 01 11 දරන අංක වලින් එම පැමිණිල්ල නීතිපති කාර්යාලය වෙත යොමු කොට ඇත. නමුත් අවාසනාවක මහත මේ වන තෙක් ඒ සම්බන්ධ කිසිදු නීතිමය කටයුත්තක් සිදු වී නොමැත. අපගේ විශ්වාසය එය එසේ වීමට බලපා ඇත්තේ ඔහුගේ ලබ්දිය වන්නට ඇත. අනෙක අපට ඇති ප්‍රෙහෙළිකාව නම් වෙනත් කරුණු සම්බන්ධව නීතිමය උපදෙස් පතනවිට ක්ෂණිකව ක්‍රියාත්මක වන්නටත් මේ සඳහා එසේ නොවීමටත් ඇති බාධකය කුමක්ද යන්නයි. එපමණක් නොව බෞද්ධ කාරණාවන් සම්බන්ධ බොහොමයක් ලිපි ගොනු එලෙසින් හිරවී ඇති බව අපගේ දැනීමයි. මෙනිසා මෙම අවාසනාවන්ත තත්වයන් පිළිබඳ නිර්ණය කිරීමට භාර දෙන්නේ මේ රටේ අතිබහුතරයක් වු සිංහල බෞද්ධ ජනයා වෙතටයි. ඔබ විසින් තෝරා පත්කරගත් බලධාරීන්ට මෙන්ම කසේරුකාවක් නොමැති ශාසනභාරධාරී මහතෙරවරුන්ට ඇතුලු වගකිවයුත්තන්ට මෙම ශාසකින අභියෝගයක් හමුවේ මුනිවත නොරැක ඉදිරිපත්වන ලෙසට සහ මොනයම් ක්‍රමයකින් හෝ බලපෑමක් කිරීම ඔබගේ වගකීමයි. මෙතුවක් කල් මේ සිංහල ජාතියකත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගත්තා නම් ඒ සෑම අවස්ථාවකදීම එසේ සිදු වූයේ රතු පලස් හෝ පාවඩ මතින් නොවන බවද ඔබ තරයේ සිහි තබා ගත යුතුය.

නමස්කාරපූර්වක ස්තූතිය පූජ්‍යපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට.

කතෝලික පල්ලිය විසින් බුද්ධාගම ආශ්‍රිත වන්දනා ගාථා හා ගෞරවණීය යෙදුම් අවභාවිතයේ යෙදවීම ආරම්භ කළේ මීට බොහෝ කළකට පෙරය. මේ ඒ යුගයේ ලියවුණු ලිපියක් වූවත් මෙහි එන සියලු කරුණු එදාටත් වඩා අදට වලංගුය. ‍හේතුව එදා සුළුවෙන් ඇරඹි සංස්කෘතික මංකොල්ලය අද සිංහල බෞද්ධ සංස්කෘතික පදනම දෙදරවන තරමට පල්ලිය විසින් බොහෝ දුර ගෙන ගොස් අවසානය. තවත් සොරා කන්නට ඇත්තේ භික්ෂූන් වහන්සේගේ චීවරය පමණක් වන තරමට සියළුම බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවන් පල්ලියට ආදේශකරගෙන අවසානය.
Read more ...
Designed By Published.. Blogger Templates