Breaking News

Friday, November 22, 2013

ආසියානු මානව ඉතිහාසය නව පරිච්ඡේදයක්. ලංකාවේ ඉපැරණිම ජනාවාසය කුරගලින් මතු වේ.

බලංගොඩ කූරගල කෙරෙන පුරාවිද්‍යා කැණීම්වලින් ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගත් විශාලතම ප‍්‍රාග් ඓතිහාසික  මානව ජනාවාස සංකීරණය මතුවෙමින් එන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ  ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම පරිදි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ  සෙනරත් දිසානයක මහතාගේ මෙහෙයවීමෙන් කූරගල ලෙන් සංකීරණයේ පුරාවිද්‍යා කැණීම් ඇරඹීණි. ඊට පෙර  එතෙක්  එහි පැවති අනවසර මුස්ලිම් ආගමික ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් ඉවත් කෙරිණි. කැණීම් සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහයද ලැබී තිබේ.

කැණීම් කර ගෙන යාමේදී ගල් ආයුධ ඇතුළු ප‍්‍රාග් ඓතිහාසික  මානව අවශේෂ රැසක්ම හමුවූ අතර පෙරේදා ප‍්‍රථම වරට එයින් මානව ඇටසැකිල්ලක් ද  හමුවිය. එය ප‍්‍රාග් ඓතිහාසික  යුගයට අයත් බලංගොඩ මානව ඇටසැකිල්ලක් බව මේ වන විට පුරාවිද්‍යා නිලධාරීන් නිලධාරීන් විසින් නිරීක්ෂණය කොට තිබේ. ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දෙන අන්දමට කූරගල ප‍්‍රාග් ඓතිහාසික මානව වාස භූමිය ගල් ලෙන් සහ එළිමහන් ජනාවාස යන අංග දෙකින්ම සමන්විතය. එය ප‍්‍රාග් ඓතිහාසික  මානවයන් (බලංගොඩ මානවයන්) අති විශාල සංඛ්‍යාවක් විසූ ජනාවාස සංකීර්ණයක් බව දැනටමත් පැහැදිලි වෙමින් තිබේ.

කූරගල අවුරුදු 7000කට ආසන්න ඈතකට දිවයන මානව ශිෂ්ඨාචාරයක් සහිත භූමියක් බව මේ අනුව සහතික වී තිබේ. සමනල වැව, හපුතලේ ආදී ප්‍රෙද්ශවලින් හමුවූ යකඩ භාවිත කරන ලද මුල් යුගයේ මානවයින්ගෙන් කොටසක් එම ප්‍රෙද්ශවල සිටින්නට ඇතැයි පශ්චාත් පුරාවිද්‍යාත්මක අංශය විශ්වාසය පලකර සිටී.

කාලයක් තිස්සේ ඉස්ලාම් භක්තියන් පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින ඓතිහාසික කුරගල පුරා විද්‍යා භූමියේ අයිතිය යළිත් තහවුරු කර ගැනීම සදහා කුරගල භාර හිමිවරුන්, විවිධ ජාතික සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බෞද්ධයන් ගත් උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස මේ වන විට එම අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස අධිකරණය විසින් ද තීන්දු කර තිබේ. ඒ සම්බන්ධයෙන් රජයද යම් තරමකින් මැදිහත් වූ අතර ගරු ආරක්ෂක ලේකම් තුමාද කුරගල පුද බිමේ නිරීක්ෂණ චාරිකාවක යෙදිනි. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයා කියා තිබුණෙ අරුම පුදුම කතාවකි. පුදබිමට අයත් භූමි භාගයේ පිහිටි අනවසර ඉදිකිරීම් ඉවත් කළත් එහි ඉදිකරගෙන ඇති මුස්ලිම් පල්ලිය ඉවත් නොකරන බවත්, ඒ ආගමික සහජීවනය තහවුරු කරවීම සදහා බවත් ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.

අධිකරණ නියෝගයක් ලැබී තිබියදී පවා මෙම ස්ථානයේ තව දුරටත් අන්‍යාගමික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට ඉඩ කඩ සැලසීමෙන් සිදුවන්නේ අනාගතයේ මහා ආගමික කෝලාහලයකට මග පෑදීම බව බලධාරීන්ගේ හීන බුද්ධියට නොවැටහීම කණගාටුවට කරුණකි. ඉස්ලාම් ආගමික දෘෂ්ඨියට අනුව සත්ව හිංසනය වරදක් ලෙස නොසැළකේ. ඉස්ලාමික ආගමික වතාවත් අනුව සත්ව ඝාතන සිදු කරන්නේ පල්ලිය භූමියේයි. කුරගල බලහත්කාරයෙන් පැලපදියම්ව ඇති "දෆ්තාර් ජයිලානි" ඉස්ලාමීය ආගමික නිකායට අනුව වසරකට කිහිප වතාවක් මහා සත්ව බිළි පූජාවක් පවත්වා සත්ව ලෙයින් පල්ලි භූමිය සෝදාහරිනු ලබයි. බෞද්ධයන්ගේ උරුම ශුද්ධ භූමියක් තුල බෞද්ධයන් පිළිකුල් කරන එවැනි සාහාසික හිංසනයක් තව දුරටත් සිදු වීමට ඉඩහැරීම බෞද්ධයන් කොතෙක් දුරට ඉවසාවී දැයි බලධරයන් සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කර බැලිය යුතුය. බෞද්ධ උරුමය හා ආගමික පරිසරය ‍මේ ආකාරයට කෙළෙසන්නේ "සහජීවනය" වැනි ආලවට්ටම්වලට මුවාවීගෙන නම් ඒ සහජීවනයෙන් සිංහල බෞද්දයන්ට පළක් නැත. සෑබෑ ලෙසම ආගමික සහජීවනය ඇති වන්නේ බෞද්ධ පුරාවස්තු සහ ආගමික පරිසරය කෙළෙසන්නට අන්‍යාගමිකයන්ට ඉඩ හැරීමෙන් නොව අනෝන්‍ය අවබෝධය හා එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරු කිරීමෙන් පමණක්ම වන බව අවස්ථාවාදී බලධාරීන් අවබෝධ කර ගත යුතුවේ.

කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන් නම්, දැනට දඹුළු පුදබිමේ අනවසරයෙන් ඉදිකරගෙන ඇති පල්ලියද තව වසර කිහිපයක ඇවෑමෙන් වසර ගණනාවක් තිස්සේ එළුවන්, හරකුන් කැපූ බැවින්ද, සුළු ජාතිකයන්ගේ සිත් නොරිදවිය හැකි බැවින්ද, සුළු ජාතිකයන්ගේ ඡන්දය නොලැබේ යැයි බියෙන්ද ඉවත් නොකෙරෙනු ඇත. ඒ වන විට බහුතරයක් සිංහලයන්ටත්, විශේෂයින්ම අන්තිම සිංහල පාලකයින්ටත් ආගම, ජාතිය හෝ ශ්‍රෙෂ්ඨ ඉතිහාසය ගැන හැගීමක් නැති බැවින් දඹුළු විහාරය ද පල්ලියටම පවරා දෙනු ඇත. එදාට සුළුතරයක් වූ සිංහලයන් අතරින් අද මෙන් දැය සමය වෙනුවෙන් හඩ නැගීමට සුළු පිරිසක් හෝ ඉතිරි නොවනු ඇත. ශ්‍රේෂ්ඨ ජාතියක ඉරණම විසදෙන්නේ මේ ආකාරයෙන්ද?

බලධරයිනි. නුඹලා රිදී බන්දේසියේ තබා අන්‍යාගමික අන්තවාදීන්ට පුදන්නේ සිංහලයා සතු මෙවන් අසමසම උරුමයක් ද?

කුරගල මුස්ලිම් ආක්‍රමණය

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates