Breaking News

Friday, October 10, 2014

ඇතුගල පාමුළ දී රීමික් වුණු දළදා මැදුර - සංස්කෘතික කොල්ලයේ තවත් දිගහැරුමක්

මේ රට බෞද්ධයන් සතු වටිනාම පූජ්‍ය වස්තුව කුමක්දැයි යමෙකු ඇසුවොත් නිතැතින්ම සිහි වන්නේ කන්ද උඩරට විරාජමානව වැඩ වසන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේය. සිංහල දේශවාසී අපට පමණක් නොව දළදා වහන්සේ මුළු මහත් ලෝක බෞද්ධ ප්‍රජාවගේම මුදුන් මල්කඩයි. එබැවින් උන් වහන්සේ වැඩ වාසය කරන මන්දිරයද එතරම්ම සුවිශේෂී වූවක් මෙන්ම එය මේ රටේ බෞද්ධයන්ගේ අති විශිෂ්ඨ ගෘහ නිර්මාණ කළාවත් අභිමානවත් අනන්‍යතාවයත් නිහඩව ලොවට කියා පානා මහාර්ඝ වූ සංඛේතයකි. සහෘදයිනි... මේ සමග ඇති ඡායාරූපය අවධානයෙන් නරඹන්න. සිංහල බෞද්ධකමට, අභිමානවත් හෙළ සංස්කෘතියට අපේකමට ආදරය කරන ඔබේ හදවතට වේදනාවක් ඇති නොවුණාද?

වරදවා නොගන්න මේ බෞද්ධ විහාරයක් නොවේ. මේ දළදා මැදුරේ පත්තිරිප්පුවත්, උඩරට ගෘහ නිර්මාණ කලාවත් (පියස්ස, රැළි පාලම්)අනුකරණය කරමින් ඉදිකර ඇති කිතුණු සභාවේ කුරුණෑගල දියෝකීසියට අයත් ඇතුගල පාමුළ පිහිටි ඇන්ග්ලිකානූ පල්ලියයි. පත්තිරිප්පුව මුදුනේ ‍වූ පරම පවිත්‍ර වූ නිර්වාණය සංඛේතවත් කරමින් රනින් බැබළුනු රන්කොතට වූයේ කුමක්ද? ආගමික සහජීවනය නම් වූ කඩතුරාවට මුවා වෙමින් මේ අවස්ථාව වන විටිත් කතෝලික සංස්ථාව හරහා අති සාර්ථකව දියත් වෙමින් පවතින සිංහල බෞද්ධ සංස්කෘති මංකෝල්ලයේ අවසාන අරමුණ කුමක් ද යන්න "රන්කොත" කුරුසියක් වීම තුළින් සංඛේතවත් වන බව ඔබ මොහොතකට සිතුවාද?

රටක් සතු සංස්කෘතිය යනු ඒ රට ගොඩ නැගූ ඓතිහාසික ජාතියේ අභිමානය ලොවට කියාපාන මූලික සාධකයයි. ඒ අනුව ලොව අන් කිසිම ජාතියකට දෙවෙනි නොවන අසමසම ශ්‍රෙෂ්ඨ සංස්කෘතියකට මේ රටේ ඓතිහාසික සංස්කෘතියේ උරුමක්කරුවන් වන සිංහලයන් හිමිකම් කියයි. මේකී සංස්කෘතිය සතු සියලු වටිනාකමුත් හර පද්ධතියත් ගොඩ නැගූනේ බුදු දහම නම් වූ අමිල දායාදය සිංහලයා සතු වූ බැවින්ම වන නිසා ඒ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය විය. ඒ අනුව ඓතිහාසිකව හෙළ බොදුණුවා ගොඩ නගා ගත් උදාර චින්තනයත් කළා ශිල්ප, ගෘහ නිර්මාණ ඇතුළු සියළුම ජීවන ක්‍රියාකාරකම්වලටත් හා සංකල්ප වලටත් නිත්‍ය පදනම වූයේ බුදු දහමයි. බුදු දහම නම් වූ යදමින් සිංහලයා කිසිදා ගැලවිය නොහැකි ලෙස හෙළ බොදු සංස්කෘතියට බැද තබා ඇත. සිංහලකමත් බෞද්ධ කමත් දෙකක් නොව එකක් වන්නේ ඒ අනුවය. (සිංහල කතෝලික / සිංහල ක්‍රිස්තියානි ලෙස විකාරරූපි පිස්සු මරගාතයක් ගොඩ නැගීමට ඇතැම් මානසික රෝගීන් මේ දිනවල උත්සහා කරමින් සිටින බවද මතක තබා ගත යුතුය.)

මේ රටේ අනන්‍යතාවයට කිසිම හිමිකමක් නැති අපකීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ලංකා කතෝලික සභාව මුළුමනින් ම බෞද්ධ සංකල්ප මත ගොඩ නැගුණු සංස්කෘතික අංගෝපාංගයනුත්, කළා නිර්මාණත්, (සදකඩපහණ, මකර තොරණ, පුන්කලස්, මගුල්බෙර වාදන, උඩරට නර්ථන ඇතුළු සියළු සංස්කෘතිකාංගත් බුදු දහමේ සෙවණ යට ගොඩනැගුණු සාම්ප්‍රධායික සිරිත් විරිතුත්)කොටින්ම මේ රටේ පදනම වූ භික්ෂූන්වහන්සේ සතු ප්‍රතිරූපයත් අමු අමුවේම කිතුණු ආගමට ආදේශ කරමින් කතෝලිකාගමද විහිළුවට ලක්කරමින් පවතින බව මේ වන විට රහසක් නොවේ. මෙය පැහැදිලිවම අමු අමුවේ ක්‍රියාත්මක කරන සංස්කෘති මංකොල්ලයකි. තමන්ගේ සංස්කෘතිය හෝ ඉතිහාසය වටිනාකම් වලින් තොර දුප්පත් එකක්නම් ඇති තැනකින් නැති දෙයක් ගත්තායැයි සිතා අපට නිහඩව සිටීමට නොහැකි තරමට ඔවුන් ඉදිරි පියවර කිහිපයක් මේ වන විට තබා තිබේ. සදකඩපහණ ඇතුළු හෙළ කලා නිර්මාණත් සෙසු සංස්කෘතිකාංගත්, ගෘහනිර්මාන ශිල්පයත් සිංහල බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රත් පල්ලියට ආදේශ කරගෙන ඒවායේ හරය විකෘති කර අමු අමුවේ කෙළෙසා දමා ඇත. යම් ජාතියක් හා සමාජයක් ඓතිහාසිකව ගොඩ නගාගෙන රැකගෙන ආ සංස්කෘතික උරුමය විකෘති කර විනාශ කර දැමීමට පල්ලියට බලය දුන්නේ කවුද?

සිංහල බෞද්ධයාගේ පදනමට පහර දෙමින් සදාචාර විරෝධී ලෙස අමු අමුවේ කරගෙන යන මේ මහා සංස්කෘතික දූෂණය සාධාරණීකරනය කිරීම සදහා පල්ලිය අපූරු සටකපට දීර්ඝකාලීන මෙහෙයුම් රාශියක් දියත් කර ඇත. ඒ වෙනුවේන් සිංහල බෞද්ධයන්ගේ ඇස් වැසීම සදහා සර්වාගමික සහජීවනය නම් වූ නින්දිත සංකල්පයක් සමාජගත කර ඇත. අන්තර් ආගමික සහජීවනය නම් වූ කඩතුරාවෙන් බෞද්ධයන්ගේ ඇස් වසා "විවිධත්වය තුළ ඒකීයත්වය" හා ක්‍රිස්තියානිය "දේශානුරූපීකරණය කිරීම" වැනි වචන හරඹ මුවාවෙන් කරලියට ගෙන ඇති මේ කූට මෙහෙයුම හරහා දියත් වෙන්නේ අන් කිසිවක් නොව ක්‍රිස්තියානි නව යටත් විජිතකරණ සැළසුමයි.

ඔබත්, මමත්, රටත්, ජාතියත්, ආගමත් වෙළාගෙන ක්‍රියාත්මක වන මේ බිහිසුණු නව යටත්විජිතකරණ සැළසුම නම් කුමක්දැයි බෞද්ධයන් වහ වහා හැදින ගත යුතුය. බොහෝ බැරෑරුම් කරුණු පසුවට තබා සරලව හදුනා ගනිමු. නාවික කර්මන්තය දියුණු වීමට සමගාමීව බටහිර ජාතීන් ලෝකයේ අක්මුල් සොයා පෙරදිගට යාත්‍රා කරන්නට පටන් ගැනීමත් සමග බටහිර ආක්‍රමණික යටත්විජිත යුගය ආරම්භ වෙයි. 1505 දී පෘතුගීසී නාවුක භට කණ්ඩායමක් අහම්බෙන් මේ රටට කඩා වදින්නේ ඒ අනුවය. එක් අතකින් තුවක්කුවත් අනිත් අතින් බයිබලයත් රැගෙන සිංහල රටේ පාළනය යටත් කර ගත් ‍පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසී පර ජාතීන් පූජකයන්ගේද මූලිකත්වයෙන් පන්සිය වසක් තිස්සේ මේ රටට ජාතියට ආගමට සංස්කෘතියට කළ මහා ව්‍යසනය ගැන අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නොවේ. වසර සියගණනක් තිස්සේ සුද්දන්ගේ යකඩ සපත්තුවෙන් පාගාගෙන සිටියන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ චින්තනයට යටත් වූ අවනත පිරිසක් මේ රටේ බිහි කරගැනීමට ඔවුන්ට නොහැකි විය. ඒ අන් කිසිවක් නිසා නොව මෙහි වැසියන් සිංහල බෞද්ධ සංස්කෘතිය හා ලෙයින් මසින් බැදී සිටි බැවිනි. එහි ජීවමාන යදම වූයේ භික්ෂූන් වහන්සේය. "මේ රටේ පරිපාලනය යටත් කරගත්තද මේ රට්ටුන් ආධ්‍යාත්මිකව යටත් කරගත නොහැක්කේ මේ ශක්තිමත් සිංහල බෞද්ධ සංස්කෘතික පදනමත් කහ කඩ හමුදාවත් (අපේ හාමුදුරුවන් වහන්සේලා)නිසා බව එදා සුදු ඒජන්තයන් බිරිතානි රජුට පැමිණිළ කලේ ඒ නිසාය. රට ආධ්‍යාත්මිකව යටත් කර ගැනීමටනම් සිංහල බෞද්ධ පදනම විනාශ කළ යුතුය. එතැන් පටන් ඇරඹෙන්නේ සිංහල බෞද්ධ දේශයේ කාලකන්නි අදුරුතම යුගයයි. ඔවුහු අපේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කළහ, වෙහෙර විහාර පොත් ගුල් ගිනි තැබූහ, වසර දහස් ගණනක් තිස්සේ සිංහල බෞද්ධයන් ගොඩ නැගූ දැනුම් පද්ධතියත් සංස්කෘතික හර පද්ධතියත් වනසා දැමූහ, අනාගත පරපුරේ මොළ ශෝධනය කර බටහිරගැත්තන් පිරිසක් බෝ කර ගැනීම සදහා පන්සල මූලික කරගත් අධ්‍යාපනය වනසා දැමූහ. නමුත් මේසා අහස පොළව නුහුලන තරමේ සංහාරයක් අවසානයේ සුද්දන් මේ රටින් පිටවෙද්දී ඔවුන් සිතූ තරම් ක්‍රිස්තියානිය අදහන බටහිර ගැත්තන් පිරිසක් බිහිකරගත නොහැකි වූයේ සිංහල බෞද්ධ පදනම මේ රටේ පසට පොළවට පවා කිදා බැස තිබුණු නිසා විය හැකිය.

20 වන සියවසේ මැද භාගයේදී ලෝකය පුරා උත්සන්න වුණු බටහිර යටත්විජිතකරන විරෝධී අරගල නිසා බොහෝ ජාතීන්ට නිදහස ලැබුණත් ඒ වන විටත් ඔවුන් වසර දහස් ගණනක් තිස්සේ ගොඩනගාගත් බොහෝ දේ අහිමි වී කුරුසය ලග දණින් වැටී විමුක්තිය යදින ආධ්‍යාත්මික වහල්ලුන් පිරිසක් බවට පත් වී තිබිණි. (නමුත් සිංහල බෞද්ධ රටේ තත්වය ඊට බොහෝ වෙනස් බව අප මතක තබා ගත යුතුය) සෘජු යටත්විජිතකරණ ක්‍රියාවලිය බිද වැටීමත් සමග බටහිරයන් යටත් විජිත රාජ්‍යයන් හැර ගියද ක්‍රිස්තියානි චින්තනයෙන් ඔවුන්ට උරුම වූ සිරුර පමණක් පිනවන අධිපරිභෝජනවාදී ජීවන රටාව තව දුරටත් නඩත්තු කර ගැනීම උදෙසා පෙරදිග රටවල ස්වභාවික හා මානව සම්පත සූරාකෑ‍මේ මොඩලය තව දුරටත් පවත්වාගැනීම අත්‍යවශ්‍ය විය. සෘජු යටත් විජිතකරණය වෙනුවට නව යටත්විජිතකරණ ව්‍යාපෘතිය එළි දකින්නේ මෙතැනදීය. එතෙක් කල් තුවක්කුවේ බලයෙන් කෲරත්වය පෙරමුණේ තබාගෙන පැමිණි බටහිර ආක්‍රමණය නව යටත්විජිතකරණය යටතේ පැමිනෙන්නේ වඩාත් මිත්‍රශීලී ආකාරයෙනි. බටහිර ආදිපත්‍යයේ බිහි දොර වූ ක්‍රිස්තියානිකරනය එදා සෘජු ලෙස ක්‍රියාත්මක වුව ද අද ක්‍රියාවට නැංවෙන්නේ වඩාත් සූක්ෂම හා නොමග යවන සුළු ආකාරයෙනි.
එදා තුවක්කුවේ බලයෙන් සිංහල බෞද්ධ පදනම විනාශ කිරීමට බටහිරයන්ට නොහැකි වූවත් අද පල්ලිය හරහා සූක්ෂමව ක්‍රියාත්මක වන සංස්කෘතික මංකොල්ලය හා විකෘතිය හරහා ඔවුන්ගේ අරමුණ සාර්ථක කරගෙන තිබේ. මේ හරහා ඉදිරියේදී බිහිවන්නේ විකෘති වූ සංස්කෘතියකි. මේ රටේ ඉතිහාසය සංස්කෘතිය නොදත් අක්මුල් සිද ගත් දරුපරපුරකි. සිංහලකම අපේකම නොදත් ඔවුන් අදටත් වඩා පහසුවෙන් බටහිරයන්ගේ සංස්කෘතික හා මානසික වහලුන් කරගත හැකි වෙනු ඇත. සර්වාගමික සහජීවනය, සර්වජාතික සංකල්පය ආදී බහුබූත පෙරමුණේ තබාගනිමින් මේ ක්‍රියාවට නැවෙන්නේ මෙකි සූක්ෂම වූ බටහිර නව යටත්විජිතකරණ ව්‍යාපෘතියයි.

අවසානයේ විශේෂ යමක් සදහන් කළ යුතුය. අද වනවිට සිංහල බෞද්ධයාගේ අනාගතය අදුරේ හෙළමින් අතිශයින්ම බරපතල වූ මුස්ලිම්කරණ හා ක්‍රිස්තියානි යටත්විජිතකරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. ජාතික සංවිධාන පාර්ශව මේ දෙකෙහිම බරපතලකම අදුනාගත්ත ද සංස්කෘතික මංකොල්ලය හරහා සිංහල බෞද්ද පදනම දෙදරවමින් කරගෙන යන මහා ව්‍යසනය පිළිබදව අවධානය යොමු නොකරන්නේ මන්දැයි අපි ප්‍රශ්න කළ යුතුය. පල්ලිය හරහා යම් කිසි අදිසි බලපෑමක් ක්‍රියාත්මක වන්නේද? නැතිනම් පල්ලියේ අදිසි නියෝජිතයන් විසින් ක්‍රිස්තියානිකරණයට එරෙහිව ක්‍රියාත්මක වීම උදාසීන කර තිබෙනවාද? ක්‍රිස්තියානි අධිකාරීන් සමග එක්ව මුස්ලිම්කරණයට මුහුණ දිය යුතු යැයි තවත් පිරිසක් මත පතුරවති. ක්‍රිස්තියානි පල්ලියේ සහය ලබා ගත යුතු නිසා ක්‍රිස්තියානිකරණය ගැන කතා කර ඔවුන් අමනාප කර ‍නොගත යුතු යැයි ඒ සමගම කියති. මේ අන් කිසිවක් නොව මුස්ලිම් කරණයට මුවා වී තමන්ගේ කූට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගැනීම සදහා පල්ලිය විසින් ක්‍රියාත්මක කරන ඩබල් ගේමක් බව බෞද්ධයන් අවබෝධ කර ගත යුතුය. ඒ මන්ද යත්, ක්‍රිස්තියානි අධිකාරීන් බෞද්ධ පාර්ශව සමග සම්බන්ධ වූයේ ඔවුන්ගේ වාසියට මිස ජාතියට හෝ රටට ආදරයකින් නොවන බව ඓතිහාසික සත්‍යයක් වන නිසාය.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates