Breaking News

Thursday, November 21, 2013

සිංහල කතුන් වද කරන කුමන්ත්‍රණය හෙළි වෙයි.

අල කන්ටේනරයක් තුළ සගවා ගබ්සා එන්නත් කුප්පි තිස්දහසක් පමණ පාකිස්තානු ජාතිකයෙකු විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාගේ අවශ්‍යතාවටද යන්න සහ එය පිටුපස සිටින පුද්ගලයින් රටට හෙළි කරන්නැයි කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිති. ඒ සදහා පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම රජයේ යුතුකම බවද පෙන්වා දෙන උන් වහන්සේ සිංහල කාන්තාවන් වදභාවයට පත්කිරීම සදහා රහස් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන බවට රට පුරා ආන්දෝලනයක් පවතින බව සදහන් කරති.

මෙතරම් විශාල ගබ්සා එන්නත් කුප්පි තොගයක් මෙසේ අසුවීම තුළින් එම ආන්දෝලනය සනාථ වන බවද වැඩිදුරටත් පවසන උන් වහන්සේ මේවා ගෙන්වූ වගකිවයුත්තන් හෙළි කළ යුතුව ඇතැයිද අවධාරණය කරති.

70 දශකයේ අග භාගයේදී විජාතික රාජ්‍ය නොවන සංවිධාන හරහා දියත් කරන ලද රජයේ ජනගහන පාලන ප්‍රතිපත්තිය හරහා සමාජගත කරන ලද "පුංචි පවුල රත්තරන්" වැනි තිර්ශ්චීන සංකල්ප හරහා ඉවක් බවක් නැතිව දියත් වූ වන්ධ්‍යාකරණ හා උපත්පාලන ක්‍රියාවලිය හරහා සිංහල ජාතිය අද භයානක ආගාධයක් ඉදිරියට පමුණවා තිබේ.

වසර 30ක කෙටි අතීතය දෙස නැවත හැරී බැලීමේදී මනාව තහවුරු වන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව දියත් වූ මේ නින්දිත වූ ජනගහන පාලනයට හසු වී ජාතිය වදකරගත්තේ සිංහල ජාතිය පමණක් බවයි. මේ බිහිසුණු වූ සිංහල ජන සංහාරය සදහා භාවිතා කරන ලද ප්‍රබලතම අවිය වූයේ මේ වන විට මුස්ලිම් ජාතිකයන් විසින් මෙරටට ආනයනය කරන Depo Provera නම් වූ උපත් පාලන එන්නතයි. පසුගිය දා රේගුවේදී අත්අඩංගුවට පත් වූයේ ද මේ වර්ගයේ එන්නත් තොගයකි. එන්නත් නික්ශේපනය හරහා ජාතිය වදකර කුමන්ත්‍රණය පිළිබද මූලික අවබෝධයක් ලබා ගැනීම සදහා පහත ලිපියට පි‍විසෙන්න. ජාතියට එරෙහිව දියත් වන මේ සාහාසික සංහාරයට එරෙහිව තවත් කල් නොයවා ජාතික මතවාදයක් ගොඩ නැගීමේ අවස්ථාව දැන් එළැබ තිබේ. සිංහලයින් ඔබේ යුතුකම ඉටු කරන්න.

ජාතිය නසන්න පාකිස්ථානයෙන් වද බෙහෙත්



No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates