Breaking News

Monday, November 11, 2013

සර්වාගමික උන්මත්තකයෝ සෝමාවතියත් කෙළෙසයි.

"ඒ බක් පුන් පොහෝ දිනයයි. බුදුන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කර තැනූ සෝමාවතී චෛත්‍ය රාජයා වැඩ සිටිනා ශුද්ධභූමියේ වෙනදා නොදුටු අමුතු දර්ශනයකි. පුනු පොහෝ දිනයේ පුදබිමේ ගැවසෙන සුදු වතින් සැරසුණු සිය ගණනක් වූ උවැස උවැසියන් අතරේ සුදු හිස් පළදනා සහිත පිරිසක් ඔබ මොබ යනු දක්නට හැකි විය" බොදු සිරිත නොදැන හිස් වැසුම් සහිතව චෛත්‍ය අංගනයේ අශිලාචාරව හැසිරෙන ආගන්තුක පිරිසට අමතරව චෛත්‍යාසන්නයේ නවතා තිබුණු ප්‍රභූ රථ වලින් නිකුත් වුණු කර්ණකටුක වේගරිද්ම සංගීතය පුදබිමේ නිහැඩියාවටත් සිල් සමාදන් වූ උවැස උවසියන්ටත් බාධා කරමින් පුද බිම සිසාර රැව් දෙන්නට විය. වෙනදා සොමාවතියෙන් නික්මෙන් සිල් සුවදත්, සිත් නිවන දර්ශනයත් වෙනුවට හාත්පසම දිස්වූයේ ඝෝෂාකාරී විසූක දස්සනයකි "

මේ ටෙළිකතාවක එක් ජවනිකාවක් නොවේ. පසුගිය බක් පොහෝ දින සෝමාවතිය පුද බිමේ සංවිධානය කර තිබුණු රුක් රෝපණ වැඩසටහන අතරතුරදී ‍පුදබිම දිස් වූ ආකාරයයි. ඒ සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී තිබුණේ බුද්ධාගම වෙනුවට සර්වාගමක් ඇදහීමේ අමුතුම ව්‍යාධියකින් පෙළෙන අගමැතිවරයායි. ඔහුත් සමග මැති ඇමැත්තෝද උන්ගේ සහචරයෝද, බෞද්ධ පුදබිමකදී බෞද්ධයන් වෙනුවට අගමැතිවරයාගේ සර්වාගමික මුස්ලිම් නඩයක්ද සහභාගී කරවාගෙන තිබිණි. සවභාවයෙන්ම බොදු පුද සිරිත් නොදන්නා මුස්ලිම් පිරිස හිස් වැසුම් පැළදගෙන බොදු පුද බිමේ ගෞරවය කෙළෙසමින් අශීලාචාර ලෙස හැසිරෙන ආකාරය දෙස වික්ෂිප්තව බලා සිටි බොදුනුවෝ අනේ අපොයි කියමින් දෙකම්මුල් වල අත් ගසා ගත්හ.

වර්ථමානයේ සිංහල ජාතියටත් ලක් බුදු සසුනටත් එරෙහිව දියත්වන සියක් දහසක් වූ කුමන්ත්‍රණවලින් ප්‍රභලතම කුමන්ත්‍රණයනම් අන් කවරක්වත් නොව, සහජීවනයේ වෙස් ගන්වා වේදිකාගත කර ඇති "සර්වාගමික සහජීවන සංකල්පය" නමැති කුණුහරුපයයි. ඊට අනුව සියළුම ජාතීන්ද, ආගම්ද, ශාස්තෲවරුද, එකය. ජාතික ආගමික හැගීම, අපේකම සහමුලින්ම මොට කරන සර්වාගමික දැලේ පැටළුන අයෙකුට ජාතියකින් හෝ ආගමකින් පළක් නොවේ. වත්මන් පරපුර මත සූක්ෂමව බලෙන් පටවන මේ ඊනියා සංකල්පය එතරම්ම භයානක වන්නේද ඒ නිසාය. ලංකා කතෝලික සභාව හරහා එළි බහින මේ සාහසික කුමන්ත්‍රණයේ ප්‍රධාන කොන්තරාත් කරුවාගේ භූමිකාවට පණ පොවන්නේ බුද්ධශාසන අමාත්‍ය ධූරයත් දරන මහලු අගමැතිවරයා වීම අතිශයින්ම කණගාටුදායකය. අද බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන සියළුම ව්‍යාපෘති මෙන්ම සියළුම බොදු උත්සව අවස්ථා පවා සර්වාගමික ආකාරයට පැවැත්වීමේ අමුතු මානසිකත්වයකින් අගමැතිවරයා කටයුතු කරයි. ඒ හරහා මේ රටේ සිංහලකමත් බෞද්ධ කමත් සාම්ප්‍රධායික සිරිත් විරිත් හා සංස්කෘතියත් අන්‍ය ආගමිකයන් හමුවේ අමු අමුවේ පාවාදීමට කටයුතු කරමින් සිටී. අද වන විට මේ සර්වාගමික මාෆියාව බුද්ධශාසන අමාත්‍යාංශයට පමණක් සීමා නොවී සියළුම රාජ්‍ය ආයතනවලටත් රිංගාගෙන සිංහල බෞද්ධයාගේ ජාතික ආගමික හැගීම කා දමන තරමට ඔඩු දුවා අවසානය. ඒ සදහා ඕනෑ තරම් සාක්ශි අපට පෙන්විය හැකිය.

බුද්ධ ශාසන අමාත්‍යාශයේ මහ පුටුව හොබවන්නාත් සෙසු ඇතැම් නිළධාරීනුත් බුද්ධ ශාසනය වැනසීම සදහා කටයුතු කරන අන්‍යාගමික කොන්ත්‍රාත් කරුවන් බව අපි දැඩිව චෝදනා කරමු. ‍මේ රටේ රාජ්‍ය ආයතන නිළධාරීන්ගේ අත්තනෝමතික කෙරුවාවල් ගැන සියළුදෙනා නිසි අවබෝධයෙන් සිටින බැවින් ඒ ගැන අමුතුවෙන් කිය යුතු වන්නේ නැත. එයිනුත් බුද්ධශාසන අමාත්‍යාංශය නමැති බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ බොදු විරෝධී ආයතනය ප්‍රමුඛ පෙලේ එකකි. එහි සිටින්නේ හොරුන් නොව කම්බා හොරුන්ය. බෞද්ධයන් නොව අන්‍යාගමිකයන්ය. ගන්නා පඩි පතටත් නොසෑහෙන සේ ඔවුන් කරන එකම ක්‍රියාවනම් බුද්ධ ශාසනයේ උන්නතිය පසෙක තබා අවනතියට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාවේ තෙවරක් බුදුන්ට පිදූ සිංහල බෞද්ධයන්ට ඇති එකම භූමිය වුවද අද වන තුරු මේ රටේ රාජ්‍ය ආගම කුමක්දැයි යන්න නිර්වචනය කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කර නැත. ඒ සදහා අමාත්‍යාංශයට අරක්ගත් කාලභක්ෂකයන්ට පිටකොන්දක් නැත. එසේත් නැතිනම් ඔවුන් ඒ තරමටම ශාසනයට වින කරන අන්‍යාගමික බලවේගවලට අවනතව සිටී. නමට පමණක් සීමා වූ බුද්ධ ශාසන අමාත්‍යාංශය නමැති බෝඩ් ලෑල්ලද ගලවා දමා දැන් එය සර්වාගමික අමාත්‍යාංශයක් කර තිබෙන්නේ ඇගමති දී.මු ජයරත්නගේ සර්වාගමික රුදාව සමනය කරගැනීමේ අවශ්‍යතාවය මතය. බුද්ධ ශාසනය මේ රටෙන් අතුගා දැමීම සදහා ක්‍රියාත්මක වන දැවැන්තම කුමන්ත්‍රණය වන "සර්වාගමික සංකල්පයේ" ගිහි නියමුවා වීමේ පාප කර්මයට කර ගසා තිබෙන අගමැතිවරයා ඔහුට පැවරී ඇති බුද්ධාගම රැකීමේ වගකීම කුණු කූඩයට දමා සර්වාගමික බණ දෙසමින් දවසින් දවස සම්බුදු ශාසනය ආගාධයට ඇද දමමින් සිටීම මහත් අභාග්‍යකි. මොහුගේ සර්වාගමික උමතුවේ තරම දැනගැනීමට කළින් බෞද්ධ නටඹුන් භූමියක් වූ අම්බුළුවාව කදු ශිඛරයට කර ඇති සහගහන අපරාධයත්, අන්‍යාගමික පූජකයන් ඉදිරිපිට තබාගෙන් බුද්ධාගමත් අන්‍යාගමුත් ඔක්කොම එකයැයි වහරන හැටියෙනුත් වටහාගත හැකිය.

අද බුදු දහමට, බෞද්ධ ජනතාවට එරෙහිව එල්ල වී ඇති දහසකුත් එකක් අකටයුතුකම් ගැන කියන්නට වගකිව යුත්තෙක් නැත. අද ඕනෑම හොරෙකුට තක්කඩියෙකුට බුදුන්‍ ලෙස පෙනී සිටිමින් බුදු දහමත් විකෘති කර අහිංසක බෞද්ධයන් නොමග යවන්නට හැකිය. ඕනෑම අන්‍යාගමිකයෙකුට වුවත් බුදු දහම විකෘති කර ප්‍රකාශන නිකුත් කළ හැකිය. පොත් ලිවිය හැකිය. ඕනෑම ආක්‍රමණිකයෙකුට ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් අල්ලාගෙන පල්ලි තැනිය හැකිය. එහෙත්... බුදු සසුන රැකීමේ රාජ්‍ය වගකීම හිමිව ඇති බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බලදරුවන් නිදවදිත් දී ඇමතිවරයා සර්වාගමක් කරතබාගෙන නාඩගම් නටති. බොදු සිද්ධස්ථානවලට වැදී සිත් සේ විගඩම් නැටීමටද අන්‍යාගමිකයන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දෙති.

බෞද්ධයන් වශයෙන් අපි ඉවසීම හොදින් ප්‍රගුණ කර ඇත්තෙමු. එහෙත් තව දුරටත් ඉවසීම නම් සියතින්ම ගෙල සිද ගැනීමක් වනු ඇත. දැන්වත් බුද්ධ ශාසන අමාත්‍යාංශයට අරක්ගෙන බුදු සසුන වනසන බහිරව, පිශාච රැළ පන්නා දැමිය යුතුය. සර්වාගමික බණ දෙසන මළ පෙරේතයන්ට පහර දී පන්නා දැමිය යුතුය. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කටයුතු කරන සියළුම අන්‍යාගමිකයන් ඉවත් කර ඒ සදහා බෞද්ධයන් පත් කළ යුතුය.

මේ චෝදනා බුද්ධ ශාසන අමාත්‍යාංයේ කටයුතු සියලුම නිළධාරීන් ගැන නොවේ. වැටුපට පමණක් සීමා නොවී ශාසනික හැගීමෙන් වැඩ කරන නිළධාරීන් ද සැළකිය යුතු ප්‍රමාණක් සිටින බවත්, ඔවුන්ද කටයුතු කරන්නේ අමාත්‍යවරයාගේ සහ ඇතැම් නිළධාරීන්ගේ ශාසනි විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි කළකිරීමෙන් බවත් අපි දනිමු.

අවසානයේ අපි ජාතියේ ආගමේ උන්නතිය වෙනුවෙන් අපමණ වෙහෙසක් දරණ ජාතිමාමක සංවිධානවලින් මෙසේ අසමු. බුද්ධශාසන අමාත්‍යාංශය වටලා බුද්ධාගමටත් ජාතියටත් වින කටින, එහි මුල් පුටුවට අරක්ගත් සර්වාගමික මාන්දම වැළදුණ ජාතිභ්‍රශ්ඨයා කනෙන් ඇද එළියට දැමීමට ඔබලා තවත් ප්‍රමාද වන්නේ ඇයි?

TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.04.27

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates