Breaking News

Friday, October 10, 2014

රාජ්‍ය මෙහෙයවීමේ බලය මිනී මෝරුන් අතට.


අනාදිමත් කාලයක් පුරා මේ රටේ සිංහල සමාජයේ කෙන්ද්‍රීය සාධකය වූවේ අපේ භික්ෂූන් වහන්සේලාය. මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය, රට වැසියාගේ උපතේ සිට මරණය දක්වා සියළු ක්‍රියාකාරකම් කේන්ද්‍රගත වී තිබුණේ පන්සලත් භික්ෂූන්වහන්සේත් මුල් කරගනිමිනි. එ නිසා සිංහල බෞද්ද සමාජයේ අසහාය නායකත්වය නිතැතින්ම භික්ෂූන් වහන්සේ සතුවිය. එබැවින් මේ රටේ රජුන් තැනීමේ රජුන් හෙළීමේ උත්තරීතර දේශපාලන බලය උන්වහන්සේලා සතු වූවා පමණක් නොව ඒ බලය රටවැසියාගේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන්ම ක්‍රි
යාවේ යෙදවීය.

අතීතය එසේ වුවද වර්තමානය එතරම්ම සුභදායක නොවන අතර අනාගතය පිළිබඳ කවර නම් කතා ද? සංඝ සමාජයට හිමිව තිබූ එම සාභිමානී අසීමිත බලය අද කෙමෙන් පිරිහී ගොස් ඇති බව අපි කවුරුත් පිළිගත යුතු තිත්ත ඇත්තයි. එදා රජුන් තැනූ, මේ රටේ දේශපාලන බලවේගය මෙහෙය වූ අපේ හාමුදුරුවන් සතු වූ උත්තරීතර බලය අද සූක්ෂමව අත්පත් කරගෙන ඇත්තේ කවුද? කතෝලික, ක්‍රිස්තියානි පූජකයන් හා මුස්ලිම් ලෙබ්බෙලාය. ඔවුන් අද සිංහල බෞද්ධයාගේම කර මතින් බලයේ ඔසවා තැබූ පාලකයන් තමන්ගේ බහට නම්මවාගෙන තමන්ට අවශ්‍ය දිශාවට රට මෙහෙයවමින් සිංහල බෞද්ධ බහුතරය විනාශ කර දැමීම සදහා උගුල් අටවමින් සිටිති. (ආසන්නම උදාහරණය “ සිංහල බෞද්ධ බහුතරයට එරෙහිව රජය මෙහෙයවීමේ කතෝලික රදගුරුගේ කුමන්ත්‍රණය ගැන හෙළිදරව් කළ විකිලීක්ස් රහස්‍ය වාර්ථාව. එම වාර්ථාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය පහතින් දක්වා ඇත”)

එදා රටේ දේශපාලන බලවේගය මෙහෙයවීමේ අසහාය බලය මහා සංඝරත්නයට හිමිව පැවතියේ වර්තමානයේ මෙන් පක්ෂ දේශපාලනයට කොටු වී පටු පරමාර්ථ සාධනය කරගැනීමේ නියලූන නිසා නොව. උතුම් බුද්ධ චීවරයේ බලය නිසිලෙස සමාජගතව පැවති නිසාවෙනි. රජුන්ට අවවාද අනුශාසනා කරමින් රට, ජාතියට නිසි මග කීයූ මහා සංඝ බලවේගයට අද වන විට සිදුව ඇත්තේ කුමක් ද?. ඇතැම් භික්ෂූධන් වහන්සේ දෙපිලකට, තුන්පොලකට බෙදී තමන් නියෝජනය කරන කෙනාගේ හෝ කණ්ඩායමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් අසහාය භික්ෂූත්වය දාසකමේ යොදවති. ඒ මදිවාට නිකායවාදී, පළාත්වාදී, පටු කල්ලිවාදයන්වල ඇලී ගැලී විවිධ ස්ථර වලට බෙදී වෙන්වී හුදකලාව කටයුතු කරති. දිගින් දිගටම අපේ හාමුදුරුවන් වහන්සේ විවේචනය කිරීම අපට තරම් නොවේ, අප උඩ බලාගෙන කෙළ ගසාගැනීමට යත්න නොදරමු. මන්ද එය යළි අපගේ මුහුණෙහිම තැවරෙන බව දන්නා නිසාවෙනි.

අපගේ ශාස්තෘන් වහන්සේගේ දේශනාව වන්නේ ”සුඛා සංඝස්ස සාමග්ගී” යන්නයි. කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියන්නා සේ අපේ කොඳු නාරටිය කුමන ක්‍රමයකින් හෝ බිඳීමට යත්න දරන බටහිරගැති ක්‍රිස්තියානි බළල් අත්වලටත් අරාබි ඉස්ලාම් අන්තවදීන්ටත් සිය පාපතර අරමුණ ඉටු කරගැනීමට අප තවදුරටත් ඉඩ නොතැබිය යුතුය. එබැවින් සමස්ථ භික්ෂූන් වහන්සේ ශාසනයේත් සිංහල ජාතියෙත් ලක් දෙරණෙත් අනාගතය ගැන සිතා එකම අරමුණකට ඒකාග්‍ර වීය යුතුම අවස්ථාව දැන් එළැඹ තිබෙන බව අපගේ විශ්වාසයයි. නිකායවාදය, පළාත්වාදය, පටු කල්ලිවාදය පැත්තකට දමා අපේ හාමුදුරුවන් වහන්සේලා අත පැවති මේ රටේ දේශපාලනය මෙහෙයවීමේ අසහාය බලයත් උත්තරීතර අයිතයත් යළිත් උන්වහන්සේලා අතට ගත යුතුය.

එසේ නොවෙනවානම් මේ බිමේ සම්බුදු සසුනේත් සිංහල ජාතියෙත් අවසානය අත ළග බව නොකවමනාය... එසේ නොවෙනවානම් සිංහල බෞද්ධ නාමධාරී පාලකයන් කිතුණු පූජකයන්ගේ මුස්ලිම් ලෙබ්බෙලාගේ අනට යට වී බෞද්ධ අයිතිවාසිකම් වලට පා පහර දෙත්දී ඉල්ලීම් දීනා ගැනීම උදෙසා අපේ හාමුදුරුවන් වහන්සේලාට අව් පූටකේ දැවෙමින් හැමදාමත් මහ පාරේ අරගල කරන්නට සිදුවීම නොවැලැක්විය හැකිය. එයින් නොනැවතී තවත් සියක් දහසක් අපේ හිමිවරුන්ට බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් තම වටිනා ජීවිත ගින්නට කැප කරන්නට සිදුවීම නොවැලැක්විය හැකිය.

(ජිනීවා සමුළුවේදී රජයට සහය දෙන බව පෙන්වා බොදු බලවේගට පහරදීමේ කාදිනල් මැල්කම් රංජිත්ගේ කුමන්ත්‍රණය ගැන විකිලීක්ස් ‍රහසය වාර්ථා හෙළිදරව්ව 
- පරිවර්තනය කැළුම් ගමගේ.)

C O N F I D E N T I A L SECTION 01 OF 02 COLOMBO 000929
COLOMBO 00000929 001.2 OF 002
තානාපතිණී PATRICIA A. BUTENIS විසින් සකසන ලද.

1. (C) සාරාංශ - ශ්‍රීලංකා රජයට දැඩි ලෙස බලපෑම් කළහොත් ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාත්‍රන්ත වාදය ආපස්සට ගමන් කල හැකි බව රෝමානු කතෝලික ආර්ච් බිෂොප් රන්ජිත් පැවැසුවේය. ඔහු පෙන්වා දුන්නේ රාජපක්ෂවරු හට ඇති ප්‍රභල මහජන සහයෝගය නොතකා ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බවය. ලංකාවට GSP සහන ලබානොදී ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමෙන් ලංකාව තුළ හමුදාමය හෝ වෙනත් ආකාරයක (රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධයන් ගේ) විප්ලවයක් ඇති විය හැකි බවද ඔහු පැවසීය. තානාපතිණිය ඔහුට පැවසුයේ මෙම කරුණු ඉතා සිත්ගන්නා සුළු සේම ඉදිරියට රජයේ මධ්‍යස්ථ බාවයද පෙන්විය යුතු බවය.

2. (C) තානාපතිනිය හා සැප්තැම්බර් 30 හමුවේදී ආර්ච් බිෂොප් රන්ජිත් විසින් ලංකාවේ මෑතකාලීන දේශපාලන තත්වය හා එහිදී කතෝලික පල්ලියේ කාර්යභාරය පෙන්වා දෙන ලදී. තමා සිංහලයෙක් වුවද බෙදුම් වාදයෙන් හා සිංහල බහුතරයේ දැඩි ජාතිවාදී අසාධාරණයට ලක්වී ඇති දමිළයන් වෙනුවෙන් ඉතා අනුකම්පා සහගත වූ බව ඔහු පැවසීය. 2002 සාම ගිවිසුමේදී පල්ලිය මූලික කාර්යභාරය ඉටු කල බවද ඔහු පැවසීය. යුද්ධයෙන් පසු සරණාගතයන් හා අනෙකුත් ත්‍රස්ත්‍රවාදී සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් පල්ලිය ප්‍රසිද්ධියේ පෙනී සිටි බවද ඔහු පැවසුවේය.

මෙම නිසා තමන්ට සිංහල බෞද්ධයින් ගෙන් මරණ තර්ජන එල්ලවූ බව ඔහු පැවසීය. සිංහල බෞද්ධ නායකයන් ඉතිහාසයේදී කල යුතුව තිබු දෙයක් තමා සිදු කල බවත් මැල්කම් පැවසුවේය.

3. (C) රාජපක්ෂ වරු සහ ඔහුගේ සහෝදරයින් හොඳ වුවත් සිංහල බෞද්ධයින්ගේ දැඩි පීඩනය හමුවේ රාජපක්ෂ වරුන් ජාත්‍යන්තරය මගින් දුර්වල කළහොත් රාජපක්ෂවරුන්ටත් වඩා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන් අතට බලය යා හැකි බවද බිෂොප් පැවසීය. බිෂොප් පැවසුයේ, යම්හෙයකින් ශ්‍රී ලංකා ජනාධි පතිවරයාට යමක් සිදු වුවහොත් (ජ්‍යත්යන්තරයෙන්) ලංකාවේ මීටත් වඩා නරක තත්වයක් ඇතිවිය හැකි බවයි.

4. (C) ඉහත ප්‍රකාශයෙන් පසු යුධ අපරාධ සිදු කිරීමේ චෝදනා ගැන අර්ච් බිෂොප් වරයාගේ අදහස් සෘජු වම මෙසේ පවසන ලදී. " මාගේ අදහසට අනුව දැන්ම යුධ අපරාධ චෝදනා නොනැගිය යුතුය". (පරිවර්ථක :- ඊනියා ප්‍රජාතන්ත්‍ර වාදය ගැන බිෂොප් වරයා ව්‍යාජ ලෙස පවසයි). ඔහු නැවත පෙන්වා දුන්නේ ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බවය. ලංකාවට GSP සහන ලබානොදී ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමෙන් ලංකාව තුළ හමුදාමය හෝ වෙනත් ආකාරයක (රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධයන් ගේ) විප්ලවයක් ඇති විය හැකි බවද ඔහු පැවසීය. ආණ්ඩුවේ මානව හිමිකම් කඩවීම් නොතකා ලංකාවට GSP සහන දිය යුතු යයි තමා පවසන්නේ මේ නිසා බවද බිෂොප් පැවසුවේය.

******** මැල්කම් රන්ජිත් පැවසුවේ තමා මෙම මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි. එනම් මහින්ද රාජපක්ෂ හට බලපෑම් කරන බලවේග (සිංහල බෞද්ධ ) නොසලකා කටයුතු කිරීමට ජනාධි පතිවරයා නම්මා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි. දෙමළ නායකයන් සමග සාකච්චා කල යුතු බව බිෂොප් වරයා විසින් ජනාධිපති වරයාට පවසා ඇත. "" රාජපක්ෂලා ඇවිල්ලා යාවි, නමුත් දමිළයන් හැමදාම මෙහෙ ඉන්නවා" බිෂොප් පැවසුවේය.********

තානාපති සටහන: කැ.ග.

C) )ආර්ච්බිෂොප් රන්ජිත් යනු පාප් තුමාගේ ගෞරවයට පත් හා papal nuncio වශයෙන් ඉන්දුනීසියාවේ කටයුතු කල අයෙකි. සිංහල බෞද්ධ බලවේග ඉදිරියේ වුවද ඔහු ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුද්ගලයෙකි. *** එසේම ඔහුට ජනාධිපතිවරයාගේ කතෝලික ආර්යාව සමග දැඩි හිතවත් කමක් ඇත ***. ජනාධිපති වරයාට සිංහල බෞද්ධයන්ගෙන් දැඩි බලපෑමක් එල්ලවන බව සත්‍යක් වේ. එමනිසා ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බව සැලකිය යුතු කරුණකි.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates