Monday, November 11, 2013
සොබා දහමට අවනත වෙමු. දැය නගන සත්ධර්ම යුද්ධයට කඩුපත මුවහත තබමු.
සොබා දහම යනු අපරිමාන වු ද සංකීර්ණ ක්‍රියාදාමයක් සහිත සජීවි වු විශ්ව පාලකයකි. අපි කියමු පුද්ගලයකුට සොබාදහමේ පවතින ක්‍රියාකාරි දෙයක් කියන්න කියලා. ඹහු මෙසේ කියාවි හිරු නැග ඒමත් බැස යාමත් සොබාදහමේ ක්‍රියාකාරි දෙයක් ලෙස කිවිවා කියලා. ඇත්තටම එම සිදුවිමෙහි ක්‍රියාකාරිත්වය අපි දනි.එනමි සූර්යා එක ලක්ෂයක පවතින බවත් අනෙකුත් ග්‍රහයින් සූර්යා වටා භ්‍රමණය වෙමින් හා පරිභ්‍රමණය වෙමින් පවතින බවයි. එහෙත් අපට එය දැනෙන්නෙ හිරු නැග ඒමත් හා බැසයාමත් හැටියටය.අපට සොබා දහසම යම් යම්සිදුවීම් දැකීමට ලැබුනත් දැනුනත් අප සිත තේරුමි ගනුලබන්නේ යථාර්තයට වඩා දැකීමෙන් ලබාගන්නවු වැරදි අවබෝදයයි.
සොබා දහමේ ප්‍රධාන ක්‍රියාවලිය වන්නෙ ලෙව පාලනය කිරීමයි.එනම් ඇති කිරිම පවත්වා ගැනීම හා අවසානයේ විනාශයත්ය. එය බුදු දහමේ අනිත්‍යතාවයයි. සොබා දහමේ අපරිමාන වු සංකීර්ණ වු ක්‍රියාදාමය එක් පුද්ගලයකු, කාලයාගේ ඇවෑමෙන් යථාර්තය, අවබෝදයෙන් පසක් කොට ගනි. සාමාන්‍ය මනසට ග්‍රහණය නොවු සියලුම ඥාණය පසක් කර ගත් නිසා සර්වඥ ඥාණය ලබා බුද්ධ නම් රාජ්‍යය ඒ උතුම් මිනිසා තමා සතුකර ගනි.ඒ උතුමි මිනිසා පසක් කොටගත් ඥාණය සාමාන්‍ය ජනයාට පරාර්තයෙන් ලබා දෙනු ලබයි.එය බුදුවරයකු විසින් ලොවට ලබා දෙන උතුම්ම දායාදය බුදුදහම වෙයි. පෙර කී සොබා දහමේසංකීර්ණතාවය කැටිකොට බුදුහම නියාම ධර්ම 05කින් දේශනා කරයි. එනම් උතුනියාම, බීජනියාම, කමිමනියාම, ධම්මනියාම, ච්ත්තනියාම ආදි ලෙස විග්‍රහා කරයි.නමුත් බුදුවරයකුගේ විෂය පතය වන්නේ මේ නියාම ධර්ම පහෙන් කීයෙන් කීයද.එය බුදුරජාණන් වහන්සෙ මෙසේ උපමාවකින් දේශනාකරයි.ඇට්ටෙරිය කොළ කිහිපයක් අත්ලට ගෙන මෙය මා දේශනා කළ ධර්ම හා සමාන වේ.නමුත් මා අවබෝද කරගත් ධර්මය මේ මහ ඇට්ටෙරියා වනය හා සමාන වේ.මෙය ඉතා වටිනා ධර්ම කාරණයක් වෙ. එනමි ස්වබාව ධර්මයේ මෙතරමි නියමයන් තිබුනත් ඒවා උන්වහන්සෙ අපට දේශනා නොකළේ ඇයි.
මන්ද මා පෙර සදහන් කළ පරිදි ඒ සංකිර්ණ වු විෂය අප සාමාන්‍ය මනසට ගෝචර නොවන නිසා විය හැකිය. සද පායා ඇති දිනයක අදුරු වළාවන් පසුකර සදු යන සේ අපට පෙනේද යථාර්තය එයමද.මෙවන් සාමාන්‍ය සිදුවීමක්වත් තේරුම් ගැනීමට නොහැකි අපට එතරමි සංකීර්ණ දහමක් දරාගන්නෙ කෙසේද.සාමන්‍ය මිනිසාගේ සිත සුව පිණිස ජීවිතයේ පිළිවෙළ හා ජීවිතයේ අමා රසය සොයා යන මාර්ගයේ ගමන් කිරිමෙදී අනුගමනය කළ යුතු නීති රීති උන්වහන්සෙ පෙන්වාදෙයි.තවද එම නීති රීති අනුගමනය කිරීමෙන් හා අනුගමනය නොකිරීම නිසා සොබා දහම විසින් හොද හෝ නරක ප්‍රතිඵල පුද්ගලයාට ලබාදෙයි.එය කර්මය වේ.කර්මයෙන් මිදීමට පුද්ගලයාටනොහැක. පුද්ගලයා සොබාදහම හා සමිපව දුරාතීතයේ පටන් ගනු දෙනු කළ අතර අදද එය ඒ ආකාරයෙන්ම ගනුදෙනු කරනු ලබයි. සෑම පුද්ගලයකුම සෙබාදහමෙන් යමක් ණයට ගනු ලබයි. එම ණය අප ආපසු පියවිය යුතුය.එතන සහජීවනය දෙපාර්ශවය අතර වර්ධනය වන අතර පුද්ගලයා සොබාදහමට අවංකකම හා අවනත භාවය යන කොන්දේසි වලට යටත් විය යුතුය.නැතිනම් පුද්ගලයාගේ පැවැත්මට හානි දායක වන අතර ක්‍රියාවට ප්‍රතික්‍රියවක් කෙසේ හෝලබාදෙනු ලබයි.මෙය විශ්වයේ නියාම ධර්මයක් වන බුදුදහමේ කර්මයයි.මේ ගැන නොසිතා අන්ධ ගමනක යෙදෙන මිනිසා මෝඩයකි.නැතිනම් ඹහු උන්මන්තකයෙකි. ලොවෙහි යමි දෙයක් හට ගත්තේද එය විනාශයට පත්වන්නේය.එයද නියමයකි.උතුම් වු සමිබුද්ධ කායද සොබාදහමේ නියාමයට යටත්වු සේක.සොබාදහම නියමයන් දැන,ගණු දෙණු කරමින් පාලනය තමා සතු කොට ගත්ද තාවකාලිකවය. පරාර්තය වෙනුවෙන් පාලන බලය ලබා දුන් සොබා දහම, නැවත පවරන ලද බලය තමා වෙත පවරා ගනු ලැබීය. සොබා දහම නැමැති මිතුරා සාමාන්‍ය මිනිසාට ලගාකර දීමට තම ජීවිතය කැපකළ ඒ උතුමා ලොවට උතුම්ම දායාදය ඉතිරිකොට සොබාදහමට මුසු විය.
ඉතින් මෙලොව ඇති වන, ඇති වී නැතිවන සෑම දෙයක්ම සොබා දහමේම නිර්මාණයන්ය. සොබා දහමට එරෙහිව යන කිසිවෙකුගේත් පැවැත්ම තාවකාලික වේ. එහෙයින් අපි සොබා දහමට අවනතව අපේ ඉදිරිමග හැඩගස්වා ගනිමු.
අපගේ උතුම් ජාතිය බිහිසුනු අනාගත අනතුරක් අබියස බව අපි අද හදුනාගෙන සිටිමු. ඒ විසල් අනතුරින් මිදෙන්නට විවිධ අය විවිධ මං සොයති. එහෙත්, සොබා දහමේ නියමයන්ට අනුකූල වූ මහා සද්ධර්ම යුද්ධයක් හැර ඒ අනතුරින් මිදෙන්නට අපට වෙන මගක් වේ ද? බුදු මග අනුගමනය කෙරෙමින් වියැකී යන සිහලකමටත්, සිහල දැයටත් යළිත් පණ පොවන ගමනකට ශක්තියක් වන්නයි මේ සත්ධර්මයේ "කඩුපත" මුවහත තැබෙන්නේ... ඒ දැයට එරෙහි සකලවිධ ක්ලේෂයන්ට එරෙහිවයි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment